අද අරන් එන්නේ Black Knight සීරීස් එකේ හතරවෙනි එපිසෝඩ් එක. මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනු මේ සීරීස් එක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. වොන් බිලියන 25ක් වගේ ලොකු වියදමකින් නිර්මාණය කරපු මේ සීරීස් එක Sci-fi – Action ශානරයන්ට අයත් වෙනවා. Black Knight සීරීස් එකේ අධ්‍යක්ෂණය වගේම තිරරචනයත් සිදු…

අද අරන් එන්නේ Black Knight සීරීස් එකේ හතරවෙනි එපිසෝඩ් එක. මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනු මේ සීරීස් එක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. වොන් බිලියන 25ක් වගේ ලොකු වියදමකින් නිර්මාණය කරපු මේ සීරීස් එක Sci-fi – Action ශානරයන්ට අයත් වෙනවා. Black Knight සීරීස් එකේ අධ්‍යක්ෂණය වගේම තිරරචනයත් සිදුකරලා තියෙන්නේ Cho Ui Seok විසින්. Lee Yoon Kyun විසින් නිර්මාණය කරපු Black Knight කියන වෙබ්ටූන් එක පදනම් කරගෙන තමයි Black Knight නිර්මාණය කරලා තියෙන්නේ. නිකුත් කරලා දවස් තුනකින් නෙට්ෆ්ලික්ස් Top Non-English Series ලැයිස්තුවේ පළවෙනි ස්ථානයට එන්න Black Knight සමත් වෙනවා.

CAST – රංගන දායකත්වය

• Kim Woo Bin – 5-8
• Song Seung Heon – රියු සොක්
• Kang Yoo Seok – යූන් සා වොල්
• Esom – ජන්ග් සොල් ආ

-හතරවෙනි කථාංගයෙන්-

සා වොල් කොහොමහරි අවසන් රේඛාව පහුකලාට තමන්ගේ වාහනේ නැති කරගත්ත හින්දයි, පාර්සලයට හානි වෙලා තිබ්බ හින්දයි අවසන් වටයට තේරෙන්නේ නෑ. ඒත් අවසන් වටයට තේරුන හ්යොන් සු අතේ ආබාධයක් හින්දා ඉවත් වෙනවා. ඒකෙන් සා වොල්ට අවසන් වටයට යන්න ඉඩ සැලසෙනවා. අවසන් වටයේ සා වොල්ගේ ප්‍රතිවාදියට ඉන්නේ ජූ ග්යොන්ග් නම්. ද්වන්ධ සටනකින් තමා අවසන් වටයේ ජයග්‍රාහකයා තෝරන්නේ. චොන්ම්යොන්ග් සමූහය මේ අවසන් වටයේ සජීවි විකාශනයක් සරණාගත දිස්ත්‍රික්කවල පවත්වනවා. මෙහෙම සජීවි විකාශනයක් පවත්වන එකේ අරමුණ මොකක් වෙන්නැතිද? සා වොල්ට අවසන් වටයෙන් ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙයිද?
එහෙනම් පස්වෙනි කොටසෙන් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,710 downloadsDownload Black-Knight-S01E04.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

2,710 downloadsDownload Subtitles19 KB

4 comments

  1. Sung Jin-Woo

    Thank you

  2. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  3. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.