කොහොමද හැමෝටම. ඔන්න අද ආවෙ පසුගිය වතාවෙ මම ගෙනාපු Scooby-Doo and Guess Who! කතාමාලාවෙ එංගලන්ත සවාරිය කතාංගයේ ඊළඟ කොටස අරගෙන. අද කතාවත් ගලාගෙන යන්නෙ එංගලන්තයේම තමා. හැබැයි අද ටිකක් වෙනස් කතාවක්. එහෙම කිව්වට මහා ලොකු වෙනසකුත් නෑ. ඒක ඔයාලට කතාව බලාගෙන යනකොට තේරේවි. පොඩ්ඩක් සාමාන්‍ය ස්කූබි-ඩූ සම්ප්‍රදා…

කොහොමද හැමෝටම. ඔන්න අද ආවෙ පසුගිය වතාවෙ මම ගෙනාපු Scooby-Doo and Guess Who! කතාමාලාවෙ එංගලන්ත සවාරිය කතාංගයේ ඊළඟ කොටස අරගෙන. අද කතාවත් ගලාගෙන යන්නෙ එංගලන්තයේම තමා. හැබැයි අද ටිකක් වෙනස් කතාවක්. එහෙම කිව්වට මහා ලොකු වෙනසකුත් නෑ. ඒක ඔයාලට කතාව බලාගෙන යනකොට තේරේවි. පොඩ්ඩක් සාමාන්‍ය ස්කූබි-ඩූ සම්ප්‍රදායට වඩා පොඩ්ඩක් වෙනස් වගේ කියලා මට හිතෙනවා.
අද කතාව යන්නෙ මමියක් ගැන තමා. රික් කියන කෙනා මිලදී ගත්ත ප්‍රතිමාවක ශාපයක් ගැන තමා කතාවෙ සඳහන් වෙන්නෙ.
මේ The Walking Dead එකෙ රික් නම් නෙමෙයි හැබයි. මේ රික්ගෙ නම රික් ජර්වේයස්. සමහරු නම් මෙයාගැන අහලාත් ඇති. ඉතින් මම එයා ගැන වැඩිය මෙතනදි කතා කරන්න යන්නෙ නෑ. කොහොමහරි මේ රික් තමා ආරාධනා කරන්නෙ ස්කූබි-ඩූ සෙට් එකට එයාගෙ ගෙදර එන්න කියලා. හැබැයි ඒ යටි අරමුණක් හිතේ තියාගෙන. මොකද එයාගෙ ගෙදර මේ වෙනකොටත් ඊජිප්තූ මමියක් පිස්සු නටනවා. ඉතින් එයා කට්ටියට ආරාධනා කරලා තියෙන්නෙ නම් රූකඩ සංදර්ශනයක් පෙන්වන්නම් කියලා. ඒත ස්කූබි-ඩූ සෙට් එකට මීට කලින් වෙන අය එච්චර හොඳට සලකලා නැති නිසා මෙයාලා අහනවා මොකක්ද ඒකට හේතුව කියලා. ඊට පස්සෙ තමා රික් අර මමියෙ කතාව කියන්නේ. ඊට පස්සෙ වෙන දේ ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මෙයාලට අබිරහසක් කිව්වොත් ඉතිං වෙන මුකුත් ඕන නෑනෙ.
දැන් පොඩ්ඩක් රිකී ගැන සඳහන් කලොත්. රිකී ජර්වේයස් (Ricky Gervais) තමා මෙයාගෙ නම. මෙයා ජනප්‍රිය ඉංග්‍රීසි ජාතික නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගායකයෙක්, රචකයෙක් වැනි වෘත්තීන් රැසක නියැලුනු පුදගලයෙක්. මෙයා තමා අද කතාවෙ ආගන්තුක චරිතය වෙන්නෙ. After Life (2019) , Extras (2005-2007) , Derek (2013-2014) , The Ricky Gervais Show (2010-2012) වැනි රූපවාහිනි කතාමාලා රැසක මෙයාව බලාගන්න පුලුවන්. මෙයාගැන වැඩි විස්තර මෙයාගෙ පුද්ගලික වෙබ් අඩවියෙනුත් ඔයාලට බලාගන්න හැකියාව තියෙනවා.
හරි එහෙනම්.වැඩිය කතාකරන්න ගියාම කතාවත් එපාවෙනවනෙ. ඒ නිසා මට මීට වැඩිය කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙනම් ඊළඟ කතාවත් අරගෙන මම ඉක්මනින්ම එන්නම්. එතකන් ඔයාලට තෙරුවන් සරණයි..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,843 downloadsDownload Scooby.Doo_.and_.Guess_.Who_.S01E05.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
12 comments
Prabhasoft
rockz2020
ගොඩක් ස්තූතියි සහෝ!❤✌
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
පුළුවන්නම් මේවටත් සබ් දෙන්න ජය!.
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
The Dark Crystal: Age of Resistance (2019)
Mr. Go 3D (2013)Checkered Ninja (2018)
Ne Zha (2019)Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Anonymous
Ramayana the legend of Prince Rama (1992) ekatat sub ekak dannako plz
------------
Man hitanava e sub ekat mitavada hodavei kiyala Jaya veva
Ishan Madusha
ස්තූතියි සහෝ
Stranger
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
sacheee35
උපසිරැසි වලට ස්තූතියි....පට්ට
Sandarunimsara
Sub ekata tnx bro
Udara Damith Dissanayaka
maruuuuuuuuuuuuuuuuuuuuuu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you Bro...Gd Lk......