Watch Trailer

The Outpost (2018-) [S04 : E09] Sinhala Subtitles | අමරණීයත්වයේ මිල [සිංහල උපසිරසි]

– උන් දෙවිවරු නෙවෙයි, ඒ වගේම මගේ කිනිජ් මාව උන්ගෙ බලයන් වලින් නිදහස් කරනවා. – ඔයාට කින්ජ් කෙනෙක් නෑ, ඒ නිසා මේකෙන් අයින් වෙලා ඉන්න. – ඔය යතුර ජැන්සෝ ළඟට අරගෙන ගිහින් ඒක විනාශ කරන්න! – ඔය ස්කෙවිකෝර් යතුර. – ඒක අර යතුර. – ඒක කතා කරනවා. – ඔයා ඒක කියන හැම දෙයක්ම ලියනව කියලා […]

– උන් දෙවිවරු නෙවෙයි, ඒ වගේම මගේ කිනිජ් මාව උන්ගෙ බලයන් වලින් නිදහස් කරනවා.

– ඔයාට කින්ජ් කෙනෙක් නෑ, ඒ නිසා මේකෙන් අයින් වෙලා ඉන්න.

– ඔය යතුර ජැන්සෝ ළඟට අරගෙන ගිහින් ඒක විනාශ කරන්න!

– ඔය ස්කෙවිකෝර් යතුර.

– ඒක අර යතුර.
– ඒක කතා කරනවා.

– ඔයා ඒක කියන හැම දෙයක්ම ලියනව කියලා ඔයාට විශ්වාසද?

– ඒ හත් දෙනාගෙ නම්-

– ඔබ අප වෙත එන තුරු, ඇය ඔබට අහිමි වෙන තුරු අපි ඇයට වධ දෙනවා.

– යන්න, යන්න!
– ටොබින්!
– දුවන්න!

– දැන් ආපහු ගාලට එන්න ඔබේ වාරය, ගෝලු.

ගිය සතියෙ වගේම අදත් උපසිරැසිය දෙන්න දවසක් පරක්කු වුණා. තවමත් සුව වෙමින් ඉන්න නිසා රෑට නිදි මරාගෙන ටයිප් කරන්න අමාරුයි. මට ඉක්මනට සනීප වෙන්න කියලා සුබ පතපු හැමෝටම බොහොම ස්තූතියි. දැන් නම් ගිය සතියෙ ඉරිදට වඩා ලොකු පහසුවක් දැනෙනවා. රසයි සුවඳයි නම් තවමත් දැනෙන්නෙ නෑ.

දෙවිවරු කියන අය ටැලොන්ව හිර කරගත්තට පස්සෙ ටොබින් ටැලොන් බේරගන්න යනවා. ටැලොන්ව බේරගත්තත් ටොබින්ට පැනගන්න බැරි වෙනවා. අර කළු කින්ජ් තියෙන කෙනා ටොබින්ව අල්ලගත්තට පස්සෙ ෆාලිස්ටාට සිද්ධ වුණු විදිහටම ටොබිනුත් අළු බවට පත් වෙනවා. ටොබින්ගෙ කතාවත් එතනින් ඉවරයි. කියන දේ අහන්නෙ නැති ෆාලිස්ටා වගේ බිරිඳක් නිසා සිද්ධ වෙච්ච දේ තමයි.

ටොබින්ගෙ කින්ජ්ගෙ උදව්වෙන් තවත් “දෙවියෙක්” අවදි වෙනවා. දැන් දෙවිවරු පස් දෙනෙක් නැගිටලා ඉවරයි. තව නැගිට්ටවන්න ඉන්නෙ දෙන්නෙක් විතරයි. ටැලොන් සහ සෙඩ් දෙන්නගෙ කින්ජ්ලා විතරයි දැන් ඒකට අඩු. ඒ අතරෙ ජැන්සෝ 3-1-3ට කන්න බොන්න දිදී තියාගෙන ඉන්නවා. 3-1-3 කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියලා කවුරුවත් දන්නෙ නැති වුණත් ජැන්සෝ කියන්නෙ එයාගෙන් කරදරයක් වෙන්නෙ නෑ කියලා. ස්පියර්ස් පොඩි සද්දයක් දාන නිසා යන්තම් 3-1-3ව හිර කරලා තියන්න පුළුවන් වෙනවා. ඒත් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන ඉන්න එක හොඳ වැඩක් නෙවෙයි කියලා කට්ටියට පස්සෙ තේරෙයි නේද?

හරි, එහෙමනම් මේ උපසිරැසියත් බාගෙන බලන්න. තව තියෙන්නෙ කොටස් 4ක් විතරයි. මම ඊළඟ කොටසත් අරගෙන ලබන සතියෙ එන්නම්….

කවුරුත් පරිස්සම් වෙන්න. බුදු සරණයි!! දෙවි පිහිටයි!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,826 downloadsDownload The-Outpost-2018-S04-E09.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,826 downloadsDownload Subtitles29 KB

10 comments

  1. Anonymous

    Get well soon.

  2. Anonymous

    Kathamalawama sathi kipayakin beluwa.lassana ekak.thank u very much!get well soon

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  4. prasanga

    thanks....

  5. Alzin Mazrtr

    Lucifer eke sub danna amathaka welada -_-

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. sasindu

    Ilaga ekath ikmanatama damu machan

  8. Lahiru Lakshan

    thanks machn

  9. Anonymous

    get well soon

  10. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.