Watch Trailer

Better Call Saul [S03 : E10] Sinhala Subtitles | ගෙදර යමු එහෙනම්! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, මේ අරගෙන එන්න සූදානම Better Call Saul කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ අවසාන කොටස. එන්න එන්නම කතාව උණුසුම් වෙනවා කියලා තමයි තේරෙන්නේ මටනම්. ඒ වගේම මේ අවසාන කොටස විතරක් අදාල විකාශය වුන දවසේ ඇමරිකාව තුල පමණක් මිලියන 1.85ක පිරිසක් නරඹලා තියෙනවා. ඉතින් ලොකුවට දෙයක් කියන්න යන්නේ නැහැ. පසුගිය…

හොඳයි එහෙනම්, මේ අරගෙන එන්න සූදානම Better Call Saul කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ අවසාන කොටස. එන්න එන්නම කතාව උණුසුම් වෙනවා කියලා තමයි තේරෙන්නේ මටනම්. ඒ වගේම මේ අවසාන කොටස විතරක් අදාල විකාශය වුන දවසේ ඇමරිකාව තුල පමණක් මිලියන 1.85ක පිරිසක් නරඹලා තියෙනවා. ඉතින් ලොකුවට දෙයක් කියන්න යන්නේ නැහැ. පසුගිය කොටසින් මොකද වුනේ කියලා බලමු එහෙනම්.

අයිරීන් කියන්නේ සැන්ඩ්පයිපර් ක්‍රොසින් නඩුවේ හිටපු වයසක කාන්තාවක්. ඉතින් ජිමී අයිරීන්ව බලන්න ගෙදර ගියපු වෙලාවේ ජිමී දැනගන්නවා ඩේවිස් ඇන්ඩ් මේන් සමාගම සහ හැම්ලින් හැම්ලින් ඇන්ඩ් මැක්ගිල් සමාගම එක්ක එකතුවෙලා කරපු නඩුවේ ප්‍රතිඵලයක් විදිහට මේ නඩුවෙන් ලැබෙන්න ඕන ගානක් ජිමීට එන්න තියෙනවා කියලා. ඒක සුලුපටු ගානක් නෙමෙයි. ඩොලර් මිලියන 1.16ක්. ඒත් අයිරීන් මේ සල්ලි අරගන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද ඩේවිස් ඇන්ඩ් මේන් සමාගමෙන් සහ HHM එකෙන් අයිරීන්ව දැනුවත් කරලා තියෙනවා මීට වඩා සල්ලි ගාණක් අරගන්න පුලුවන් වෙනවා කියලා තව බලාගෙන හිටියොත්. ඉතින් මේ නිසාම ජිමී හෝවර්ඩ්ව හොයාගෙන ගිහින් මේක බේරුමක් කරගන්න හෝවර්ඩ්ව පොළඹවා ගන්න හදනවා. ඒත් හෝවර්ඩ් ඒකට අකමැති වෙනවා.

මේ අතර හෝවර්ඩ්ස් සහ චක් එයාලගේ අක්‍රමිකතා රක්ෂණය පිළිබඳව ඉන්න නියෝජිතයන්ව හම්බවෙනවා. මෙතනදී අදාල නියෝජිතයන් කියනවා රක්ෂණ වාරිකය සැලකිය යුතු මට්ටමකින් ඉහළ දාන්න වෙනවා, නැත්නම් රක්ෂණ වාහකයා වෙන චක්ව වෙනම නීතීඥයෙක් වෙනුවෙන් අධීක්ෂණය කරන්න ඕන කියලා. චක් ඒක ඒ ගමන්ම ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට රක්ෂණ සමාගමට විරුද්ධව නඩුවක් දානවා කියලා කියනවා. නමුත් හෝවර්ඩ් චක්ගේ මේ සැලැස්මට කැමති වෙන්නේ නැහැ. ඒවගේම හෝවර්ඩ් කියනවා චක්ගේ තීන්දු තවදුරටත් විශ්වාස කරන්න බැහැ කියලා චක්ට විශ්‍රාම යන්න කියලා බලකරනවා. චක් HHM එකට ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලලා නඩුවක් ගොනු කරනවා. මේ වන්දිය ඉල්ලන්නේ චක්ගේ මේ සමාගමට තියෙන හවුල්කාරිත්වයේ කොටසක් විදිහටයි.

මයික් ගිවිසුමකට අත්සන් කරනවා ඒ ආරක්ෂක උපදේශකයෙක් විදිහට රස්සාවකට බැදෙනවා කියලා. හැබැයි මේක ඇත්තටම රස්සාවක් නෙමෙයි. මයික් හෙක්ටර්ගෙන් හොරකම් කරපු සල්ලි නිකම්ම වියදම් කරන්න බැරිනිසා මුදල් විෂුද්ධිකරණය කරන්න පුලුවන් තැනක් ගැන 08වෙනි කොටසේ අවසානයට ගස් පොරොන්දු වුනා වගේම මයික්ට තැනක් කියලා තිබුනා. ඒ තමයි මැඩ්රීගල් කියන තැන. ඉතින් මේ මුදල් විෂුද්ධිකරණය කරන්න ඕන නිසයි මයික් එතන ආරක්ෂක උපදේශකයෙක් විදිහට රස්සාව කරනවා කියලා බොරුවට ලිපිගොනු වල අත්සන් කරන්නේ. ඉතින් මේ මැඩ්රීගල් එකේ මුදල් විෂුද්ධීකරණය කරන කාන්තාව, එහෙමත් නැත්නම් ලිඩියා කියන කාන්තාව මයික්ට කියනවා හැම මාසෙකම උපදේශන ගාස්තු විදිහට මයික්ට චෙක් එකක් ලැබෙනවා කියලා.

මේ අතර කිම් තමන්ට ඉන්නේ එක සේවාදායකයෙක් නිසා තවත් සේවාදායකයෙක් වන ගේට්වුඩ් ඔයිල් ගැන හිතලා බලනවා. මේකට ලොකුම හේතුව වෙන්නේ ජිමීට තමන්ගේ නීති බලපත්‍රය අත්හිටවලා තියෙනකොට ඔෆිස් එකට උවමනා කරන සල්ලි ටික ජිමීට හොයාගන්න බැරිවුනොත් කිම්ට තනියම එක සේවාදායකයෙක්ගෙන් ඒ සල්ලි හොයාගන්න බැරිවෙන නිසයි.

නැචෝ ගිහින් තමන්ගේ තාත්තට කියනවා තමන් හෙක්ටර්ට වැඩ කරනවා කියලා. ඒ වගේම හෙක්ටර් එයාව හම්බවෙන්න එයි, එයා කියන දේ අහන්න කියලත් කියනවා. හැබැයි නාචෝ කලින් මයික්ට කිව්වා වගේම නාචෝගේ තාත්තා ඒකට අකමැති වෙනවා. ඒ විතරක් නෙමෙයි. ගෙදරිනුත් යන්න කියලා කියනවා.

සැන්ඩ්පයිපර් එකෙන් ලැබෙන්න ඕන සල්ලි ගන්න ක්‍රමයක් නැති නිසා ජිමී පොඩි සැලසුමක් නිර්මාණය කරනවා. ජිමී තීරණය කරනවා අයිරීන්ව එයාගේ යාලුවන්ගෙන් ඈත් කරවන්න. මොකද අයිරීන් අතේ තමයි සැන්ඩ්පයිපර් නඩුවේ සල්ලි ටික ගන්නවද නැද්ද කියන එක තියෙන්නේ. ඉතින් ජිමී හදන්නේ අයිරීන්ව තනි කරලා යාලුවෝ නැති කරලා යාලුවොන්ගේ පිටින් අයිරීන්ව කොටුකරගෙන සල්ලි ටික අරගන්න. ඉතින් මේ නිසාම අයිරීන්ගේ යාලුවන්ව එයාට විරුද්ධව කරවන්න ජිමී මානසික වගේම සමාජීය විදිහටත් අපූරු සැලැසුමක් දියත් කරනවා. මේ නිසාම අයිරීන් හිතන්න ගන්නවා සැන්ඩ්පයිපර් නඩුවේ සල්ලි ගන්න එක ප්‍රතික්ෂේප කරපු නිසා එයාගේ අනිත් යාලුවන්ගේ අවශ්‍යතාවයන් වලට පටහැනි වුනා කියලා. ඒ නිසා අයිරීන් කැමති වෙනවා සැන්ඩ්පයිපර් එකේ සල්ලි අරගන්න. ඒ කියන්නේ ජිමීට තමන්ගේ අදාල මුදල ලැබෙනවා කියන එකයි. ඉතින් මේ සුභ ආරංචියත් එක්ක ජිමී තමන්ගේ කාර්යාලයට යනවා කිම්ට මේ ගැන කියන්න. ඒත් කිම් ගේට්වුඩ් ඔයිල් සමාගමේ වැදගත් රැස්වීමක් සඳහා පිටත් වෙලා යන්න සූදානමින් ඉන්නේ ඒ වෙලාවේ. ඉතින් පැය කීපයකින් හම්බවෙමු කියලා යන කිම්ට වැඩිපුර නිදිමරාගෙන වැඩකරපු එකේ ප්‍රතිඵලයක් විදිහට වාහනේ එලවනකොට නින්ද යනවා. මේ නිසාම වාහනේ අනතුරකට පත්වෙනවා.

ඉතින් අන්තිම කොටස බලන්න කියලා ආරාධනා කරනවා. මේ දක්වා මේ කතා මාලාව බලපු, කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. ඉක්මනින්ම හතරවෙනි කතා මාලාවත් එක්ක හම්බවෙමු. ජයවේවා…!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,947 downloadsDownload Better-Call-Saul-S03-E10.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

6,947 downloadsDownload Subtitles28 KB

17 comments

  1. shelby

    Thanks Machan <3

  2. Jeewantha

    බොහොම ස්තුතියි. අතහැරලා දාලා තිබුණ කථාවට සබ් දීලා අපගේ රසවින්දනය වෙනුවෙන් කල සේවයට මාගේ හද පිරි ප්‍රණාමය.

  3. saman

    Thank you bro. Meka niyama tv series ekak. sub ekath hodatama quality. season 4 tath sub danna.jaya wewa

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 4 එකත් ඉක්මටම අරන් එමු....

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    4 වන කතාමාලවෙන් නැවත හමු වෙමු
    ජය

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Navidu2019

    tnanx bro season 4 ekatath sub eka oni

  8. අමිල

    මන් බලපු හොදම tv serias එකක් .සබ් දුන්නට පින්

  9. saku

    thanks bro

    ikmanatama season 4 eke sub tikath denna.

  10. Anonymous

    නියමයි සහෝ

  11. පැතුම් වින්චෙස්ටර්

    උපසිරසට ස්තූතියි

  12. sasiru

    ගොඩක් ස්තූතියි මචන් මහන්සි වෙලා උපසිරස නිර්මාණය කරන එකට.

  13. sasiru

    පුලුවන් වෙලාවක better call saul season එකේ ඉතුරු ටිකෙත් (season 04 එකේ episode 06 ඉදන්) සින්හල උපසිරස හදල දාන්න. අපි බලන් ඉන්නවා. මෙච්චර කල් මේ season එකේ උපසිරස හදල දුන්න එකට ගොඩක් ස්තූතියි කොල්ලා.

  14. Anonymous

    tnx bro sub okkoma download kara.ithuru tikath ikmanatama karanna.jaya wewa!

  15. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  16. jimmy

    s05 s06 sub dannako

  17. Asanga Basooriya

    bohoma sthuthi machan sub walata..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.