Solo Leveling [S01 : E05] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…
Solo Leveling Sinhala Subtitles
2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 5 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. මේ කොටසේ උපසිරැසි අරන් එන්නේ වෙනදාට වඩා ලොකු ප්‍රමාදයකට පස්සෙයි. කොහොම හරි ඊළඟ කොටස එන්න කලින් උපසිරැසියට අරන් එක තමයි වටින්නෙ කියලයි මම විශ්වාස කරන්නෙ.
හරි එහෙනම් කතාවේ පසුගිය කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු. සන්ග් ජින්වූට තමන්ගෙ Quest එක විදිහට ලැබුනු ඉන්ස්ටන්ස් ඩන්ජන් එකේ හිටපු ගොබ්ලින්ලාවයි, ලයිකන්ලාවයි පරද්දලා අන්තිමට ඩන්ජන් එකේ හිටපු බොස්වත් පරාද කරල දැම්මා. මේ නිසා ජින්වූට ලකුණු එක්ක අලුත් ලෙවල් එකක් වගේම අලුත් ආයුධයකුත් හම්බ වුනා. ඒ ඩන්ජන් එකේ Quest එක ඉවර වුනාට පස්සෙ ආයෙත් හැබෑ ලෝකයට එන ජින්වූට මුහුණ දෙන්න වෙන්නෙ තවත් මෙහෙයුමකට. මෙහෙයුමක් කිව්වට ඒක මේ ළඟින් යන ගමන් අතගාගෙන යන්න තියෙන ජාතියේ එකක්.
ඉතින් ජින්වූගේ නගරයෙ වෙලා තියෙන දේ තමයි ඩන්ජන් බ්‍රේක් එකක් සිද්ධ වෙලා තියෙන එක. ඒ කියන්නෙ නියමිත කාලය ඇතුළත හන්ටර්ලා ඩන්ජන් එක වටලන්න අසමත් වීම නිසා ඩන්ජන් එක ඇතුලෙ ඉන්න අය දොරටුව අතරින් හැබෑ ලෝකයට ඇවිත්. සාමාන්‍ය මිනිස්සු ඉන්න ලෝකයට විවර වෙනවා කියන්නෙ මේක භයානක අවස්ථාවක්. තැනින් තැනින් එකතු කරගත්තු හන්ටර්ලා මේ තත්වය මැඩ පවත්වන්න ලොකු වෙහෙසක් දරනවා. හැම දේකින්ම ලෙවල් වලින් ඉහළට ගිහින් ඉන්න ජින්වූ තත්පර කිහිපයකින් මේ වැඩේ ඉවරයක් කරල දානවා. ජින්වූට වඩා ඉහළ නිලයන්වල හිටපු අයට පැය ගානක් තිස්සේ කරගන්න බැරුව හිටපු දේ මේ අඩු නිලයේ ජින්වූ තනියම ඉවරයක් කරල දාපු එක ගැන හැමෝටම පුදුමයි. මේ කොටසෙදි ජින්වූට අලුත් මෙහෙයුමක් හම්බවෙනවා. සල්ලි නැතිකම නිසාමයි ජින්වූට මෙහෙයුම් හොය හොයා යන්න වෙන්නෙ. හැබැයි ඒ මෙහෙයුම හම්බවෙන්නෙ සුව කරන්නෙක් නැති හන්ටර්ලගෙ කණ්ඩායමක් එක්ක. ඒකත් අමුතුම විදිහෙ ගිවිසුමක් එක්ක. ඒ වගේම ජින්වූට මුහුණ දෙන්න වෙන්නෙත් බලාපොරොත්තු නොවුනු දේකට. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි 6 වන කොටස තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : A Pretty Good Deal
Aired Date : 2024.02.03
IMDB Rating : 8.0

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,235 downloadsDownload Solo-Leveling-S01-E05-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
5 comments
Akila Dilhara
Madush
වැඩ ඇරිල ආව ගමන් බලුවෙ සබ් එක දාලද කියලයි.. 6ත් ඔහොම්ම දෑවනම් තමා වටින්නෙ සුද්දා
Tharusha
Thank You Sub එකට 6 ත් ඉක්මනටම ඕන❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Solo Leveling [S01 : E05] Sinhala Subtitles | ද්‍රෝහිකාරී ගිවිසුම! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Solo-Leveling-2.jpg)




Thanks for Sub Brother...❤❤❤