“21 වෙනි ශතවර්ෂයෙදී මාරාන්තික වෛරසයක් පැතිරී යෑමෙන්, පෘථිවි ජනග්‍රහණය මිලියන දෙකකින් අඩු විය.” “එයින් බේරිච්ච සෑම මනුෂ්‍යයෙක්ම අන්ධ විය.” “ශතවර්ෂගණනාවකින් පසුව, දෘෂ්ටිය පිළිබඳ අදහස මිත්‍යාවක් විය. එය පිළිබඳ කතා කරන තැනැන්තාද මිත්යාදෘෂ්ටිකයෙක් බඳුය.” උඩ කියපු දෙ කියපුවම තේරුම් අරගන්න පුළුවන්නෙ මේ ක…

“21 වෙනි ශතවර්ෂයෙදී මාරාන්තික වෛරසයක් පැතිරී යෑමෙන්, පෘථිවි ජනග්‍රහණය මිලියන දෙකකින් අඩු විය.”
“එයින් බේරිච්ච සෑම මනුෂ්‍යයෙක්ම අන්ධ විය.”
“ශතවර්ෂගණනාවකින් පසුව, දෘෂ්ටිය පිළිබඳ අදහස මිත්‍යාවක් විය. එය පිළිබඳ කතා කරන තැනැන්තාද මිත්යාදෘෂ්ටිකයෙක් බඳුය.”
උඩ කියපු දෙ කියපුවම තේරුම් අරගන්න පුළුවන්නෙ මේ කතාව මොකද්ද කියල. කොහොමහරි වෙන දේවල් කියවන්න කලින් පොඩ්ඩක් මේ ගැන කතා කරමුකො. මනුශ්‍ය අපිට වඩා සමහරක් සත්වයින්ට හොඳ ශ්‍රවණ හැකියාවක් පවතිනව කියල දන්නවද? මනුශ්‍යයින් වන අපෙ කණට හර්ට්ස් 20 සිට 20,000 ඇසෙනව. නමුත් බල්ලෙක්ට හර්ට්ස් 40 සිට 46,000 ක්. මෙවැනි ආකාරයට එක් එක් සත්වයින්ට එක එක ශ්‍රවණ හැකියාවක් තියෙනව. ලෝකය හරිම පුදුමාකාරයි කියල හිතෙනව. කොහොමහරි ඔයාලා බලනව ඇති ඇයි මම මෙහෙම දෙයක් කිව්වෙ කියලා. ඔයාල දන්නවනෙ අපිට බලන්න ඇස් දෙකක් අහන්න කණ් දෙකක් වගේම සුවඳ බලන්න නහයක් තියෙනව කියල. හොඳයි උඩ සඳහන් වෙනවා වෛරසයෙන් බේරිච්ච මිනිස්සු අන්ධ වෙනවා කියලා. හැබැයි කොහොමද මේ මිනිස්සු බේරිල ඉන්නෙ? ඇත්තම කියනවා නම් මේක නිගමනයක් විතරයි. ඇත්තටම එහෙම දෙයක් තිබෙනවාද කියල කියන්න අමාරුයි. කතාවේ හැටියට මේ මිනිස්සුන්ගෙ ඇස් අන්ධ වෙනවාත් එක්කම තමන්ගෙ ශ්‍රවණ හැකියාව ගොඩක් වැඩිවෙනවා. ඔයාලා හිතනව ඇති ඒක නිකන්ම කිව්වා නම් ඉවරනෙ කියල. නිකන් දැනුමට යමක් කියලා හිතාගෙනකෝ. කොහොමහරි කතාවේදී ”සෙන්ටියර්සසලා” කියල කට්ටියක් ඉන්නවා. මෙයාලගෙන් තමන්ගෙ ශ්‍රවන හැකියාව එහෙම වර්ධන කරගත්තු කට්ටිය. ඒවගේම තවත් කට්ටිය ඉන්නවා. ඒක බලනකොට තේරුම් යයි කවුද මේ කට්ටිය කියලා. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
ස්ට්‍රීමින් සර්විස් කිව්වට කාට කාටත් මතක් වෙන්නෙ “Netflix” කියලනෙ. ඔන්න ඒකට අභියෝග කරන්න තව එකක් ඇවිත් තියෙනවා. ඒ තමයි “Apple Tv Plus” මීට මාස ගාණකට කලින්ම ඔවුන් නිවේදනය කළා “ලොකු විදයමක් දරා” රූපවාහිනී කතා මාලාවන් බොහොමයක් නිර්මාණය කරනවා කියලා. ඔන්න එහි පළමුවැන්න තමයි මේ “See” කතා මාලාව. දැන් බලනව ඇති නෙට්ෆ්ලික්ස් වගේ නම් ඔක්කොම එක ගැම්මට බලල දාන්න පුළුවන් ද කියලා. කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ එහෙම නැහැ කියලා. මේ වෙනකොට කොටස් තුනක් පමණක් එකවර නිකුත් කරල තිබෙනවා. නමුත් ඉදිරි කොටස් ටික සතියට එක ගානෙ තමයි බලන්න සිද්ධ වෙන්නෙ. මේ වෙනකොට IMDb අගය 8.0 ක් වගේම කුණු තක්කාලි අගය 50% අරගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් ඇක්වමෑන් හෙවත් Jason Mamoa සහ Hera Hilmar l Nesta Cooper l Sylvia Hoeks l Alfre Woodard l Christian Camargo අනෙකුත් සෙසු චරිත වලට තම රංගන දායකත්වය ලබාදෙනවා. හොඳයි එහෙනම් මම තවත් කියවන්න යන්නෙ නැහැ. අපි කතාව පැත්තට හැරෙමුකො.
උඩ කිව්ව වගේම මාරාන්තික වෛරස නිසා පෘතුවියෙ ජනග්‍රහණය ගොඩක් අඩු වෙනවා. ඒවගේම බේරුණු කට්ටිය අන්ධ භාවයට ලක්වෙනවා. හැබැයි මේක තාවකාලික දෙයක් වෙන්නෙ නැහැ. මෙය ශතවර්ෂ ගණනාවක් ගිහිනුත් පවතිනවා. හැබැයි මේ හැමදේම වෙනස් වෙන්නයි යන්නෙ. ඒ එක්තරා ගමක සිටින කාන්තාවක් මෙලොවට දරුවන් දෙදෙනෙක් බිහි කරනවා. හැබැයි මෙයාලා විශේෂ දරුවක්. ඒ මොකද මොහුන්ට පෙනීම තියෙනවා. ඒවගේම තමයි මොවුන්ගෙ තාත්තා වෙන්නෙ ජෙරමරෙල් කියල කෙනෙක්. ඔහුටත් පෙනීම තියෙනවා. ඒත් කොහොමද එහෙම වෙන්නෙ? පළවෙනි කොටස නිසා හරියටම කියන්න අමාරුයි. ඒ කොහොමහරි පෙනීම තියෙන කට්ටියව හදුන්වන්නේ මිත්යාදෘෂ්ටිකයෙක් ලෙස. ඉතින් මේ ළමයි පස්සෙ විච්ෆයින්ඩර්ස්ලා කියන කට්ටියක් එනවා. එයාලා කරන්නෙ මායා කාර්ම කියල හඳුන්වන දේවල් විනාශ කරල දාන එක. මේ ගමේ ඉන්නවා බාබා වාස් කියල රණශුරයෙක්. ඔහු තමයි අර උඩ සඳහන් කරපු ළමයි දෙදෙනාව බලාගන්නේ. ඉතින් ඔහුගෙ මේ ළමයින්වයි ගෑණිවයි අරගන්න එන විච්ෆයින්ඩර්සලට මොහු මොනවා කරයිද? අහුවෙයිද ? නැත්තම් මැරෙන්න සිද්ධ වෙයිද ඔවුන්ට? තව මොකුත් කියන්නෙ නැහැ. ඔයාලම බලලා දැනගන්න.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
31,985 downloadsDownload See-S01E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
77 comments
Hashan M. Priyadarshana
Stranger
thanks
Dilshan Madhushanka
Thanks bro
Episode 2 kawadada labenne
TharakaD
THanks.watchmen එකෙ සබ් එකත් දෙමු.gg
nish1
thx meka enakan baln indiye
Suranjan
Ela thanks......Eayawewa.....!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..වෙනදා වගේම ඉතිං සුපිරියකට අත ගහලා තියෙන්නෙ රවිදු සහෝ. මේක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ..දිගටම දෙමු සහෝ...බුදුසරණයි...ජය වේවා!
AGCHarshana
කාටවත් මොකුත් පෙන්නේ නැත්නම් මෙයාල ඇදුම් එහෙම නැතුවද ඉන්නේ? ඔය සීතලට එහෙම නැතුව නිකන් සාමාන්‍ය වෙලාවට :)
Anonymous
apita penavane bm
ranga11112
patta kathawak kalekin balanna puluwan wei wage..bs
pradeep kumara premathilaka
Sthuthi sub ekata
Neo_Chathuwa12
2 ep ekatath ikmanata Sub denna Tnx Sub ekata !!
nirmal de davin
thanku
Lahiru Kekulandara
kathawa hoda athi kiyala hithanawa
sub eka nawaththanne nathuwa serias eka iwara wenakan digatama denna
sub ekata thanks
Jaya Wewa!lakmal chathuranga
patta sho tank you digatama demu jayawewa
tharusharanuli
තෑන්ක්ස් බ්‍රෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම අරන් එමු....Tharushaperera
Sub ekata thanks machoo
Hiran Eranda
thanks for the sub
dhanuteshi
tnx..broo...
Psupunbgy
Sub එකට ස්තූතියි සහෝ.. ඉක්මනට අනිත් එකත් දාන්න
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Rangana
Thanks for Subtitle...........
Jayawewa.............!!!!!!!!!!!Piumi vinodya
thanks for the sub, pal
ChamalKanishka
Thnx sub ekata
Dilshan Madhushanka
Thanks bro
Episode 2 eka kawadada labennesudesh777
උපසිරැසියට ගොඩක් ස්තුතියි. ඒ වගේම පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි...
මෙතන මුලන්ම කියල තියෙනවනෙ "පෘථිවි ජනගහනය මිලියන දෙකකින් අඩු වුණා" කියලා.
එතන පොඩි වැරැද්දක් තියෙනවා. හරි අදහස තමයි "ලෝක ජනගහනය මිලියන දෙකකටත් අඩු ප්‍රමාණයක් දක්වා අඩු වුණා" කියන එක.පෘථිවි ජනගහනය මිලියන දෙකකින් අඩු වුණා කිවුවම හැගවෙන්නේ දැනට ඉන්න ජනගහනයෙන් මිලියන දෙකක් අඩු වුණා කියන එක... හරි අර්ථය වෙන්න ඕන මුළු ජනගහනයෙන් ඉතුරු වුණේ මිලියන දෙකකටත් වඩා අඩු ප්‍රමාණයක් කියන එක.
ස්තුතියි...
Psupunbgy
Sub එකට ස්තූතියි සහෝ.. ඉක්මනට අනිත් එකත් දාන්න
000012
ෆය්ට ඕයි තෑම්ස්, මේක ඉක්මනට දුන්නට
anushkawebnet
thanx bro....sub ekata
Bhathiyawijesundara
Thankss...bro...sub ekata.
Isharrox
සිංහල sub එක දුන්නට ස්තුතියි අනිත් එකත් දාන්න thanks
dilanka_sadaruwan
Thnx brhd
DON_ANGZ
Awesome tv series. Please release other episodes subtitles. thank you.
chandikaranaweera
thanks broo anith ewath ikmanata dandoo... jaya
wewa..........Sumudu Nuwan
තැන්ක්ස්... ඉක්මනට දෙමු
Thanks baiscope
Thilesh De Silva
Thank you very much for the subtitle..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
ඔෂද ධනංජය
thanks sahoo
Asanjana_Lahiru
tnq saho
Lahiru Kekulandara
කතාවනම් හොදයි වගේ
දිගටම උපැසිරස දෙන්නකෝ
ජය වේවා!dush135
ela
suranuwan
thank you..
Achi
Thank bokka
wajira888
Thanx saho
myhome
thank kollka
Akash Fdo123
Thanks for sub
madawaththa
ස්තූතියි සහෝ..
Pramukmili
Thanxx bro...........
sahancharuka
thank you
Sandarunimsara
Sub ekata tnx bro
Lasa_Sadaru
Ela thanks............
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![See (2019-) [S01 : E01] Sinhala Subtitles | ලොවක් අන්ධ කෙරූ වෛරසය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/See-S01-1.1.jpg)


තෑන්ක්ස් සබ් එකට.. :)
ඉතුරු එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් එක ගේන්න