ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම. ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු කතාමාලවක උපසිරසි දිගටම දෙන්නයි ලැස්ති වෙන්නේ. 2019 වසරේ Apple TV+ නිෂ්පාදනය කරපු See කතාමාලාව අතිශයින් ජනප්‍රිය උනා. කතාව දෙන්න නම් ටිකක් පරක්කු උනා තමා. හුගාක් අය කමේන්ට්ස් වලින් සහා inbox messages වලින් ඉල්ලීම් කලා මේ කතාමාලාව දෙන්න කිය…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම. ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු කතාමාලවක උපසිරසි දිගටම දෙන්නයි ලැස්ති වෙන්නේ. 2019 වසරේ Apple TV+ නිෂ්පාදනය කරපු See කතාමාලාව අතිශයින් ජනප්‍රිය උනා. කතාව දෙන්න නම් ටිකක් පරක්කු උනා තමා. හුගාක් අය කමේන්ට්ස් වලින් සහා inbox messages වලින් ඉල්ලීම් කලා මේ කතාමාලාව දෙන්න කියලා. ඉතිං ඒ ඉල්ලීම් වලට ධනාත්මක ප්‍රතිචාරයක් ලෙස මේ කතා මාලාව මම සහා යුරාන් ධනුක සහෝදරයා සමග එක්ව දෙන්න හිතුනා.

විද්‍යා ප්‍රබන්ධ තේමාවක් සමඟ ක්‍රියාදාම ද නොඅඩුව ඇතුලත් උන මේ කතාමාලවට හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිලිපීන් දායක උනා. මේ තුන්වෙනි කතා සමය කතා මාලාවේ අවසානය බව කතාමාලාව ආරම්භ වෙද්දිම එහි නිෂ්පාදකයෝ තහවුරු කරලා තිබුනා. හැමෝම නොඉවසිල්ලෙන් ඉන්න නිසා කතාව අමතක අයට පහුගිය කතා සමයන් දෙක සංක්ෂිප්තව මතක් කරගෙන ඉමු නේද.
See පලමු කතා සමය

පශ්චාත් ලෝක විනාශයකට පසු අනාගත ලෝකයේ මිනිසුන් සියල්ලම අන්ධභාවයට පත් උනා. දියුණුවේ හිණි පෙත්තේ සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන් ගොඩනගපු දේවල් සියල්ල අභාවයට ගොස් වර්තමාන මිනිසුන්ට අළුතින්ම තමන්ගේ ජීවිත පටන් ගන්න සිදු උනා. ඒත් ඒ හැමදේම කරන්න උනේ පෙනීම නැතුවයි. මේ පෙනීම කියන දේ ඔවුන්ට මිත්‍යාවක් බවට පත් උනා. පෙනීම ගැන කතා කරන කෙනෙකුට ක්ෂණික මරණයක් ලබා දෙන්නත් එවකට පාලකයන් මැලි උනේ නෑ. මේ අතර තමයි ඈත කඳුකර වාසී ගෝත්‍රයක් වූ ඇල්කනී ගෝත්‍රයේ බාබාවාස් සහ මාග්‍රා හට නිවුන් දරුවන් දෙන්නෙක් උපදින්නේ. නමුත් මේ ලමයින්ගේ සැබෑ පියා වෙන්නේ ජර්ලමරෙල් කියන පෙනීම තියෙන කෙනෙක්. ඉතිං මේ දරුවන් දෙන්නටත් පෙනීම තියෙන බව දැනගන්න බාබාවාස් ඔවුන්ව රහසින් හදාවඩා ගන්නවා. මේ අතර කේන් වංශයේ සිබෙත් කේන් රැජින පෙනීම තියෙන මිනිසුන්ව සමූල ඝාතනය කිරීමට විච්ෆයින්ඩර්ස් නම් ඇයගේ හමුදාවක් පිටත් කරනවා. ඇල්කනි ගමට මේ විච්ෆයින්ඩර්වරු පහර දුන්නත් ලමයි දෙන්නත් රැගෙන පලා යන්න බාබා වාස් සමත් වෙනවා. ඒ වගේම මාග්‍රා කියන්නේ කේන් වංශයේ කුමරියක් වගේම සිබෙත්ගේ සහෝදරිය කියලත් අපිට දැනගන්න ලැබෙනවා. අන්තිමට බාබාගේ දරුවෝ දෙන්නා වෙන හනීවා සහ කෝෆූන්ට තමන්ගේ ඇත්ත තාත්තව හම්බෙනවා වගේම ඔහු හනීවාව ට්‍රිවාන්ටියානු දේශයට අල්ලලා දෙනවා. හනීවාව හොයාගෙන එන බාබා වාස් ජෙරමලරෙල්ව අන්ධ කරලා හනීවාවා හොයාගෙන යන තැනින් තමයි පළමු කතා මාලාව අවසන් වෙන්නේ.
See දෙවන කතා සමය

හනීවාව හොයන් යන බාබා වාස්ට හම්බෙන්නේ ඔහු හීනෙන්වත් නොහිතපු පුදගලයෙක්. ඒ තමයි දෙවෙනි කතා මාලාවේ සතුරා බවට පත් වෙන බාබා වාස්ගේ සහෝදරයා වෙන ඊඩෝ වාස්. ඔහු ඉතාම බිහිසුණු පුද්ගලයෙක් වගේම ට්‍රිවාන්ටියානු හමුදාවේ ජෙනරාල් වෙන්නෙත් ඔහු තමයි. හනීවව බේරගන්න ගිහින් බාබාවාස් අහුවුනත් කොහොමහරි හනීවාත් එක්ක පැනලා එන්න බාබා සමත් වෙනවා. පායාන්වල ඉන්න සිබෙත්ගේ කපටි වැඩ නිසා රාජ්‍යයේ ගොඩක් අවුල් ඇති වෙනවා වගේම ඒ නිසා ඇයව බලයෙන් පහ කරලා මග්‍රා පායන්වල රැජින බවට පත් වෙනවා. ඇය ට්‍රිවාන්ටියානුවෝ එක්ක සාමය ගොඩ නගන්න හැදුවත් සිබෙත්ගේ වැඩ නිසා ඒක යුද්ධයක් දක්වාම දිග්ගැස්සෙනවා. බාබාවාස් එක්ක බද්ධ වෛරයකින් ඊඩෝවාස් බලවත් හමුදාවක් එක්ක පායාන් ආක්‍රමණය කරනවා. කොහොමහරි බාබාවාස් ඇතුළු අනිත් අයගෙත් උපක්‍රම නිසා ට්‍රිවාන්ටියානු හමුදාව විනාශ වෙලා බාබාවාස් අතින් ඊඩෝ වාස්ට මැරෙන්න වෙනවා. අන්තිමට අපි දැක්කේ බාබාවාස් හැමෝටම හොරෙන් පායාන් වලින් පිටවෙලා යන්න යනවා වගේම කෝෆුන්ගේ දරුවෙක් කුසේ ඉන්න සිබෙත්ව හිර කරලා ඉද්දි ඇයව බලාගන්න එන පැරිස්ව ඇය මරන විදියයි.
ඔන්න ඔහොමයි පසුගිය කතා මාලා දෙක අවසාන උනේ. අද කොටස ආරම්භ වෙන්නේ බාබා පායන් හැර ගිහින් අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙද්දියි. ආරම්භයෙන්ම අපිට සිබෙත්ගේ දරු උපත බලාගන්න පුළුවන්. ඒ වගේම බාබා වෝස් පායාන් වලින් ගියාට පස්සෙ එයා කොහෙද හිටියේ ? මාග්‍රා සහ දරුවෝ දෙන්නා පායන්වල ජීවත් උනේ කොහොමද ? ග්‍රීන්හිල් සටන පරාජය උන ට්‍රිවාන්ටියානුවෝ මොකද කරන්නේ ? කියන ප්‍රශ්න හැම එකටම උත්තර අද බලාගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි කොටසින් ඉක්මනට ඔයාලවම් හම්බෙන්නම්.එසේම මේ ලිපිය සදහා සහයෝගය ලබා දුන් යුරාන් ධනුක සහෝදරයාට ද මාගෙ ස්තූතිය පිරිනමමි

කතාංගයේ නම : “Heavy Hangs the Head”
කතා රචනය : Jennifer Yale and Jonathan Tropper
අධ්‍යක්ෂණය : Anders Engström
IMDb අගය : 7.6
විකාශය වු දිනය : 2022 අගෝස්තු 26
මීලග කතාංගය : “Watch out for Wolves”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,305 downloadsDownload See-2019-S03-E01.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
17 comments
යුරාන් ධනුක (දනුවා)
Ravindu_Heshan
ස්තූතී සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ...
මේක දෙනකල් තමයි බලන් හිටියේ...
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnonymous
අනේ මගෙ ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ..ඇයී ඒ
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
නල්ලා
බොහොම ස්තුතියි සහෝ සබ් එකට .....
මේකට සබ් ඉල්ල ඉල්ල තදියම් වෙච්ච උන් එකෙක්ටවත් දැන් තැන්ක්ස් කරලා කමෙන්ට් එකක් දාන්න බෑ,ජරා හැත්තKushan
Sub akta thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Gayya
Danda mathak une.
Chandima
මේක දෙනකන් බලන් හිටියේ..ගොඩක් ස්තූතියි...
Supun Kaushalya
තෑන්ක්ස්
Asanga kb
bohoma sthuthi machan.. jayama wewa.
Sumesh
සීසන් 03 ඔක්කොම දෙන්නකො
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
fillm eka gaththe kohenda
විමා
link meken ganna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ