Secret Level Season 01 Sinhala Subtitles යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතා…

යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතාංගවල තියෙන අමුතු රසට ඔයත් ඇබ්බැහිවෙලා ඇති කියලා හිතනවා. අනික ඒ කතාමාලාව Anthology එහෙමත් නැත්තම් ඒකාංගික කතා කොටස් වලින් සමවිත නිසා නරඹන්නත් හරිම පහසුයි. ඉතිං මම අද අරගෙන ආවේ අන්න ඒ වගේම සුපිරි කතාමාලාවක් කියලා මුලින්ම දැනුම් දෙන්න ඕන. ඔයාලා දැනටමත් මේ කතා මාලාව ගැන දන්නවත් ඇති නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි විස්තරයක් කියලම සීරිස් එක පැත්තට යමු.
Secret Level කියන්නේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් ටිම් මිලර් මහත්මයා විසින් නිර්මාණය කරපු ඒකාංගික කතා මාලාවක්. මිලර් මහත්මයගේ Blur Studio සහ Amazon MGM Studios ඒකාබද්ධව තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඩේව් විල්සන් මහත්මයා මේ කතාමාලාවේ විධායක නිෂ්පාදක සහ අධීක්ෂණ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා. විවිධ වීඩියෝ ක්‍රීඩාවල ඇතුලත් වෙන කථා පහළොවක් තමයි මේ කතාමාලාවට පාදක වෙන්නේ. ඒ වගේම මෙහි කොටස්වල හඬ කැවීම්වලට Arnold Schwarzenegger, Patrick Schwarzenegger, Keanu Reeves, Kevin Hart, Laura Bailey, Heaven Hart, Gabriel Luna, Ariana Greenblatt, Adewale Akinnuoye-Agbaje, Michael Beach, Emily Swallow වගේම Claudia Doumit දායක වෙලා තියෙනවා. Amazon විසින් 2024 අගෝස්තු මාසයේදී Gamescom වලදි තමයි සීක්‍රට් ලෙවල් කතාමාලාව ගැන ප්‍රථම වරට අනාවරණය කරන්නේ. මේකේ පළවෙනි කථාංග අට 2024 දෙසැම්බර් 10 දිනත්, ඉතුරු කථාංග හත 2024 දෙසැම්බර් 17 වන දිනත් ලොව පුරා නිකුත් කරන්න කටයුතු කරලා තිබෙනවා.

Secret Level කතාමාලාව ප්‍රවර්ධනය කිරීමට යොදාගත් Keanu Reevesගේ රුව සහිත පෝස්ටරය
මේ වෙද්දි මිශ්‍ර විචාරක පැසසුම් ලැබිලා තියෙන මේ නිර්මාණයට IMDb 7.4ක අගයකුත්, 68%ක රොටන් ටොමෑටො අගයක් සහ 79%ක ගූගල් මනාපත් ලැබිලා තියෙනවා. Anthology, Science fiction, Fantasy, Action, Horror, Black comedy සහ Psychological drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ නිර්මාණයේ එක කොටසක් මිනිත්තු 8-20 අතර වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් සීක්‍රට් ලෙවල් දෙවන කතාමාලාවක වැඩ කටයුතු ආරම්භ වන බව නිෂ්පාදකවරු සහතික කරලා තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවේ එක් එක් කොටස් සඳහා ලොව පුරා ජනප්‍රිය වූ විවිධ වීඩීයෝ ගේම්ස් 15ක කතා පාදක කරගෙන තියෙනවා. අද ඉඳන් මේ කතාමාලාවේ කොටස් 3 ගානේ මම ඔයාලට අරගෙන එනවා. එහෙනම් අද කතාංග තුනේ විස්තර බලලා ඉමු.
01. Dungeons & Dragons: The Queen’s Cradle – මකරුන් සහ රණශුරයෝ
පලමු කතාංගයට පාදක වෙන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන Dungeons & Dragons ගේම් එකයි. විවිධ බලයන්ගෙන් සමන්විත රණශූරයක් කිහිප දෙනෙකුට හමුවන සොලොන් නම් අද්භූත දරුවා සහ ඔහු වටා ඇති මාරකය කුමක්ද කියලා ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුළුවන්.
හඬ කැවීමේ ශිල්පීන්: Noah Manzoor, Madeleine Knight, Laura Wohlwend, Delroy Atkinson, Paul Ridley, Rita Estevanovich, Umulisa Gahiga සහ Tracy Wiles.
02. Sifu: It Takes a Life – පළිගැනීමක වටිනාකම
2022දී Sloclap සමාගම විසින් නිකුත් කල Sifu නම් වීඩීයෝ ගේම් එක අනුසාරයෙන් ලියැවුනු මේ කතාංගයේ තම පියාගේ මිනීමරුවන්ගෙන් පළිගැනීමට වෙර දරන තරුණ මාෂල් ආර්ට් ගුරුවරයෙකුගේ ක්‍රියාදාමය දැකගන්න පුළුවන්. පළිගැනීම කියන තරම් හිත සනසනවද? එයට ගෙවන්න වෙන වටිනාකම කොච්චරද වගේම එහෙම වටිනාකමක් ගෙවන්න තරම් පළිගැනීම කියන්නේ වටිනා දෙයක්ද?
හඬ කැවීමේ ශිල්පීන්: Parry Shen, Madeleine Knight, Lydia Look
03. New World: The Once and Future King – සදාකාලික රාජ්‍යත්වය වෙනුවෙන්
ඇමසෝන් ගේම්ස් විසින් නිකුත් කරපු විශාලතම ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම් එක වෙන New World ආශ්‍රයෙන් නිර්මාණය උන මේ කතාංගයේ ප්‍රධාන චරිතයට හඬ දායකත්වය දෙන්නේ අපි හැමෝම හොඳින් දන්න ආර්නෝල්ස් ස්වාසනේගර් මහත්මයා. රජෙක් කියන්නේ බලය ලබාගනිමින් අධිරාජ්‍යයන් පිහිටුවන එක විතරද? තමන්ගේ යටත් වැසියන් එක්ක ගනුදෙනු කරන්න ඕන කොහොමද? කුණාටුවකින් අරුම පුදුම දූපතකට ගොඩබාන ආඩම්බරකාර ඇල්ස්ට්‍රෝම් රජතුමාට මූණ පාන්න වෙන්නේ සුළු පටු දේවල් වලටනම් නෙමෙයි.
හඬ කැවීමේ ශිල්පීන්: Arnold Schwarzenegger, Gabriel Luna, Carlo Rota.
පළමු කතාංග තුන පෙළ ගැහිලා තියෙන්නේ ඔන්න ඔහොමයි. අනිවාර්යෙන්ම තවත් කොටස් තුනක් හෙට දෙන්නම්. ඒ වගේම මට මේ කතාමාලව මට කරන්න බාර දුන්න අපේ සනූප රන්මෙත් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඔයාලා උපසිරසිය අරගෙන ප්‍රතිචාරයකුත් එකතු කරගෙනම යන්න. ඊලඟ කොටස් තුලින් නැවත හමුවෙමු. ජයවේවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,757 downloadsDownload Secret-Level-S01-E01-E02-E03-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Secret Level Season 01 Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Arnold Schwarzenegger
- #Carlo Rota
- #Delroy Atkinson
- #Editor's Pick
- #Gabriel Luna
- #Laura Wohlwend
- #Lydia Look
- #Madeleine Knight
- #MaxxA
- #Noah Manzoor
- #Parry Shen
- #Paul Ridley
- #Rita Estevanovich
- #Secret Level
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #Umulisa Gahiga
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Thilanka Dilshan
Anonymous
supiri
Kasun
Dune Prophecy 2024 series ekata sub dennako bro ❤️
Anonymous
බොහොම ස්තුතියි සහෝ. බොහොම පින් මේ කරන සේවයට
Anonymous
Love death and robots කියන්නෙ පට්ටම සීරිස් එකක්. ඔයාලා සිංහල සබ් දෙන නිසා තමයි අපිට මේ වගේ සුපිරි සීරිස් බලන්න පුලුවන් උනේ. ඔයාලට ගොඩක් පිං අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකරලා සබ් කරනවට. ඔයාලා නිසා තමයි මේ සුපිරි සීරිස් අපි බලන්නෙ. කොච්චර ස්තූති කලත් මදි. Love death and robots වගේ මේකත් සුපිරියක් වගේ.. අනිවා බැලිල්ලක් තමයි ඉතින්. නැවතත් බොහොම පිං මේ සිංහල සබ් කරනවට. ඔබට ජයෙන් ජයම වේවා සහෝ... දිගටම මේ වගේ සුපිරි වලට සබ් දෙන්න. ජය...
Dasun Lakruwan
සුපිරි වැඩක් ඩවුන්ලොඩ් කරගෙන හිටියෙ දැන් සබ් එක්කම බලන්න පුළුවන් එහෙනම්
Buddhika laKMal
ස්තූතියි යුරාන් ධනුක සහෝ මේ සීරිස්එකට සිංහල සබ් ගෙනාවට...........
Kavinda Robertson
balagena htye nice nice
Bimsara Yashan (ඔලිව)
බලන්නම ඕනෙ එකක් මේක නම්. බොහොම ස්තූතියි සහෝ මේකට උපසිරැසි දුන්නට. ඉතුරු එපිසෝඩ්ස් ටිකටත් දෙමු ඉක්මනින්. ජයවේවා!
Buddhika laKMal
මචං පුලුවන්නම් The Day Of The Jackal සීරිස් එකටත් සබ් දෙන්නකෝ....
Kavinda Robertson
anith ewata sub denko
Advertisement


ithuru tikath oneeeeeee brooooooo