කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම වෙලා ඉන්න ඔයාලට මම මේ පාර ඇන්මේෂන් කතා මාලාවක් අරගෙන ආවා. Seis Manos “අනාථ දරුවන් තිදෙනෙකුගේ කතාව” Seis Manos ස්පාඤ්ඤ භාෂවෙන් තේරුම වෙන්නේ අත් හයක් යන්නයි. IMDB අගය 7.3 ක අගයක් වාර්තා කළ මෙම කතා මාලාව Brad Graeber සහ Álvaro Rodríguez විස…

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම වෙලා ඉන්න ඔයාලට මම මේ පාර ඇන්මේෂන් කතා මාලාවක් අරගෙන ආවා.
Seis Manos “අනාථ දරුවන් තිදෙනෙකුගේ කතාව” Seis Manos ස්පාඤ්ඤ භාෂවෙන් තේරුම වෙන්නේ අත් හයක් යන්නයි. IMDB අගය 7.3 ක අගයක් වාර්තා කළ මෙම කතා මාලාව Brad Graeber සහ Álvaro Rodríguez විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු වැඩිහිටි සජීවිකරණ වෙබ් රූපවාහිනී කතා මාලාවකි. Animation, Short, Action ගණයට අයත් වන මේ කතා වස්තුව 2019 ඔක්තෝම්බර් මස 03වන දින පලමු කොටස තිරගත විය. එක කොටසක් මිනිත්තු 27ක් පුරාවට දිව යන මෙම කතා මාලාව කොටස් 08කින් සමන්විතයි. සටන් කලා ගුරුවරයෙකු විසින් ඇති දැඩි කරන ලද අනාථ දරුවන් භූත බලයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පුරාණ චාරිත්‍ර වාරිත්‍ර හා ලේ පූජා සම්බන්ධ අභිරහසකට ඇද දමා සැන් සයිමන් නගරය තම බලයට යටත් කරගන්න හදන El Baldeගෙන් නගරය මුදා ගන්න හදන ඇමරිකානු DEA නියෝජිතයෙකු සහ මෙක්සිකානු පොලිස් නිලධාරියෙකු වන ගාර්ෂියා නිර්භීත නරගයට හිතැති යුවතියකි. අනාථ දරුවන් තිදෙනෙක් වන සිලෙන්සියෝ, යේසුස් සහ ඉසබෙලා යන අය නගරයේ විනෝද වී නැවත නිවසට බලා එනවිට ඔවුන් දකින්නේ ඔවුන්ගේ ගුරුවරයා වන සීෆු ඝාතනය කර ඇති බවයි. තම ගුරුවරයාව ඝාතනය කරන්න හේතුව සොයා යන මොවුන් ඇමරිකානු DEA නියෝජිතයෙකු සහ මෙක්සිකානු පොලිස් නිලධාරියෙකු වන ගාර්ෂියා සමඟ එකතු වී සැන් සයිමන් නගරය තම බලයට යටත් කරගන්න හදන El Baldeගෙන් නගරය මුදා ගන්නත් තම ගුරුවරයාව ඝාතනය කරන්න හේතුවත් සොයා යනවා. 1970 දශකයේ මෙක්සිකෝවේ ප්‍රබන්ධ නගරයක් වන සැන් සයිමන් හි පිහිටුවා ඇති චීන සටන් කලාව පිළිබඳ පුහුණුව ලත් අනාථ දරුවන් තිදෙනෙකු වටා ගෙතෙන මෙම කතාව කුතුහලයෙන් යුතුව රස විඳිය හැකි හරි අපූරු කතා වස්තුවකි.
තෙවන කොටස (Night of the Wolves – වෘකයන්ගේ රාත්‍රිය)
ගාර්ෂියා සහ බ්‍රිස්ටර් පිළිතුරු සෙවීම සඳහා ජන සුව කරන්නෙකු වන මහළු කාන්තාවක් ගරාබිනා සොයා යනවා. මායාව භාවිතා කරමින් ඇය එල් බෝල්ඩේව දකිනවා. ගරාබිනා ඔවුන්ගේ විමර්ශනය දිගටම කරගෙනයන්නත් ඔවුන්ව ආරක්ෂා වෙන්නත් ඇය අමුතු විදිහේ දේවල් දී ඔවුන්ව පිටත් කරනවා. ඔවුන්ගේ නිවසට පහර ආපු යක්ෂයෝ වුනු මිනිස්සුගෙන් ඔවුන් සොයා ගත් දේ ඉසබෙලා පල්ලියේ පියතුමන්ට භාර දී ඒ භූත ඇඟිල්ලක් පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා.
හතරවන කොටස (Caged Dogs – කූඩු බල්ලන්)
සිලෙන්සියෝගේ කෝපය නිසා පියතුමන්ව ඝාතනය කර ඔහු පලා ගියා. නමුත් ඉසබෙලාවත් යේසුස්වත් නිලධාරි ගාර්ෂියා විසින් අත්අඩංගුවට ගෙන හිර කරා. නිලධාරි ගාර්ෂියත්, බ්‍රිස්ටත් ඔවුන්ව විශ්වාස කළේ නැහැ. දිගින් දිගටම ප්‍රශ්න කළා. මේ අතර එල්-බෝලඩේ දැන ගන්නවා ඔවුන්ට විරුද්ධව සටන් කරපු පියතුමා මිය ගියා කියලා. ඒ අනාථ දරුවෙක් වන සිලෙන්සියෝ අතින්. ඔවුන්ව සොයා මරා දමන්න හිතපු ඔහු මුලින්ම හිරගෙදර සිටි ඉසබෙලාවත් යේසුස්වත් හිරගෙදරදී සැලසුම් සහගත ව මරා දමන්න උත්සාහ කරනවා. කෙසේ හෝ ඔවුන් සටන් කරපු නිසාත් නිලධාරි ගාර්ෂිටාත් සැකයක් මතුවූ නිසාත් ඔවුන් සූදානම් වී සිටියා. ඒ උත්සාහ අසාර්ථක වුනු නිසා ඒල්-බෝල්ඩේ සුනඛයෝ දෙන්නෙක්ව යක්ෂයෝ කර හිර ගෙදර සිටි අයව විනාශ කරන්න පිටත් කළා.
මෙම කතා මාලාව උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් ඊළඟ කොටසින් හමුවෙමු! එහෙනම් හැමදෙනාම ආරක්ෂිතව ගෙදරටම වෙලා ඉන්න.
දෙවි පිහිටයි!
ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,223 downloadsDownload Seis.Manos_.S01E0304.Baiscopelk.com_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
8 comments
sachintha
Sandarunimsara
නියමයි සබ් එකට තැන්ක්ස් ❤
Ishan Madusha
බොහොම ස්තූතියි
podda
Thanks sis!!!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Suranjan
Thanks jayawewa......!
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි