Watch Trailer

Sex Education [S02 : E01] Sinhala Subtitles | නොසිතූ ආරම්භයක්?? [සිංහල උපසිරැසි] (18+)

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ මං කරපු පලවෙනි උපසිරැසිය විදිහට අරගෙන එන්නේ කවුරුත් මගබලාගෙන හිටිය සීරීස් එකක්. ගිය අවුරුද්දේ පලවෙනි එක දුන්නෙත් මේ ජනවාරියේ දෙවෙනි එක නිකුත් වීමට නියමිතව තිබුනු නිසාමයි. එක දිගටම උපසිරැසිය දීගෙන යන්න අවශ්‍ය නිසා මුල් කොටස් කීපය ඉවරකරගන්නකන් ඉන්න දුනා ජනගත කරන්න. ඒකයි ටික ද…

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ මං කරපු පලවෙනි උපසිරැසිය විදිහට අරගෙන එන්නේ කවුරුත් මගබලාගෙන හිටිය සීරීස් එකක්. ගිය අවුරුද්දේ පලවෙනි එක දුන්නෙත් මේ ජනවාරියේ දෙවෙනි එක නිකුත් වීමට නියමිතව තිබුනු නිසාමයි. එක දිගටම උපසිරැසිය දීගෙන යන්න අවශ්‍ය නිසා මුල් කොටස් කීපය ඉවරකරගන්නකන් ඉන්න දුනා ජනගත කරන්න. ඒකයි ටික දවසක් පමා උනේ. පරක්කු උනත්, ලබාදෙන්න පුලුවන් ඉහලම ගුණාත්මක භාවයෙන් මේ උපසිරැසි ටික නිර්මානය කරන්න අපි වගබලා ගත්තා. අපි කිවුවේ මේකට දෙතුන් දෙනෙක්ම හවුල් වුන නිසා. එහෙනම් වැඩිය කියවන්නේ නැතුව පලවෙනි කතාසමය ගැන මතක් කරගෙන ඉමු.

හැමදාම ආදරයෙන්, ලිංගිකත්වයෙන් පරාජය වෙලා හිටිය ඕටිස් කොහොමහරි අන්තිමේදී අර ඕලා කියන කෙල්ලව සෙට් කරගන්නව. ඒ විතරක් නෙමෙයි අන්තිම කොටසේදී කොහොමහරි හාදුවකුත් හුවමාරු කරගන්නවා. ජැක්සන් එක්ක තිබුනු සම්බන්ධය නතරවුන නිසා ඒ ගැන අමතක කරන්න හදපු මේව් ට, හිතේ කොනක හැංගිලා තිබුනු ආදරයක් නැවත උඩට මතුවෙනවා, ඒ ඕටිස් ගැන. ඒකනිසා මේව් ඕටිස්ව හොයාගෙන ගෙදරට එනකොට ඕටිස් සහ මේව් සිපගන්නවා දැකලා මේව් හිත රිද්දවගෙන ආපහු යනවා. එවගේම ඕලාගේ තාත්තත් එක්ක ඕටිස්ගෙ අම්මට තිබුනු සම්බන්ධයත් ඇය අහවර කරනවා. ඒ තමන්ගේ පුතාගෙ අනාගතයට හානියක් වෙයි කියන බය නිසා.

ගලේ ගහලාවත් හදන්න බැරි ඇඩම්ව ග්‍රොෆ් විදුහල්පතිතුමා හමුදා පාසලකට යවනවා. ඒවගේම අන්තිම හරියේ එරික් එක්ක තිබුනු සීන් එකෙන් අපි දැනගත්තා මිනිහත් සමලිංගිකයෙක් කියලා. ඉතින් එරික්ගේ පවා ඇඩම් යනවට කැමැත්තක් තිබුනේ නෑ කියලා අපිට තේරුනා. කලින් සීසන් එක ගැන කිවුවා ඇති වගේ. එහෙනම් අලුත් කොටස් ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.

පුරුදු පරිදි Netflix එකෙන් ගෙඩිය පිටින්ම එපි 8ම ජනවාරි 17ත් වෙනිදා අන්තර්ජාලයට මුදාහැරියා. දැනට IMDb අගය 8.3ක් තියෙනවා. ඇත්තම කියනවනම් කලින් සීසන් එකට වඩා හිතට වදින්න මෙදා පාර සීසන් එක හදලා තියෙනවා.යථාර්තය පැහැදිලි කරලා දීලා බොරු මානසික මතවාද වලින් දුරස් කරලා දාලා තියෙනවා මේක බලන හැමෝවම. ඒවගේම හැමදාම Netflix ලා කරනවා වගේ කතාව එකතැන පල් නොකර අපි නොහිතන පැත්තකට තල්ලු කරලා දැම්මා අවසානයේ. ඉතින් ඒ ලස්සන අවසානය කියන්න හොඳනෑනෙ… අවසානයට ආරම්භය මේ කොටසින් අරගන්න කියන ගමන් මං මෙ ලිපිය ඉවර කරනවා.

දෙවෙනි කොටසින් හමුවෙමු. ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.
බයිස්කෝප් අඩවියට ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

38,499 downloadsDownload Sex-Education-S02-E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

38,499 downloadsDownload Subtitles30 KB

23 comments

  1. Samitha.sandaruwan

    Thanks mchn sub ekata...

  2. Riveen

    Thankzz bro enakan balan hitiye.

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...නොඉවසිල්ලෙන් බලන් හිටියේ සබ් එක එනකම්..බුදුසරණයි..ජය වේවා!!!

  4. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  6. Suranjan

    Thanks jayawewa....!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  8. parindyabopage

    Thanks bro anit tikk ikmanata denna.

  9. parindyabopage

    Thanks bro.plz give next 7 subtitles soon.

  10. Amila...ushan

    ස්තුතියි මචං

  11. Pramukmili

    Thanxx bro..............

  12. Hiran Eranda

    thanks for sub

  13. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  14. MAALnath

    Thanks .................good luck ..................

  15. Dewadithya

    Thanks for Sub!

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  17. Sajithlakshan

    thanks ....................

  18. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  19. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  21. Vishwa sasanka

    Thank you

  22. sahangayantha

    Thanks a lot saho sub ekata

  23. Pavith Wijesooriya

    උපසිරසියට බොහොම ස්තූතියි...