Watch Trailer

Spider-Noir [S01 : E06] Sinhala Subtitles | ස්පයිඩර්ගේ පරීක්ෂණය [සිංහල උපසිරසි]

Spider-Noir Season 01 Sinhala Subtitles මේක ටිකක් පරක්කු උනා මොකද අපේ පැත්තේ හෙන කාළගුණික සීන්. මේ දවස් ටිකේම ආව හුළඟ නිසා කරන්ට් කම්ඹි කඩා වැටිලා කරන්ට් එක තිබුනේ නෑ, ඒ නිසා තමා මේක ටිකක් පරක්කු උනේ. කොහොම හරි මේ ඇවිල්ලා Spider-Noir සීරිස් එකේ 06නි එපියේ සබ් එක. සුපුරුදු හෑල්ල යටින්! බෙන් එයාගේ ඇත…

Spider-Noir Season 01 Sinhala Subtitles

මේක ටිකක් පරක්කු උනා මොකද අපේ පැත්තේ හෙන කාළගුණික සීන්. මේ දවස් ටිකේම ආව හුළඟ නිසා කරන්ට් කම්ඹි කඩා වැටිලා කරන්ට් එක තිබුනේ නෑ, ඒ නිසා තමා මේක ටිකක් පරක්කු උනේ. කොහොම හරි මේ ඇවිල්ලා Spider-Noir සීරිස් එකේ 06නි එපියේ සබ් එක. සුපුරුදු හෑල්ල යටින්!

බෙන් එයාගේ ඇත්තම විස්තරේ කැට්ට කියනවා. දෙවැනි ලෝක යුද්ධ කාලෙ ජර්මනියේ තිබ්බ රහස් පරීක්ෂණ කඳවුරක් ඇතුළේදී, විකෘති වෙච්ච (mutated) හිරකාරයෙක් බෙන්ව හපනවා. බෙන්ට මේ සුපිරි බලයන් ලැබිලා තියෙන්නේ ඒකෙන්. හැබැයි බෙන්, ෆ්ලින්ට්ගේ කේස් එක ගැන මේ තරම් උනන්දු වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. ෆ්ලින්ට්ව සනීප කරන්න ක්‍රමයක් හම්බුණොත්, තමන්ගේ ඇඟේ තියෙන බලයත් නැති කරගෙන ආයෙමත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා බෙන් බලාපොරොත්තු වෙනවා.

ඔය අතරේ රොබී සහ ජැනට් සුපිරි රහසක් හොයාගන්නවා. ෆ්ලින්ට් ඇතුළු සුපිරි බලයන් තියෙන කීපදෙනෙක්ම “ඩොක්ටර් ඇලිතියා ෆේබර්” (Dr. Alethea Faber) එක්ක සම්බන්ධයි කියලා එයාලට දැනගන්න ලැබෙනවා. මේ ඩොක්ටර් කරපු ප්‍රතිකාර නිසා තමයි අර යුද්ධ කාලේ කරපු පරීක්ෂණවලට සම්බන්ධ විකෘතිතා (mutations) ආයෙමත් ඇක්ටිව් වෙලා තියෙන්නේ.

මේ අස්සේ සිල්වර්මේන් තමන්ගේ කල්ලිය ශක්තිමත් කරගන්න ෆ්ලින්ට්, ලොනී සහ ලේඩන්ව තමන්ගේ පැත්තට හරවා ගන්නවා. ෆ්ලින්ට්ගේ තත්ත්වය දවසින් දවස දරුණු වෙනවා. බෙන් කැට්ට අනතුරු අඟවලා කියන්නේ, ෆ්ලින්ට් තමන්ගේ බලයන් පාවිච්චි කරන හැම වතාවකම එයා මරණයට තවත් ළං වෙනවා කියලා. ඔය අස්සේ බෙන් කැට් ගැන තමන්ගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරනවා. “අපි මේ හැමදේම අතෑරලා දාලා අහකට වෙලා අලුත් ජීවිතයක් පටන් ගමු” කියලා බෙන් කියන යෝජනාවට කැටුත් කැමති වෙනවා.

හැබැයි ෆ්ලින්ට්ගේ අසනීපේ දරුණු වෙද්දී කැට්ට හිතාගන්න බැරි අමාරු තීරණයකට මූණ දෙන්න වෙනවා. ඩොක්ටර් ෆේබර් විශ්වාස කරනවා මේ ලෙඩේට බෙහෙතක් හොයන්න නම් “The Spider” ගේ උදව් ඕනෙමයි කියලා. මේක දැනගන්න කැට්, ඩොක්ටර් ෆේබර්ව හම්බවෙලා එයාට උදව් කරන්න එකඟ වෙනවා. හැබැයි එතනදී තමයි කතාවේ ලොකුම පෙරළිය වෙන්නේ! බෙන් තමන් ගැන තියපු විශ්වාසය බිඳලා, කැට් බෙන්ගේ රහසිගත අනන්‍යතාවය ඩොක්ටර් ෆේබර්ට පාවලා දෙනවා. එයා කියනවා “The Spider” කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, බෙන් රයිලිට කියලා. මේක තමා කළින් සිද්දියේ වුනේ, එහෙනම් මේකෙදි ඉස්සරහට සිද්දිය බලාගන්න…

 

Spider-Noir Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,025 downloadsDownload Spider-Noir.S01E06.zip20 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Nxt Season BT12

Subtitles

1,025 downloadsDownload Subtitles20 KB

3 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Buddhika laKMal

    sub ekata thanks

  3. Sahan Gayantha

    thanks a lot Athula brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.