හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ අරගෙන එන්නේ Marvel ලගේ අලුත්ම කතා මාලාව වන Secret Invasion කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Harvest” හෙවත් “අස්වැන්න” කියලා. ඒ මොකක්ද කියලා එපිසෝඩ් එකේදී බලාගත්ත හැකි. පුරුදු විදියට අපි කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. කලින…

හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ අරගෙන එන්නේ Marvel ලගේ අලුත්ම කතා මාලාව වන Secret Invasion කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Harvest” හෙවත් “අස්වැන්න” කියලා. ඒ මොකක්ද කියලා එපිසෝඩ් එකේදී බලාගත්ත හැකි.
පුරුදු විදියට අපි කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. කලින් එපිසෝඩ් එකේදී ෆියුරිගේ ආදරණීයයන්, එහෙමත් නැත්නම් එයාට ළඟින්ම ඉන්න අය ගැන තමයි වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ. විශේෂයෙන්ම රෝඩි ස්ක්‍රල් කෙනෙක් බව ඒකෙන් confirm කළා. ඉතින්, කලින් ලිපියෙදිත් කිව්වා වගේ, එයා කොච්චර කාලයක් ස්ක්‍රල් කෙනෙක් වෙලා ඉඳලද? කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නය. කොහොමහරි, ස්ක්‍රල් රෝඩි ගිහින් ග්‍රැවික්ගේ උපදෙස් මත ෆියුරිගේ බිරිඳ වන ප්‍රසීලාට එයාව මරන්න අණ කරන විදිය අපි දැක්කනේ. ඒත් ඒක සිද්ධ වුණේ නෑ. දැන් ප්‍රසීලාත් ග්‍රැවික්ට ද්‍රෝහී වුණා.
කලින් එපිසෝඩ් එකේදී ග්‍රැවික් උත්සහ කළේ රිට්සන් ජනාධිපතිතුමාට රුසියන්කාරයෝ වගේ ඇඳගත්ත ස්ක්‍රල්වරු ලවා පහර දෙන්න සලස්වලා ලෝක බලවතුන් අතර යුද්ධයක් නිර්මාණය කරන්නයි. ඒවගේම එයාලා අතර සටනෙදී අපි දැක්කා ග්‍රැවික් Extremis ගේ බලයන්ට අමතරව Groot ගේ බලයනුත් පාවිච්චි කරලා මිනිහෙක්ව මරනවා. කොහොමහරි, ෆියුරි ස්ක්‍රල් රෝඩිට දීපු ද්‍රව ට්‍රැකර් එකට ස්තුති වෙන්න එයාලට වෙලාවට ඇවිල්ලා ජනාධිපතිව බේරගන්න පුළුවන් වුණා. ඒත් ඒ වෙනුවෙන් ටේලෝස්ට එයාගේ දිවි පුදන්න වුණා. ෆියුරිට එයාගේ මළමිනිය අරන් යන්නවත් ඉඩක් ලැබුණේ නෑ, මොකද එයා නැවතුණොත් ජනාධිපති මැරෙන්න පුළුවන් නිසා. ඒක දැක්කාම මට ඒක විශ්වාස කරන්නත් බැරි වුණා. මේ show එක දිගට හරහට වැදගත් චරිත මරාගෙන යනවා වගේ. මුලින්ම මරියා හිල්, දැන් ටේලෝස්. ඊළඟට කවුද?
කොහොම නමුත් මේකෙන් පේන්නේ කතාවේ stakes බොහොම වැඩි බවයි. පරණ මාවල් ගතිය ඒ විදියටම තියෙන මේ වගේ කතාවක් Disney Plus හරහා එන එක සෑහෙන්න ලොකු දෙයක්. කතාව ඉවර වෙන්න තියෙන්නේ තව එක එපිසෝඩ් එකයි. ඒකෙන් එයාලට කතාව ඉවර කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේක මුළු MCU එකටම බලපෑම් ඇති කරන event එකක් වේවිද? ඒක හොයාගන්න නම් ඉතින් කතාව බලලා ඉවර කරන්නම වෙනවා.
එහෙම නම්, පස්වෙනි එපිසෝඩ් එක රසවිඳින්න. කතාමාලාවේ අවසාන එපිසෝඩ් එකේ උපසිරසියෙන් ආපහු හමුවෙමු. එතකන්
පීස් ✌️
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
9,749 downloadsDownload Secret.Invasion.S01E05.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Secret Invasion S01 Sinhala sub
- #Secret Invasion Season 1 Sinhala sub
- #Secret Invasion Sinhala sub
- #Secret Invasion Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #subtitle
- #TV
- #සනුප රන්මෙත්
- #සබ්ටයිටල්ස්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
17 comments
Thawne
Anonymous
Thanks mchan mulinma sub eka denawata....❤️❤️
විමා
සබට බොහොම ස්තුතියි මලේ.
හයිප් එකක් හැදෙන්නම ඕන කතාවක්.Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!nick
supiri bn
Kps
එල එල ස්තූතියි...
viraj
thanks...........
Kps
එල එල ස්තූතියි...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Udara Damith
අඩෙ මරු.කොහොමත් තව සීසන් යයු
ලොකු විනාසයක් වෙයි අන්තිම කොටසෙ
කොල්සන් ලා .ෆිස්ට්ලා එහෙම හිටියනම්
එක්කො ඩෙසි එහෙම ආයු එයිඑල්. සී. දමැල්
ස්තුතියි සහෝ
Ravindra
Thanks
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Sahan Gayantha
thanks wewa saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Secret Invasion [S01 : E05] Sinhala Subtitles | අස්වැන්න… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Secret-Invasion-2023-B.jpg)



ස්තුතියි ඉක්මනට සබ් එක දුන්නට ❤