Watch Trailer

Secret Invasion [S01 : E04] Sinhala Subtitles | ආදරණීයයන්… [සිංහල උපසිරසි]

මේ අරගෙන එන්නේ Secret Invasion කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ උපසිරසිය. මේක නම් කරලා තියෙන්නේ “Beloved” කියලා. ඒ, මේකේදී ෆියුරිගේ සමීපතමයන් එක්ක එයාට තියෙන සම්බන්ධය ගැන කතාබහට ලක් වෙන නිසා. ඒවගේම එපිසෝඩ් එකේ අවසානයත් ෆියුරිගේ සමීපතමයෙක්ට සම්බන්ධයි. ඉතින් කලින් එපිසෝඩ් එක ගෙතිලා තිබුණේ ස්ක්‍රල්වරු ර…

මේ අරගෙන එන්නේ Secret Invasion කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ උපසිරසිය. මේක නම් කරලා තියෙන්නේ “Beloved” කියලා. ඒ, මේකේදී ෆියුරිගේ සමීපතමයන් එක්ක එයාට තියෙන සම්බන්ධය ගැන කතාබහට ලක් වෙන නිසා. ඒවගේම එපිසෝඩ් එකේ අවසානයත් ෆියුරිගේ සමීපතමයෙක්ට සම්බන්ධයි.

ඉතින් කලින් එපිසෝඩ් එක ගෙතිලා තිබුණේ ස්ක්‍රල්වරු රාජකීය නාවික හමුදාව ඇතුළට පැනගෙන එක්සත් ජාතීන්ගේ වැදගත් ඉලක්කයකට පහර දීලා යුද්ධයක් ඇති කරන්න තිබුණ සැලසුම නික් ෆියුරි සහ ටේලෝස් ව්‍යර්ථ කරන්න ගන්න උත්සාහය වටේයි. කොහොමහරි ඒක නවත්තන්න ෆියුරිට සහ ටේලෝස්ට හැකි වෙනවා. ඒත් එපිසෝඩ් එක අවසානයේ හෙළි වෙන්නේ මේ ඔක්කොම ග්‍රැවික්, එයාලා අතර හිටිය ද්‍රෝහියා හෙවත් ටේලෝස්ගේ දුව වන ගායාව අතටම අල්ලගන්න කරපු වැඩක් බවයි. එපිසෝඩ් එක අවසානයේදී අපි දකිනවා ග්‍රැවික් ගායාට වෙඩි තියලා ඈව මරන විදිය. ඒත් series එකේ තාම දකින්න ලැබුණේ නැති, ඒත් trailer එකේ තියෙන scenes බොහොමයක් තියෙන නිසා අපට හිතාගන්න පුළුවන් එයා මැරිලා නැති බව.

ඒවගේම ‘සුපිරි ස්ක්‍රල්වරු’ කියන සංකල්පයත් තුන්වෙනි එපිසෝඩ් එකෙන් තවදුරටත් විස්තර කළා. සුපිරි ස්ක්‍රල්වරු කියන්නේ ඕනම සුපිරි වීරයෙකුගේ බලයන් පවා ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ස්ක්‍රල්වරු. ඒවගේම ග්‍රැවික් දැනටම සුපිරි ස්ක්‍රල් කෙනෙක් බව එයා Extremis ගේ බලයන් පාවිච්චි කරලා එයාගේ අත හොඳ කරගනන් විදියෙන් පැහැදිලියි. ඒවගේම trailer එකේ තියෙනවා එයා Groot ගේ බලයනුත් පාවිච්චි කරන විදිය. ඉතින් එක ස්ක්‍රල් කෙනෙක්ට වීරයන් කීප දෙනෙක්ගේම බලයන් පාවිච්චි කරන්න පුළුවන්.
තුන්වෙනි එපිසෝඩ් එක ඒකට දාපු නමේ හැටියටම (“Betrayed” – පාවාදීම) තිබුණ බව අපි දැක්කනේ. වෙන එකක් තියා නික් ෆියුරිගේ ස්ක්‍රල් බිරිඳත් දැන් වැඩ කරන්නේ ග්‍රැවික්ට. ඒත් එපිසෝඩ් එකෙන් හෙළි කරපු පුදුම සහගතම දේ තමයි කර්නල් රෝඩ්ස් කියන්නෙත් ස්ක්‍රල්වරයෙක් බව! 🤯 එපිසෝඩ් එකේ අන්තිමට ග්‍රැවික්ගේ පාර්ශවයේ කෙනෙක් විදියට එයාගේ කටහඬ අපට අහන්න ලැබෙනවා. ඒවගේම එපිසෝඩ් තුනේදී ම ඒක අපට අඟවලත් තියෙනවා.

මේකේ තියෙන විදියටම කවුරුවත් ෆියුරිට “නික්” කියලා කතා කරන්නේ නෑ. නමුත් රෝඩි එහෙම කළා. ඒවගේම U. S. රජයේ ඉහළ තනතුරක් දරන ස්ක්‍රල් කැරලිකාරයෙක් ගැන ෆියුරිට පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා කියන එකෙනුත් කියන්නේ රෝඩි ගැන වෙන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි… ඇත්තම රෝඩි කොහෙද ඉන්නේ? එයා කොච්චර කාලයක් තිස්සේ ස්ක්‍රල් කෙනෙක් වෙලා හිටියද? ඇත්ත රෝඩි අයන්-මෑන් මැරුණා කියලවත් දන්නේ නැද්ද? මෙන්න මේකයි මේ කතාවේ තියෙන සුපිරිම කොටස. අපිට කාවවත්ම විශ්වාස කරන්න බෑ. කොටින්ම කිව්වොත් Iron Man 1 එකේ ඉඳලා අපිත් එක්ක හිටපු චරිතයක්වත් විශ්වාස කරන්න බෑ. ඕනම කෙනෙක් ඕනම මොහොතක ස්ක්‍රල් කෙනෙක් බව හෙළි වෙන්න පුළුවන්.

මේක අපට වැඩිදුරටත් මේ එපිසෝඩ් එකේදි බලාගන්න පුළුවන්. එහෙම නම්, හතරවෙනි එපිසෝඩ් එකත් බලන්න කියලා ඉල්ලමින් අදට සමුගන්නවා. පස්වෙනි එපියෙන් හමුවෙමු.

පීස් ✌️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

11,099 downloadsDownload Secret.Invasion.S01E04.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

11,099 downloadsDownload Subtitles16 KB

21 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Kosala

    Sub ekta Thanks Brother...

  3. එල්. සී. ‎දමැල්

    සුපිරියක්. තෑන්ක්ස් සබ් එකට!

  4. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  5. Prageeth methmika

    Good luck all of you❤️❤️❤️

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. Ravisara

  8. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Anonymous

      Secret invasion download karaganna link eka denna puluwanda

  9. Ruchira

    Thanks for the sub!!!

  10. viraj

    thanks............

  11. Anonymous

    Gammac තමයී saho thank you!!

  12. Udara Damith

    අම්මො පිස්සු ව්ගෙ මේක බලනකොට

  13. Udara Damith

    බලන් ගියාම නික් ෆියුරි ශීල්ඩ් එකෙ කරපු ඔක්කොම කරල තියෙන්නෙ අනිත් ස්ක්‍රල් ලා නිසානේ

  14. Thisara

    Thanks bn..

  15. Ravindra

    Thanks

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  18. Sahan Gayantha

    thanks brother sub ekata

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Ishan Madusha

    බොහෝම ස්තූතියි...