කොහොමද ඉතිං යාලුවනේ? ඔන්න මේ පාර මම ඇවිත් ඉන්නෙ Warner Bross Animations ආයතනය විසින් නිර්මාණය කරන ලද නවතම ස්කූබි ඩූ රූපවාහිනී කතාමාලාවෙ ප්‍රථම කතාව අරගෙන. ඒවගේම ස්තූති කරන්න ඕනෙ මට මේ කතාව අරගන්න උදව් කරපු තිසර අයියට. හරි දැන් කතාව ගැන සඳහන් කලොත් මේ කතාමාලාවෙ ස්වරූපය ටිකක් Scooby-Doo Where are you…

කොහොමද ඉතිං යාලුවනේ? ඔන්න මේ පාර මම ඇවිත් ඉන්නෙ Warner Bross Animations ආයතනය විසින් නිර්මාණය කරන ලද නවතම ස්කූබි ඩූ රූපවාහිනී කතාමාලාවෙ ප්‍රථම කතාව අරගෙන. ඒවගේම ස්තූති කරන්න ඕනෙ මට මේ කතාව අරගන්න උදව් කරපු තිසර අයියට.
හරි දැන් කතාව ගැන සඳහන් කලොත් මේ කතාමාලාවෙ ස්වරූපය ටිකක් Scooby-Doo Where are you? (1969) කියන කතාවට සමානයි. ඒ කියන්නෙ තේමා එහෙම ටිකක් පරණ කතාවෙ වගේ. හැබැයි අනිත් ස්කුබි ඩූ කතාවලට වැඩිය පොඩි අලුත් වෙනසකුත් තියෙනවා. මොකද මේකෙ හැම කතාවකම ප්‍රසිද්ධ චරිතයක් ඇතුලත් වෙනවා. ඒ කියන්නෙ ස්කුබි ඩූ එකෙ අපි හැමෝම දන්න ප්‍රධාන චරිත වන ස්කූබි ඩූ, ෂැගී රොජර්ස්, ෆ්‍රෙඩ් ජෝන්ස්, ඩැෆ්නි බ්ලේක් සහ වෙල්මා ඩින්ක්ලී ට අමතරව තවත් එක් ප්‍රධාන චරිතයක් අන්තර්ගත වෙනවා. ගොඩක් දුරට එලෙස ඇතුලත් වෙන චරිත වෙන්නෙ සමාජයේ ගොඩක් ජනප්‍රිය පුදගලයන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ක්‍රීඩකයො, ප්‍රකට රංගන ශිල්පීන්, ගායකගායිකාවන්, සුපිරි වීරයො (DC Heros) වගේ අය. හැබැයි ඒ චරිතය ස්ථාවර නෑ. ඒ කියන්නෙ ඒ චරිතය කතාවෙන් කතාවට වෙනස් වෙනවා.
මේ කතාවෙ ඒ විදිහට ඉන්න චරිතය වෙන්නෙ සුප්‍රසිද්ධ ඇමරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩක ක්‍රිස් පෝල්. මෙයා 2005 වසරෙ සිට පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ වගේම මේ වෙනකොට මෙයාගෙ වයස අවුරුදු 34ක්. මෙයා ක්‍රීඩා කරන්නෙ ඔකහෝමා සිටි තන්ඩර් (Oklahoma City Thunder) කියන පැසිපන්දු කණ්ඩායමට. ඉතින් මේ කතාවට මෙයා සම්බන්ධ වෙන්නෙ ෂැගී හරහා. කවුරුවත් දැනගෙන හිටියෙ නැති උනාට මෙයා ෂැගීගෙ හොඳම යාලුවෙක්. ඉතින් එයා ෂැගීගෙන් ඉල්ලීමක් කරනවා ගොල්ෆ් තරඟාවලියක් සඳහා උදව් කරන්න එන්න කියලා. ඉතින් මෙයාලා එහෙ යන්කොට සුපුරුදු පරිදි හොල්මනක් වැඩ පටන් අරන්. ඉතින් මෙයාලා ගොල්ෆ් තරඟාවලිය බලපෑමක් නොවෙන විදිහට විසඳන්න ගන්නා උත්සාහය තමා මේකේ තියෙන්නෙ.
මේ කතාමාලාව imdb දර්ශකයේ 7.4 වගේ අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම හඬකැවීම් ශිල්පීන්ගෙත් වෙනසක් වෙලා කියලා පේන්න නෑ. ස්කූබි ඩූ සහ ෆ්‍රෙඩ් ජෝන්ස් යන චරිත වලට Frank Welker ත්, වෙල්මා ඩින්ක්ලි ලෙස Kate Micucci ත්, Matthew Lillard ෂැගී රොජර්ස් ලෙසත් සහ Grey Griffin ඩැෆ්නි බ්ලෙක් ලෙසත් කටහඬ හැසිරවීමෙන් දායක වෙනවා. ඒ වගේම මේ කතාමාලාවෙ කතා දහතුනක් ඇතුලත් වෙනවා. ඉතින් මම ආයි ඔයාලව හමුවෙන්න එන්නෙ මේ කතාමාලාවෙ ඊලඟ කොටස අරගෙන. ඒ වෙනකන් ඔයාලා හැමෝටම “තෙරුවන් සරණයි”කියලා මම දැනට නවතින්නම්…
සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,290 downloadsDownload Scooby.Doo_.And_.Guess_.Who_.S01E01.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
27 comments
lucifer
Vihanga Piyumal
Baiscopedownloads.co වෙබ් අඩවියෙන් බාගන්න සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Shehan Madhusanka
niyamai kollo okkoma denna bro
000012
මාත් බලන් හිටියෙ සබ් දානකම් බං, තෑම්ස්බන් මෙහෙම කරනවට, දිගටම කරහං, උබ වෙනුවෙන් ,උබ මේ කරන වැඩේවෙනුවෙන් හෙන සෙට් එකක් බලං ඉන්නවා,
Chathux Bro
Ayth pdkl mthk krhtthaki, ptt yhnx bro sub 1t
Tsandesh
Thanks bro sub walata. Ada election dawase balanna supiriyak. Mama season 1 complete wuna gaman download kara passse December holidays wala balanna. Mama hituwe naha sinhala subtitles dei kiyala.
Request
-------
The new Scooby Doo movies (1972 to 1973)
____
puluwan nam mekatath subtitles Denna
:::
December wenakan ine natuwa adama balanawa sinhala subtitles tiyana handa.
Ella
PattaRemain episode walalta ikmanata sub Denna
Thnnxxx keep up good workrockz2020
අලේ....ස්කුබි ඩුබි ඩුබි විහඟ!
බොහොම ස්තූතියි සහෝ✌පුළුවන්නම් මේවත් පොඩ්ඩක් බලන්න බ්‍රෝ✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Scooby-Doo! Mystery Incorporated (2010–2013)
The Dark Crystal: Age of Resistance (2019)Vihanga Piyumal
Mystery Incorporated සීරීස් එකනම් හොඳයි සහෝ. මම ඒක ඉවරවෙනකම්ම බැලුවා. තවත් අලුත් ස්කූබි ඩූ ටිකක් මේ දවස් වල කරනගමන් ඉන්නෙ. ඒක ඉවරවුනාම දෙන්නම්.
BroNaveen
aiye scooby doo podi kaale e series eka nadda....
rockz2020
එලම සහෝ.✌
ඒක තමයි Mystery Incorporated එක quality වගේ පේනවා
දෙන්න පුළුවන්නම් වටිනවා.✌
reply කරාට thanks සහෝ ජය වේවා! ✌☺Vihanga Piyumal
ඔයා ඔය කියන්නෙ A Pup Named Scooby-Doo කියන සීරීස් එක සහෝ. ඒක 1988 එකක් නිසා හොඳ ඇක්ටිව් ටොරෙන්ට් එකක් හොයාගන්න අමාරුයි. කෝකටත් ඔයත් ටිකක් හොයලා බලන්නකො.
sacheee35
ස්කූබිඩූ series එකක් බලන්න පට්ට ආසාවෙන් හිටියෙ.....ගොඩක් ස්තූතියි උපසිරැසි වලට
Chamindalakruwan
ස්තුති සබ් එකට
Nilush Angana
Sub ekata thanx
BroNaveen
Sub eka wenuwen thanks Aiyee
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා!Kushan Charuka
Thank u විහග පියුමාල් සො ... නියම වැඩක්... අපි එක එක නාලිකාවල Facebook ගිණුම් වලින් ඉල්ලීම් කරත් ලැබුනෙ නැති වෙලාවෙ ේ විදියට අපිට Scooby doo කාටූන් කතා මලාවට සබ් දුන්නට ොඩක් ස්තූතියි...
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමෙන් තව ඉල්ලීමක් කරනවා... හැකිනම් තියෙනවනං Young Sheldon කතා මාලාවට උපසිරැසි ලබාදෙන ලෙස...
buddhi
tnks saho sub ekata
supun priyanath
Elaaa
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Udara Damith Dissanayaka
elaaaaaaaaaa
indika75
thanks..
Sanjeewa2010
Thnxxxxxxx
Sandarunimsara
Sub ekata tnx bro
Eranga Sandaruwan
උප සිරැසි ඔක්කෝටම බෝම ස්තූතියි..
ජයින් ජයම වේවා..අග ඉඳන් මුලට ඔක්කොම සබ් ටික ඩවුන්ලෝඩ් කරන් ආවා..
මේකට විතරයි කමෙන්ට් කලේ//
අවුලක් නැ නේ..අවුලක් තිබ්බත් කරන්න දෙයක් නැ ඉතින්..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


supuriyak bro thx download link ekath dando ikmantama