කොහොමද යාලුවනේ! අද අරන් ආවෙ Scooby-Doo and Guess Who! සීරීස් එකේ දෙවන දිගහැරුම. අද කතාව ගෙතෙන්නෙ සිවිල් යුද්ධ වකවානුවෙ සිදුවූ සිදුවීමක් වටා. මේකෙ අබිරහස් විසඳන කණ්ඩායම් දෙකක් සෙට් වෙනවා. ඒ මිස්ටරි ඉන්කෝර්පරේටඩ් (Mystery Incorporated) සහ ෆන්කි ෆැන්ටම් කෲව් (Funky Phantom Crew) කියන කණ්ඩායම් දෙක. මිස…

කොහොමද යාලුවනේ! අද අරන් ආවෙ Scooby-Doo and Guess Who! සීරීස් එකේ දෙවන දිගහැරුම. අද කතාව ගෙතෙන්නෙ සිවිල් යුද්ධ වකවානුවෙ සිදුවූ සිදුවීමක් වටා. මේකෙ අබිරහස් විසඳන කණ්ඩායම් දෙකක් සෙට් වෙනවා. ඒ මිස්ටරි ඉන්කෝර්පරේටඩ් (Mystery Incorporated) සහ ෆන්කි ෆැන්ටම් කෲව් (Funky Phantom Crew) කියන කණ්ඩායම් දෙක. මිස්ටරි ඉන්කෝර්පරේටඩ් කියන්නෙ අපි හැමෝම දන්න ස්කූබි-ඩූ සෙට් එක. ෆන්කි ෆැන්ටම් කෲව් කියන්නෙ වෙන කට්ටියක්. ඒ කට්ටිය ඉන්නෙ The Funky Phantom(1971) කියන කාටුන් සීරීස් එකේ. මේදෙගොල්ලො තරඟෙට මේ සිවිල් යුද්ධෙ අබිරහස විසඳන්න යන එක තමා මේ කතාවෙ තියෙන්නෙ. ඒවගේම මේකෙ අන්තිමටම Speed Buggy(1973) කියන කාටුන් සිරිස් එකේ අයත් එකතුවෙනවා. ඒ හැබැයි අන්තිම මිනිත්තු කිහිපයට විතරයි. මේ කතාව බලන්න යන්න කලින් හැමෝම දැනගෙන ඉන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා.ඒ ටිකත් මේ විදිහට මම කෙටියෙන් ඉදිරිපත් කලා
ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln)
එබ්‍රහම් ලින්කන් කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ 16වන ජනාධිපතිවරයා. මෙයා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වශයෙන් පත්වෙන්නෙ 1861දී. මේ කාලෙදිම තමා ඇමෙරිකාවෙ සිවිල් යුද්ධයත් ආරම්භ වෙන්නෙ.
සිවිල් යුද්ධය (Civil War)
මේ කැප්ටන් ඇමෙරිකා එකේ Civil War එකනම් නෙමෙයි. මේ සිවිල් යුද්ධය ආරම්භ වෙන්නෙ 1861දී. ඒ කියන්නෙ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති සමයෙදී. මේක ඇතිවෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු දිග ජනපද හා දකුණුදිග ජනපද අතර. දකුණුදිග ජනපද 11ක් ඒකාබද්ධ ජනපදය ලෙස සංවිධානයක් හදාගෙන මේ යුද්ධයට එක් වෙනවා. මේක තමා ඇමෙරිකානු ඉතිහාසයේ 10වන දිගුම යුද්ධය බවට පත්වෙන්නෙ. මේක වර්ෂ 4ක් පුරාවටම පැවතුනා.මේක 1865 වර්ෂයේදී නිමාවට පත්වෙනවා. ඒ එකාබද්ධ ජනපදයේ අවසාන මේජර් වරයා වන රොබර්ට්.ඊ.ලී (Robert.E.Lee)ගෙ යටත් වීමත් සමග. ඉන් පසුව දකුණුදිග ජනපද 11 ඒකාබද්ධ ජනපදයෙන් ඉවත් ව නැවත එක්සත් ජනපදයට එකතුවෙනවා.
හැමිල්ටන් සහ බර් (Hamilton & Burr)
වීහැවන්, නිව් ජර්සි වල උප ජනාධිපති ආරොන් බර් සහ රාජ්‍ය භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් කියන දෙන්නා තමයි මේ හැමිල්ටන් සහ බර් ලෙස හඳුන්වන්නෙ. මුන් දෙන්නත් මාර කොකුකාරයො දෙන්නෙක්. මේ දෙන්නගෙ කතාව ඉවර වෙන්නෙ අන්තිමට එකෙක් ජීවිතක්ෂයට පත් වෙලා. ඒක වෙන්නෙ උප ජනපති ආරොන් බර් , හැමිල්ටන් කියන හිටපු භාණ්ඩාගාරයේ ලේකම් වරයාට වෙඩි තියලා තියෙනවා, ඒ හැමිල්ටන් එතැන තිබුනු ගහක බර්ගෙ හිසට හරියටම ඉහලින් තිබුනු අත්තට වෙඩි තියමින් ඉන්නා අතරවාරයේදීයි. බර්ගෙ වෙඩි පහර වැදුනු හැමිල්ටන්ව, විලියම් බේයාර්ඩ් ජූනියර් කියන තැනැත්තා විසින් සිය නිවසට ඔසවාගෙන ගිහින් ප්‍රතිකාර කරලා තියෙනවා. නමුත් පසුවදා උදෑසන ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
හරි ඔන්න දැන් පුලුවන් කතාව බලන්න පටන් ගන්න.
එහෙනම් ඉතින් ඉක්මනටම ඊලඟ දිගහැරුමත් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා. ඔයාලට සුභ දවසක්..
ජය වේවා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,699 downloadsDownload Scooby-Doo-and-Guess-Who-S01-E02.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
21 comments
Hashan M. Priyadarshana
Stranger
download karana bane
Stranger
thanks
sacheee35
උපසිරැසි වලට ස්තූතියි....කෝ උපසිරැසි
Chämàrá Sâmpáth
උපසිරැසියෙ තිබු දෝෂය නිරාකරණය කර ඇත.
Stranger
the mandalorian series ekata sub dena puluvanada?
sacheee35
උපසිරැසි වලට ස්තූතියි.......සුපිරි
rockz2020
බොහොම ස්තූතියි සහෝ✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුළුවන්නම් මේවටත් sub දෙන්න සහෝ.✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Scooby-Doo! Mystery Incorporated (2010–2013)
The Dark Crystal: Age of Resistance (2019)rockz2020
අහ් Scooby-Doo! Mystery Incorporated
ඉල්ලලා තිබුන එකට reply කරලා නේද.
reply කරාට thanks සහෝ ජය වේවා! ❤lakmal
sub ekata thanks bro......scooby-doo mystery incorporated ekatath sub eka denavada plzzz....
Ishan Madusha
ස්තූතියි සහෝ
Shehan Madhusanka
thnxxx bro
Supunkb
හම්බෝ සුපුරි බ්‍රෝ... තෑන්ක්ස් සබට
Tsandesh
Thnx bro sub walata. Kalin ep eke sub eke supiriyata Tiba
Lipiya saha wisthara walata godak thnx
Remain ep walata ikmanata onaRequest
#The new Scooby Doo moviesPlzz mekeata puluwan nam sub denna
Tsandesh
The new Scooby Doo movies (1972-1973)
Plzz sub Denna
Good video available in kisscartoon website
Can direct download using idm
Pup named Scooby also available
thathsaragayan
Thank bro Sub Ekata
supun priyanath
Elaaa
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Udara Damith Dissanayaka
buhaaaaaaaaaaaaaa
Sandarunimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



thankss bro sub ekata.. eth download button eka no :(