Watch Trailer

She-Hulk: Attorney at Law [S01 : E09] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි]

සමගාමි විකාශය ඇති යාන්තන් අල්ලගත්තා. ඉතින් අද මේ අරන් එන්නේ She-Hulk: Attorney At Law එකේ නමවෙනි එපිසෝඩ් එක හෙවත් ෆිනාලේ එක. මේක නම් කරලා තියෙන්නේ “Whose Show Is This?” කියලා. මේ එපිසෝඩ් එකේ අපට කතා මාලාව පුරා දකින්න ලැබුණු චරිත ගොඩක් දකින්න ලැබෙනවා. ඒවගේම අලුත් චරිතයක් හඳුන්වා දීමකුත් සිදු වෙනවා.…

සමගාමි විකාශය ඇති යාන්තන් අල්ලගත්තා. ඉතින් අද මේ අරන් එන්නේ She-Hulk: Attorney At Law එකේ නමවෙනි එපිසෝඩ් එක හෙවත් ෆිනාලේ එක. මේක නම් කරලා තියෙන්නේ “Whose Show Is This?” කියලා. මේ එපිසෝඩ් එකේ අපට කතා මාලාව පුරා දකින්න ලැබුණු චරිත ගොඩක් දකින්න ලැබෙනවා. ඒවගේම අලුත් චරිතයක් හඳුන්වා දීමකුත් සිදු වෙනවා.

පසුගිය කොටසින්

ඉතින් ඩෙයාඩෙවිල් රසිකයෝ නම් කලින් එපිසෝඩ් එක සෑහෙන කැමැත්තෙන් බලන්න ඇත්තේ. මොකද ඒක තමයි අපි ඔක්කොම පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් බලාගෙන හිටපු එක. මැට් මර්ඩොක් හෙවත් ඩෙයාඩෙවිල්, ජෙනිෆර් වෝල්ටර්ස් හෙවත් ෂී-හල්ක් එක්ක උසාවියේදි තරඟ කරන හැටි අපි දැක්කනේ. ඊට අමතර ලීප්ෆ්‍රොග් ලූක් ජේකබ්සන්ව පැහැර ගැනීම නිසා ඩෙයාඩෙවිල් සහ ෂී-හල්ක් එකට සටන් කරනවා දකින්න ලැබුණා. (පේන විදියට නම් මෙල්වින් හිරේ ගියාට පස්සේ මැට් ලූක්ට කියලා ඇඳුම් මහගන්න තීරණය කරලා වගේ. කොහොමහරි මෙල්වින් හදලා දුන්න ආයුධය තාමත් එයා ළඟ තියෙන එකට සතුටුයි.) ඇයි, ඩෙයාඩෙවිල් vs. ෂී-හල්ක් සටනකුත් අපට දකින්න ලැබුණනේ. ඩෙයාඩෙවිල් එපිසෝඩ් එකක් ආව නිසා සීසන් එකේ හොඳ fight scenes ටිකක් ලැබුණු බවට නම් ෆෑන්ස්ල ඒකමතිකව එකඟ වෙනවා. මේ සීරීස් එකේ හොඳම එපිසෝඩ් එක විදියට සලකන්නේ මේකයි. ඩෙයාඩෙවිල්ව ෂී-හල්ක් එක ලොකුවට වෙනස් කරලා නැති එකට නම් සතුටුයි. Charlie Cox D23 එකේදී සඳහන් කළා මේ ඉන්නේ තමන්ගේ ජීවිතේ හොඳ කාලපරිච්ඡේදෙක ඉන්න මැට් මර්ඩොක් කියලා. (ඇත්තටම කියනවා නම් මේ මැට්ගේ හැසිරීම Daredevil season 1 එකේ එයා නීති විද්‍යාලේ ෆොගී එක්ක ඉන්නකොට ඉන්න කාලෙට සමානයි [S01E10: Nelson V. Murdock බලන්න] ). කොහොමහරි අවසානයට අපි දැක්කනේ Hulk King කියන ඉන්ටලිජෙන්සියා සයිට් එකේ ඇඩ්මින් ෂී-හල්ක්ව ප්‍රසිද්ධියේම අවමානයට ලක් කරනවා. අවසානයේ ජෙන්ට තමන්ව පාලනය කරගන්න බැරි වුණානේ. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්නේ එතනිනුයි.

She-Hulk Episode 8 QR Code

ඉතින් මේ එපිසෝඩ් එකෙත් සුපුරුදු විදියටම QR කෝඩ් එකක් තිබුණා. මේක මතුවෙන්නේ ෂී-හල්ක් සහ ඩෙයාඩෙවිල් Lily Pad හෙවත් ලීප්ෆ්‍රොග් ගේ රහසිගත වාසස්ථානයට යන අතරතුරයි.

ඉතින් මේ කෝඩ් එක ස්කෑන් කළාම අරන් යන්නේ 2014 She-Hulk #9ට. මේකෙත් තියෙන්නේ ෂී-හල්ක් සහ ඩෙයාඩෙවිල් අතරේ හමුවීමක් තමයි.

ඉතින් එහෙනම් මේ තමයි මම සබ් කරන දෙවෙනි මාවල් කතාවේ අවසානය. සීසන් 2ක් ඒවිද කියලා දැනට නම් හරියටම කියන්න බෑ. කොහොම වුණත් ෂෝ එක ගැන ෆැන්ඩම් එකේ තියෙන්නේ නම් එච්චර හොඳ feedback එකක් නෙමෙයි. ඒක නිසා මේකට දෙවෙනි සීසන් එකක් එන එක ගැන සැකයක් තියෙනවා. ඒත් කොහොම වුණත්, අපට ලැබුණු සීසන් එකට සබ් දාලා ඉවර කරන්න ලැබුණු එක ගැන සතුටුයි. මේ වනවිට කතා මාලාව IMDb දර්ශකයේ 5.1ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 87% කුත් ලැබිලා තියෙනවා. එහෙනම් කමෙන්ට් හරහා දිරි ගන්වපු හැමෝටමත්, සීරීස් එක අවසන් වෙනතුරු බයිස්කෝප් සිංහලෙන් සමඟ රැඳී සිටි ඔයාලටත් ස්තුති වෙනගමන් වැඩේ අහවර කරනවා. පීස් ✌️.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

5,619 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E09.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

5,619 downloadsDownload Subtitles25 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ..
    ජය

    හැකි නම් See Season 03 එකටත් සබ් කරන්න...

  2. Chämàrá Sâmpáth

    කිව්වා වගේම වැඩේ අන්තිම වෙනකල් කරගෙන ගිය එක ඇත්තටම වටිනවා. කතාව හොද හො නරක වේවා මමනම් අවසන් කොටස දක්වාම බැලුවා. සබ් කරපු කොටස් හැම එකකටම බොහොම ස්තුතියි!

  3. Gihan

    sub ekta thanks.
    jaya wewa

  4. Dulshan Kumara

    Thank you sub walata..i'm groot ekath oni

  5. එල්. සී. ‎දමැල්

    නියමයි මලේ. අධ්‍යාපණ වැඩත් බැලන්ස් කරගෙන, මේකෙ වගකීමත් කරට අර‍‍ගෙන වැඩේ අහවරක් කළාට ස්තුතියි!
    තව මාවල් සීරිස්වලට සබ් ගේමු :D
    දිගටම සබ් දෙන්න කාලය සහ හැකියාව ලැබේවා කියලා පතනවා. ජය! :)

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියී...❤

  8. Dewadithya

    Thanks for Sub!

  9. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.