Watch Trailer

Scooby-Doo and Guess Who? [S01 : E03] Sinhala Subtitles | පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතිං හැමෝටම. සුපුරුදු පරිදි අද ආවෙ Scooby-Doo And Guess Who! කතාමාලාවෙ තෙවෙනි කොටසත් අරගෙන. ඒ හින්දා මං වෙන වැඩි කතා නැතිව මේ කතවට බහින්නම්. අද කතාව දුවන්නෙ සුරතල් සතුන් වෙලඳ සැලක් වටේ. අද මේකෙ විශේෂ දිනයක්. ඒ කියන්නෙ සුරතල් සතුන් විකුණනවා හරියට ප්‍රදර්ශනයක වගේ දාලා. මේකේ හිමිකරු වෙන්නෙ පීබල…

කොහොමද ඉතිං හැමෝටම. සුපුරුදු පරිදි අද ආවෙ Scooby-Doo And Guess Who! කතාමාලාවෙ තෙවෙනි කොටසත් අරගෙන. ඒ හින්දා මං වෙන වැඩි කතා නැතිව මේ කතවට බහින්නම්. අද කතාව දුවන්නෙ සුරතල් සතුන් වෙලඳ සැලක් වටේ. අද මේකෙ විශේෂ දිනයක්. ඒ කියන්නෙ සුරතල් සතුන් විකුණනවා හරියට ප්‍රදර්ශනයක වගේ දාලා. මේකේ හිමිකරු වෙන්නෙ පීබල්ස් කියලා කොට හාදයෙක්. ඉතිං මෙයාලා සුරතල් සතුන් කූඩුවලින් එළියට ගන්නකොට එක පූස් පැටියෙක් කුඩුවෙන් පැනලා ගිහින් කියලා අහුවෙනවා. ඉතින් මේකෙ හිමිකරුයි, තව වැන්ඩා සයිකිස් කියන කෙනයි මේ පූස් පැටියා හොයන්න යන අතරවාරයේදී තමා සුපුරුදු ලෙස හොල්මනක් පාත්වෙන්නෙ. මේක සුරතල් සතුන් අලෙවිකරන තැනක් උනාට මේක ටිකක් ලොකු ගොඩනැගිල්ලක්. සතුනට ඕනෙ කෑම, බෙහෙත් වගේ දේවලුත් මේකේ තියෙනවා. මං හිතන්නෙ මං මේකට ස්කූබි ඩූ සම්බන්ද වෙන විදිහත් දැන් කිව්වා. කෑම…… මෙයාගෙ ප්‍රියතම කෑමනෙ ස්කූබි විස්කෝතු. ඉතින් මෙයාලා ස්කූබි විස්කෝතු ගන්න කියලා හිතාගෙන තමා මෙතන වාහනේ නවත්තන්නෙ. ඉතින් ඊට පස්සෙ වෙන දේ හිතාගන්න පුලුවන්නේ. මෙයාලටත් හොල්මනක් පේන්න බෑනේ…  ඉතිං එහෙම තමා අද කතාව ගලාගෙන යන්නෙ.

මේ කතාවෙ ඉන්න විශේෂ චරිතය තමා වැන්ඩා සයික්ස් කියන්නෙ.

වැන්ඩා සයික්ස්
වැන්ඩා සයික්ස් කියන්නෙ ඇමරිකානු ජාතික රංගන ශිල්පිනියක්. ඇය කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂඨ වෙන්නෙ The Chriss Rock Show කියන කතාමාලාවෙ රචකයා ලෙසින්. ඇයට ඒ සඳහා Primetime Emmy සම්මානයත් හිමිවෙලා තියෙනවා 1999 දී. ඉතිං මේ The Chriss Rock Show කතාමාලාවට imdb අගය 6.7කුත් TV.com දර්ශකයේ 7.3කුත් විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ වගේම 2004 දී සසික්ස්ව ඇමෙරිකාවේ විනෝදාත්මකම පුද්ගලන 25 දෙනා ඇතුලටත් ඇතුලත් කරලා තියෙනවා.

හරි එහෙනම්. ඊලඟ කතාවෙන් මම ආයිත් ඔයාලා හමුවට එන්නම්..

සුභ දවසක්. ඔයාලට ජය වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,410 downloadsDownload Scooby.Doo_.and_.Guess_.Who_.S01E03.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

විහඟ පියුමාල්

Subtitles

2,410 downloadsDownload Subtitles55 KB

15 comments

  1. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි....සුපිරි

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..

  3. Ishan Madusha

    ස්තූතියි උපසිරැසියට

  4. rockz2020

    බොහොම ස්තූතියි සහෝ! ❤
    ඒ වගේම Scoob! (2020) කරන්නත් ඔයාටම ජය! ✌

  5. Stranger

    thanks

  6. supun priyanath

    Elaaz

  7. Tsandesh

    Thnx sub walata

    Reqquest
    #The new Scooby Doo movies

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  9. Udara Damith Dissanayaka

    hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  10. Ishara_sw

    සබ් එකට ...තෑන්ක්ස් .....

  11. thathsaragayan

    සුපිරි වැඩක් බ්‍රෝ... Thank

  12. Sandarunimsara

    Sub ekata tnx bro

  13. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  14. Udara Damith Dissanayaka

    ela

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P