Watch Trailer

Scooby-Doo and Guess Who? [S01 : E04] Sinhala Subtitles | එංගලන්ත සවාරිය.. [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් සුපුරුදු ලෙසම අදත් ආවා Scooby Doo and Guess Who! (2019) කතාමාලාවෙ සිව්වැනි දිගහැරුමත් අරගෙන. අද කතාව යන්නෙ කොහොමද කියලා මම හිතන්නෙ දැනටමත් ඔයාලා වටහාගෙන ඇති. අද කතාව යන්නෙ එංගලන්තයේ, ලන්ඩන් නගරය අවට. දැන් ඉතින් අද කතාවෙ ඉන්න ආගන්තුක චරිතය කවුද කියලා සමහර අය දැනටමත් හිතාගන්න ඇති. ඔයත් පර…

ඔන්න එහෙනම් සුපුරුදු ලෙසම අදත් ආවා Scooby Doo and Guess Who! (2019) කතාමාලාවෙ සිව්වැනි දිගහැරුමත් අරගෙන.

අද කතාව යන්නෙ කොහොමද කියලා මම හිතන්නෙ දැනටමත් ඔයාලා වටහාගෙන ඇති. අද කතාව යන්නෙ එංගලන්තයේ, ලන්ඩන් නගරය අවට. දැන් ඉතින් අද කතාවෙ ඉන්න ආගන්තුක චරිතය කවුද කියලා සමහර අය දැනටමත් හිතාගන්න ඇති. ඔයත් පරිවර්තන කෘති එහෙම කියවන කෙනෙක් නම් ගහට පොත්ත වගේ එංගලන්තය යන නම කියපු සැනින්ම මතක් වෙන සුප්‍රසිද්ධ චරිතය කවුද කියලා මේ වෙනකොටත් දන්නවා ඇති. මෙයා ගැන ප්‍රසිද්ධ රූපවාහිනී කතාමාලාවකුත් මේ ළඟක් වෙනකන්ම BBC නාලිකාවෙ විකාශනය වුණා.ඒ වෙන කවුරුවත් නෙමේ. ඒ තමා ෂර්ලොක් හෝම්ස්. අද කතාවට ස්කූබි ඩූ අබිරහස් කණ්ඩායම සෙට් වෙන්නෙ මෙයාලා හොල්මන් හොයමින් එංගලන්තයේ කරන චාරිකාවක් නිසා. කොහොමහරි හොල්මන් දැක්කයි කියන ගොඩක් තැන් නරඹලා ඉවරවෙලා මහ රෑ මෙයාලා ලන්ඩන් නගරය දක්වාම එනවා. එහෙදි තමා හොල්මනක් මූනටම සෙට් වෙන්නෙ. එතන ඉඳන් වෙන දේ ඔයාලට හිතාගන්න පුලුවන්නෙ. ඒ හින්දා මම එතනින් එහාට ඒ ගැන කියන්න යන්නෙ නෑ. දැන් මම ෂර්ලොක් ගැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් එයාව තවම දන්නෙ නැති අයට.

ෂර්ලොක් හෝම්ස්
ෂර්ලොක් හෝම්ස් කියන්නෙ ප්‍රබන්ද චරිතයක්. මේ චරිතය නිර්මාණය කරන්නෙ සර් ආතර් කොනන් ඩොයිල් කියන සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ජාතික ලේඛකයා විසින්. ෂර්ලොක් හෝම්ස් පාඨකයා හමුවට එන මුල්ම පොත තමයි A Study in Scarlet කියන්නෙ. මේකෙදි තමා ෂර්ලොක් සහ එයාගෙ අතිජාත මිත්‍රයා දොස්තර ජෝන්.එච්.වොට්සන් මුන්ගැසෙන්නෙ. ලෝහිත පරීක්ෂණය යන නමින් සිංහල බසින් ඔයා කියවලා තියෙන්නෙ ඒ පොත තමා. ඒක පරිවර්තනය කරලා තියෙන්නෙ චන්දන මෙන්ඩිස් මහත්තයා. කියවපු කෙනෙක් නැත්නම් ඒක අරගෙන කියවන්න. ඒක නියම කතාවක්. නැත්නම් ෂර්ලොක් හෝම්ස් ගැන තියෙන චිත්‍රපට කිහිපයකුත් නිකුත් වෙලා තියෙනවා. ඔයාලට ඒවා මේ වෙබ් අඩවියෙන්ම හොයාගන්න පුලුවන්.

හරි එහෙනම්. මම දැන් අද කතාව පැහැදිලි කිරීම මෙතනින් නිමාකරන්න තමා සූදානම් වෙන්නෙ කතාව බලලා රස විඳින්නකො. ඉක්මනටම ඊලඟ කතාවත් අරගෙන එන්නම්..

ඔයාලට තෙරුවන් සරණයි..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,395 downloadsDownload Scooby.Doo_.and_.Guess_.Who_.S01E04.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

විහඟ පියුමාල්

Subtitles

2,395 downloadsDownload Subtitles67 KB

16 comments

  1. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  2. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි .......සුපිරිම ආ

  3. madusrp1

    Tnx bn...ela.. twd eke s10 e07 sub eka dena.

  4. rockz2020

    බොහොම ස්තූතියි සහෝ! ❤
    Scoob! (2020) කරන්නත් ඔයාටම ජය! ✌

    1. Vihanga Piyumal

      ස්තූතියි සහෝ. ඒක මට බාර වුණොත් අනිවා කරලා දෙනවා.

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙන්න..
    ජය වේවා.!

  6. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..අනිවාර්යයෙන් 2020 ස්කූබි ෆිල්ම් එකත් ඔයා කරන්න..ජය ✌️❤️

    1. Vihanga Piyumal

      බොහොම ස්තූතියි සහෝ. Scoob ගන්න ලැබුනොත් අනිවා කරලා දෙනවා.

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  10. Stranger

    thanks

  11. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  12. Sandarunimsara

    Sub ekata tnx bro

  13. Udara Damith Dissanayaka

    elaa

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P