Watch Trailer

Scorpion [S01 : E01] |හිතුවක්කාර මොළකාරයෝ…[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න Under the Dome කතා මාලාවෙ දෙවන අදියරේ අවසාන වීම දුකක් උනත් මං පොඩි ඉඟියක් දුන්න මතකද? ඒකේ අඩුව පුරවනවා නෙමෙයි, ඒත් ආයෙත් ඒකේ 3 වන අදියරය පටන් ගන්න කම් ඔයාලට මං අළුත්ම කතාවක් ගේන්න තමයි සූදානම. අළුත් කියන්නෙ ඉතින් මේකෙ පළමු කොටස විකාශනය උනේ 2014 සැප්තැම්බර් 23 උදේ (ලංකාවේ…

Scorpion tv 1

කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න Under the Dome කතා මාලාවෙ දෙවන අදියරේ අවසාන වීම දුකක් උනත් මං පොඩි ඉඟියක් දුන්න මතකද? ඒකේ අඩුව පුරවනවා නෙමෙයි, ඒත් ආයෙත් ඒකේ 3 වන අදියරය පටන් ගන්න කම් ඔයාලට මං අළුත්ම කතාවක් ගේන්න තමයි සූදානම. අළුත් කියන්නෙ ඉතින් මේකෙ පළමු කොටස විකාශනය උනේ 2014 සැප්තැම්බර් 23 උදේ (ලංකාවේ වෙලාවෙන්). ඒ කියන්නෙ පෙරේදා? ඔව්! ඔව්! ආයෙත් ඉතින් අළුත් කතා දෙන්නෙ බයිස්කෝප් අඩවියෙන් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.

CBS නාලිකාවේ අළුතෙන්ම විකාශය වෙන්න ගත්තු මේ කතා මාලාව නිර්මාණය කරල තියෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරින්. ඒ කිව්වෙ මෙහි ප්‍රධාන චරිතය වන වෝල්ටර් ඕ’බ්‍රයන් ගේ ජීවිත කතාව පදනම් කරගෙන. වෝල්ටර් කියන්නෙ අඩු වයසින්ම රජයේ සේවයට බඳවා ගන්න සුපිරි වැඩ්ඩෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්. හැක් කරන එක තමයි එයා කරන්නෙ. කොච්චරද කිව්වොත් අවුරුදු 12 දි තමයි නාසා ආයතනයේ පද්ධතිය හැක් කරන්නෙ. හිතා ගන්න පුළුවන් නේද මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියන එක. දැනට මේ පුද්ගලයා තමයි ලෝකයේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ Scorpion Computer Services ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා. මේ නම සමහරවිට අපේ හැකින් ගැන දන්න යාළුවො අහලත් ඇති. 😀 මෙයා ගැන වැඩිපුර දැන ගන්න ඕනෙ නම් මෙතනින් බලන්න පුළුවන්.

දැන් ඉතින් කතාව ගැන පොඩ්ඩක් බලමු. ඔයාලා හිතනවා ඇති වෝල්ටර් කියන පුද්ගලයට කතාවෙ නමත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධෙ කියල. වෝල්ටර් හැක් කරන කොට පාවිච්චි කරපු username එක තමයි scorpion කියල කියන්නෙ. ඒ වගේම මෙයා ඔක්කොම වැඩ කිඩ දාන්නෙ තනියම නෙමෙයි. මෙයා එක්ක තව සුපිරි වැඩකරුවො තුන් හතර දෙනෙක් ඉන්නවා. කතාව බලලම ඉඳිමු එයාල මොන වගේද කියල බලන්න.

කතාවේ රඟපාන අය දිහා බැලුවොත්, මහ මොළකරු වෝල්ටර් ගෙ චරිතයට පණ පොවන්නෙ Elyes Gabel (Game of Thrones, World War Z). ඊටඅමතරව ප්‍රධාන නිළියගේ චරිතය පේජ්ට පණ පොවන්නෙ Katharine McPhee. සෙසු චරිත වලට නියෝජිත කේබ් ගැලෝ ලෙස Robert Patrick (X-Files), ටෝබි ලෙස Eddie Kaye Thomas (American Pie), සිල්වෙස්ටර් ලෙස Ari Stidham, හැපී ලෙස Jadyn Won රංගනයෙන් දායක වෙනවා. හරි… නළු නිළියො ගැන විතරක් කියලම බෑ. මොකද මේ කතාව අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන්නෙත් එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. Fast and Furious, Star Trek, Prison Break, Sleepy Hollow වගේ සුපිරි නිර්මාණ වලට දායකත්වය දුන් අය මේ කතා මාලාවටත් දායකත්වය ලබා දෙනවා. මං බලපු කතා මාලාවන් එක්ක මේක ටිකක් Arrow, Agents of Shield, Intelligence වගේ. නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන එදිනෙදා අපට මුහුණ දෙන්න වෙන අභියෝග සම්මතයෙන් පිට ජය ගන්න ආකාරය පෙන්නනවා.

කියෙව්වා වැඩිද මන්දා. කොහොම හරි අද ඉඳන් මාත් එක්ක එකතු වෙලා මේ කතා මාලාව නරඹන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මේකේ trailer එක පහලින් බලන්න පුළුවන්. එතකොට අදහසක් ගන්න පුළුවන් වෙයි. තාමත් නිකුත් වෙලා පොඩි කාලයක් නිසා IMDB Ratings වල නම් ලොකු අගයක් ලැබිල නෑ. (IMDB Ratings = 7.3) අළුතෙන් නිකුත් වෙන හැම කොටසක් ම නිකුත් වෙලා දවස් 2 ක් ඇතුලත ලබා දීමට උපරිම උත්සාහ කරනවා. මේ කතාවෙ චරිත වලට වේගවත් කතා ශෛලයක් තියෙනවා. ඒ නිසා මේකෙ ගොඩක් වෙලාවට තියෙන විද්‍යාත්මක, තාක්ෂණික යෙදුම් සහ සමහර ඉංග්‍රිසි යෙදුම් එලෙසම බොහොම සරලව පැහැදිලි කරල දෙන්න මං උපරිම උත්සාහ කරනවා. ඒත් මේ වැඩේට මං තාමත් අළුත් වගේම ඉක්මනින්ම මේ කතාව ඔයාලට ලබා දෙන්න ඕනෙ නිසාත්, මට හැකි උපරිම වේගෙන් උපසිරැසි ලබා දෙන්න ගන්නා උත්සාහයේදී සුළු අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැනත් සමාව ඉල්ලනවා.

එහෙනම් මේ කතාව බලලා, අඩුපාඩු පෙන්වල දෙන්න කමෙන්ටුවකින් සහයෝගය ලබා දෙන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මට මේ වැඩේදි සහයෝගය ලබා දෙන බයිස්කෝප් කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙන ගමන්, ලබන සතියෙ මේ කතා මාලාවෙ දෙවන කොටසින් හමු වෙමු. ජය වේවා !

Scorpion (2014) on IMDb

 

 

311 MB කොපිය මෙතනින් බාගන්න

42debbeeaaee190c1ed6653a56aae5b3a0130e63

1.09GB කොපිය මෙතනින් බාගන්න

836dfbd494c315fe2b3417155a2cb6ab4c63efbb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,933 downloadsDownload Scorpion-S01E01.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

6,933 downloadsDownload Subtitles68 KB

92 comments

  1. Hesh

    downloading :) hope its good for my taste

  2. wicky

    thanxxx, ela digatama demu,k

  3. My Life as a Gaijin!

    එළ කතාවක් වාගේ,....සබ්ස් වලට තැන්ක්ස්....

  4. -HacKrisH-

    තෑන්ක් යූ... ඉංග්ලිශ් සබ් එක්ක එක පාරක් බැලුවා. සිංහල සබ් එක්ක ආයේ බලනවා. කතාව නම් සුපිරි...:)

  5. czRGsl

    patta katawak wage.. Hacking gana tiyena nisa anivaryenma balanawa. Thanks :)

  6. නලින්

    නියමයි සමාදී ! සුපිරි කතාවකට පස්සේ තවත් සුපිරිම කතාවකට අතගහාල නොවැ!

    ජය වේවා.!

  7. sachira

    ගොඩක් ස්තූතියි ෂෙරීන් සහෝදරිය,,මේ කතාව නියමයි වගෙ. :)

  8. බන්ටු

    නියමයි සමාදියො

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හැකර් වැඩක් නම් සහෝදරී අනිවා බලනවා.
    බොරුවට හිත සනසන්න කියනවා නෙමෙයි. (මෙන්න සිරාවටම බානවා)

    බොහෝම ස්තුතියි උපසිරැසියට

    ආයු -බෝ- වේවා !!!

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      මේක නවත්තන්න හිතන්නවත් එපා.
      අනිවා මම නම් බලනවා.

      ට්‍රේලරේ බලලාම පිස්සු වැටුනා.

  11. යශෝධ

    ඊයේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක පළමු කොටස බැලුවා. බැලුවට පස්සේ තමයි හොයලා බැලුවේ අපේ සයිට් එකෙන් මේකට උපසිරැසි දෙනවද කියලා. දෙනවා කියලා දැනගත්තම, ඉතින් එලස්ස්ස්..... තමයි... මොකද පළමු කොටස මට නම් ලෙසටම සෙට් වුනා. ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතනවා. ඒ වගේම ෂෙරීන් සොයුරියට බොහෝම ස්තූතියි උපසිරසට... අලුත් කතා සෙට් එකට ගෝතම් එක්ක මේකත් දාගන්නවා එහෙනම්. ජයම වේවා...! ඒ වගේම බොහොම අගේ ඇති ලිපියකුත් එකතු කරලා තියෙනවා. එලස්ස්ස්......... :-)

  12. me

    Thanks

  13. ගයාන් රූකාන්ත (ජෝනා)

    සහෝදරිගේ පලවෙනි උපසිරසියෙන්ම ඔයාගේ උපසිරැසි විලාශය මට සෙට් උනා
    ඉක්මනටම අලුත් වැඩක් කරනවා කීවට කවුද හිතුවේ මෙච්චර
    ඉක්මනට කොරයි කියලා....ඊයේ පෙරේදා ආපු කතා සෙට් එකත් එක්කම මේකත්
    මම අරගත්තා බැලුවේ නම් නැ තාම දැන් ඉතින් සිංහලත් තියන එකේ නොබලා කොහොමද..?
    ඔන්න මමත් සබ ගත්තා සබට තුති අක්කේ ජය!!
    අනිත් එපි ටිකත් ආපු සැනින් ගෙන්න අවැසි ශක්තිය ධෛර්‍ය පතනවා :) :)

  14. ns

    ගොඩක් ස්තූතියි

  15. Eranda

    maaxxxa machooooo :)

  16. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි ෂෙරින් සහෝදරිය උපසිරසට
    බලමු හිතට අල්ලලා යාවිද කියල :D

  17. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    අළුත් කලාවක් ගෙනල්ලා...
    නියමයි වගේ..
    බාන්න නම් ඕනි...
    ජයම වේවා..

  18. CyberJayn

    Thnks sis

  19. Sam

    thnkss sis...hoda katawak wage..digatama denna..niyamai.
    thnkss again..

  20. Ruchira

    මෙච්චර ඉක්මනට sub 1 දෙනවට බොහොම ස්තුතියි අක්කේ......

  21. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍ඒ ‍එක්‍‍ක‍ම ‍සු‍පි‍රි ‍ක‍තා ‍මා‍ල‍වක්‍ ‍ව‍ගේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍අ‍ඩු‍ම ‍ස‍යිස්‍ ‍කො‍පි‍ය ‍වෙන්‍‍න ‍ඕ‍නේ.
    ‍ඒත්‍ ‍ඒ‍කත්‍ ‍බ‍ර ‍ස‍යිස්‍ ‍නේ.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!!!

  22. Google

    Thanks Sama..:)

  23. CHAMEE

    patta kathawak ....
    thanks sub walata

  24. sajeevi

    thanks

  25. Ganisha

    supirima thama....thanks..

  26. ලක්ෂාන් නිලංක

    bohoma sthuthi sahodari...math banna damma jaya wewa...!

  27. Keshan Wasala

    අඩේ සුපිරි එකක් වගේ.. දැන්ම බලනවා. ගොඩක් ස්තුතියි !! සහෝදරි :)

  28. dsm

    nice work there..... keep it up.....good luck.......

  29. Dharshamal

    elz brooo digatama karamu hode.. ela wadak

  30. කැලුම් ගුණසේකර

    අලුත් ම එකක් අරන් ආවා නේ? හොදයි හොදයි. ස්තුතියි උපසිරැසියට.

  31. ns

    ස්තුතියි උපසිරැසියට.

  32. Binara Kavishka

    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.ඔන්න මමත් සබ ගත්තා සබට තුති අක්කේ ජය!!

  33. diinu

    bohooma sthuthie.

  34. Sami

    Sabata thanx wewa

  35. Saketha Pulasthi

    හැකින් ගැන තියෙනවනම් ඉතින් ලොවෙත් බලනවා. පොඩි අවුලකට තියෙන්නේ කොපිය ටිකක් ලොකු වැඩියි. ඒ උනාට අනිවා බලනවා. උපසිරසියට බොහොම ස්තූතියි :)

  36. chathu

    Pattama katawak...... thank... ෂෙරින් :)

  37. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ෂේරින් සහෝදරී..
    තවත් සාර්ථක කාන්තා පාර්ශව නියොජනයක්.
    දිගටම කරගෙන යමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  38. ලාhiru444

    niyamai sub 1ta thank's

  39. D.Chamara

    niyama kathwak wage ela ela degatma sub demu hode.. jaya.. :D

  40. Aluth Lanka

    ඔයාලට ගොඩක් ස්තුති එල කතාවක් වගේ පෙන්නේ අනිවා මේකනම් ගන්නවා :)

  41. ushan

    සුපිරියි අක්කේ...මේ වගේ සීරීස් එකක් එනකන් තමා බලං උන්නේ..සබට ස්තූතියි...ඉක්මනට ඉක්මනට ඉතුරු කොටසුත් දෙන්න ශක්තිය ලැබේවා....

  42. Apsara

    120Mb file eka nadda meke :( :'(

  43. Lakshan

    thanks bro

    1. Lakshan

      Sorry , sister

  44. Kulanjana Maduranga

    meka nm patta....mtath meka hithata alluwa.digatama denna.menna mmth banawa.....thanks SEREEN sis.ohoma ymu.jaya wewa........

  45. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    තාමනම් ඩවුන්ලෝඩ් කලේ නැහැ,...
    දැන්ම ඩවුන්ලෝඩ් කරන්නෙත් නැහැ..
    මුලින් මේක බලපු දෙතුන් දෙනෙක්ගෙන් අහලා ඉන්න ඕන කතාව එලද කියලා
    කොහොම උනත් උපසිරිඅසියට ස්තුතියි මචෝ..
    ජය වේවා..

  46. wgn

    sub ekata thanks.. but 311MB link eka block karala...

  47. danushka

    sthuthi sahodare......jaya wewa!!!

  48. ANJANA

    thanks... suba pathum.

  49. thiwanka

    kathawa nam pattama patta ayeth kiyanna deyak naa superb......E02 enakan api ban inne ekath ikmanta denna thanks lot

  50. LAKSHAN

    සබ් වලට බොහොම ස්තූතියි.
    ඉදිරි වැඩ වලට ජය

Load more comments