කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම වෙලා ඉන්න ඔයාලට මම මේ පාර ඇන්මේෂන් කතා මාලාවක් අරගෙන ආවා. Seis Manos “අනාථ දරුවන් තිදෙනෙකුගේ කතාව” Seis Manos ස්පාඤ්ඤ භාෂවෙන් තේරුම වෙන්නේ අත් හයක් යන්නයි. IMDB අගය 7.3 ක අගයක් වාර්තා කළ මෙම කතා මාලාව Brad Graeber සහ Álvaro Rodríguez විස…

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම වෙලා ඉන්න ඔයාලට මම මේ පාර ඇන්මේෂන් කතා මාලාවක් අරගෙන ආවා.
Seis Manos “අනාථ දරුවන් තිදෙනෙකුගේ කතාව” Seis Manos ස්පාඤ්ඤ භාෂවෙන් තේරුම වෙන්නේ අත් හයක් යන්නයි. IMDB අගය 7.3 ක අගයක් වාර්තා කළ මෙම කතා මාලාව Brad Graeber සහ Álvaro Rodríguez විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු වැඩිහිටි සජීවිකරණ වෙබ් රූපවාහිනී කතා මාලාවකි. Animation, Short, Action ගණයට අයත් වන මේ කතා වස්තුව 2019 ඔක්තෝම්බර් මස 03වන දින පලමු කොටස තිරගත විය. එක කොටසක් මිනිත්තු 27ක් පුරාවට දිව යන මෙම කතා මාලාව කොටස් 08කින් සමන්විතයි. සටන් කලා ගුරුවරයෙකු විසින් ඇති දැඩි කරන ලද අනාථ දරුවන් භූත බලයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පුරාණ චාරිත්‍ර වාරිත්‍ර හා ලේ පූජා සම්බන්ධ අභිරහසකට ඇද දමා සැන් සයිමන් නගරය තම බලයට යටත් කරගන්න හදන El Baldeගෙන් නගරය මුදා ගන්න හදන ඇමරිකානු DEA නියෝජිතයෙකු සහ මෙක්සිකානු පොලිස් නිලධාරියෙකු වන ගාර්ෂියා නිර්භීත නරගයට හිතැති යුවතියකි. අනාථ දරුවන් තිදෙනෙක් වන සිලෙන්සියෝ, යේසුස් සහ ඉසබෙලා යන අය නගරයේ විනෝද වී නැවත නිවසට බලා එනවිට ඔවුන් දකින්නේ ඔවුන්ගේ ගුරුවරයා වන සීෆු ඝාතනය කර ඇති බවයි. තම ගුරුවරයාව ඝාතනය කරන්න හේතුව සොයා යන මොවුන් ඇමරිකානු DEA නියෝජිතයෙකු සහ මෙක්සිකානු පොලිස් නිලධාරියෙකු වන ගාර්ෂියා සමඟ එකතු වී සැන් සයිමන් නගරය තම බලයට යටත් කරගන්න හදන El Baldeගෙන් නගරය මුදා ගන්නත් තම ගුරුවරයාව ඝාතනය කරන්න හේතුවත් සොයා යනවා. 1970 දශකයේ මෙක්සිකෝවේ ප්‍රබන්ධ නගරයක් වන සැන් සයිමන් හි පිහිටුවා ඇති චීන සටන් කලාව පිළිබඳ පුහුණුව ලත් අනාථ දරුවන් තිදෙනෙකු වටා ගෙතෙන මෙම කතාව කුතුහලයෙන් යුතුව රස විඳිය හැකි හරි අපූරු කතා වස්තුවකි.
පස්වන කොටස (Blindfold – ඇස් බැඳි රෙදි කඩ)
ගරාබිනා සැන් සයිමන් වෙත දිව යනවා, දර්ශනයකින් පෙන්නුම් කරනවා ඇගේ බියගුලු සැමියා ඝාතනය කිරීමට උදව් කරපු මායාකාරිය බෝල්ඩේගේ මව බව. සිලෙන්සියෝව බේරා ගන්න ට්‍රක් රථයකින් එල්-බෝල්ඩේව හප්පලා තුවාල වුනු ලීනාව සුව කරන්න ගරාබිනාගේ ගෙදරට ආපු ඒ අය කවුරුත් නැති බව දැනගන්නවා. බ්‍රිස්ටර් ඩී.ඒ.ඒ අමතන්නේ ඔහුට බෝල්ඩේගේ මැදිහත්වීම උදව් එවන්නේ නැති බවත්, එහිදී ඔවුන්ට චියූගේ සහෝදරයා වන ෂිෆු ලො මුණ ගැහෙනවා. පසුව ලෝ ඔවුන්ගේ නව ගුරුවරයා බවට පත් වේ.
හයවන කොටස (Reunion – නැවත හමුවීම)
ගරාබිනා මියගොස් ඩෝජෝ පිටියේ තැන්පත් කරනවා. ගරාබිනා ඇගේ මායා ශක්තිය ගාර්සාගේ සිරුරට ලබා දී ඇය මිය යනවා. ලෝ ගාර්ෂියාට ඇගේ දර්ශනවලින් අවදි වීමට උදව් කරන අතර, එමඟින් බෝල්ඩේගේ මව වන ඇලෙජැන්ඩ්‍රාව බේරා ගත යුත්තේ කොහෙදී දැයි සොයා ගන්නවා. සැන් සයිමන්හිදී, බෝල්ඩේ යමෙකු සැට්-දුරකථනයෙන් සම්බන්ධ කර ගන්නා අතර, එහිදී ඔහු ඔවුන්ගේ “හවුල්කාරිත්වය” අවසන් කර සියලු වැඩිහිටියන් ඝාතනය කිරීමෙන් පසු සෑම දරුවෙකුම වහල්භාවයට පත් කර ගන්නවා. මේ අතර ලෝ ලීනාව මරා දමා මීට වසර ගණනාවකට කලින් ඔහුගෙන් සොරා ගත් යැයි කියන දේ සෑම තැනම හාරා සොයනවා.
මෙම කතා මාලාව උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් ඊළඟ කොටසින් හමුවෙමු! එහෙනම් හැමදෙනාම ආරක්ෂිතව ගෙදරටම වෙලා ඉන්න.
දෙවි පිහිටයි!
ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
848 downloadsDownload Seis.Manos_.S01E0506.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
8 comments
රුචිර
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandarunimsara
සබ් එකට තෑන්ක්ස් ❤
Ishan Madusha
බොහොම ස්තූතියි
podda
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sub1 ට ස්තුතියි.....!