Scooby Doo and Guess Who එකත් එක්ක ගෙවෙන අවසාන එපිසෝඩ් දෙකෙන් එකක් තමා මේ විදිහට ඔයාලට ඉදිරිපත් කරන්නෙ. මේ අරගෙන එන්නෙ මේ කතාමාලවේ දොළොස්වන දිගහැරුම. අද කතාව නිර්මාණය කරලා තියෙන්නෙ රූපවාහිනී නාලිකා මැදිරියක සිදුවෙන අද්භූත සිදුවීමක් වටා. එම නාලිකාවෙ රාත්‍රී පුවත් විකාෂනය වන වෙලාවේ සිදුවුනු සිදුවීමකි…

Scooby Doo and Guess Who එකත් එක්ක ගෙවෙන අවසාන එපිසෝඩ් දෙකෙන් එකක් තමා මේ විදිහට ඔයාලට ඉදිරිපත් කරන්නෙ. මේ අරගෙන එන්නෙ මේ කතාමාලවේ දොළොස්වන දිගහැරුම. අද කතාව නිර්මාණය කරලා තියෙන්නෙ රූපවාහිනී නාලිකා මැදිරියක සිදුවෙන අද්භූත සිදුවීමක් වටා. එම නාලිකාවෙ රාත්‍රී පුවත් විකාෂනය වන වෙලාවේ සිදුවුනු සිදුවීමකින් තමා මේ කතාව ආරම්භ වෙන්නෙ. සජීවි පුවත් විකාෂනයට බාධා කිරීමක් සිදුවෙනවා අද්භූත විකටයෙක් නිසා. ඒ විකටයා හරියට අර Stephan King කියන සුප්‍රසිද්ධ හොල්මන් කතා රචකයා විසින් නිර්මාණය කරපු Pennywise කියන විකටයා වගේ කෙනෙක්. පෙනිවයිස්ගේ චරිතය පාදක කරගෙන තමා IT කියන චිත්‍රපට පෙළ හෙමත් නිර්මාණය උනේ. ඉතින් මට හිතෙනවා මේ කතාවටත් නිර්මාණය කරන්න ඇත්තෙ ඒ මූලික පදනම මත කියලා. ඉතින් කොහොමෙන් හරි මේ විකටයාගෙ කඩාකප්පල්කාරී වැඩ නිසා මේ රූපවාහිනි නාලිකාව වැහෙන තැනටම එනවා. මැරෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවනේ.. අන්න ඒ නිසා මේ රූපවාහිනී නාලිකාවෙ කළමනාකාරීත්වය තීරණය කරනවා තියෙන අන්තිම තුරුම්පුවත් ගහලා බලන්න. එයාලා වාර්ෂිකව කරන සජීවී වැඩසටහනක් තියෙනවා ටෙලිතෝන් කියලා. මේ වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයා ලෙස ඔවුන් ගේනවා කීනන් තොම්සන් කියන කෝමීඩියන්ව. එයා තමයි මේ කතාවෙ ආගන්තුක චරිතය. එයා වaතීමය වශයෙන් කොමීඩියන් කෙනෙක්. කීනන් තොම්සන්ව මේ වැඩසටහනට එක්කගෙන එන්නෙ ස්කූබි සහ එයාගෙ යාලුවො ටික. ඔතනදි අර විකටයා ගැන මෙයාලට දැනගන්නට හැකියාව ලැබෙනවා..ඔතන ඉඳලා ඉතින් සෙට් එක පුරුදු පරිදි වැඩ…
ඉතින් මම මුලදි සඳහන් කලා වගේ මේ තමයි Scooby Doo And Guess Who එකේ අවසාන එපිසෝඩ් දෙක. ඉතින් අනිත් ඔක්කොමත් බලලා මේ දෙක බැලුවේ නැත්නම් වැඩක් නෑනේ….
එහෙනම් ඉතින් අපි නැවතත්.. අවසාන කොටසින් හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,897 downloadsDownload Scooby-Doo-and-Guess-Who-S01-E12.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
10 comments
rockz2020
sacheee35
බොහොම ස්තූතියි....දවස ගානේම උපසිරැසි දුන්නට....මේකේ තව season එකක් එනවද
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Hashan M. Priyadarshana
මචං මේක ඉවර කරල තවත් Scooby Doo series එකකට සබ් දෙනවද
Stranger
thanks bro
uditha98
meka download karagann alink ekak dennako kauru hari
natnm tiyna site ekak wath kiyannasachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ! ❤✌
තව එකයි නේද, එල එල ඒකත් ලොකු ලිපියකින් ඕන හොඳේ. ;)
ජය වේවා! ❤ ^_^
❤❤❤❤❤❤❤❤❤❤❤❤