ආයුබෝවන්..! ඉතිං ඔන්න බලාපොරොත්තු වුණා වගේම අවසාන කතාංගයට ඇවිල්ල ඉන්නෙ. මෙතෙක් කතාව දැක්කනෙ. විරන් මේ වෙනකොට, ලක්ස් අරියා වල සූර්‍ය බල මූලාශ්‍රයේ බලය පවා හොරකම් කරල මහ බලවත් යක්ෂ හමුදාවක් හදාගෙන ඉන්නෙ. ක්ලෝඩියා පියාගේ පාර්ශ්වය තෝරා ගනිද්දි, සොරේන් මකර කුමරුගේ පාර්ශ්වය එක්ක එකතු වෙලා සටනට සූදානම් වෙ…

ආයුබෝවන්..!
ඉතිං ඔන්න බලාපොරොත්තු වුණා වගේම අවසාන කතාංගයට ඇවිල්ල ඉන්නෙ. මෙතෙක් කතාව දැක්කනෙ. විරන් මේ වෙනකොට, ලක්ස් අරියා වල සූර්‍ය බල මූලාශ්‍රයේ බලය පවා හොරකම් කරල මහ බලවත් යක්ෂ හමුදාවක් හදාගෙන ඉන්නෙ. ක්ලෝඩියා පියාගේ පාර්ශ්වය තෝරා ගනිද්දි, සොරේන් මකර කුමරුගේ පාර්ශ්වය එක්ක එකතු වෙලා සටනට සූදානම් වෙනව. මේ හැමදේම මෙහෙම වෙන අතරෙ, මකර රැජිණ තාමත් ඉන්නෙ නිද්‍රාශීලි වෙලා.
මම කලින් කිව්ව, රෙයිලාගෙ ගමේ පොකුණෙ තිබුණු මල් වලින් එකක් ඇයි බාගෙට ගිලිල තියෙන්නෙ කියල කියන්නම් කියල. ඒ තමයි රුනාන් වෙනුවෙන් එතාරි ලබා දුන්නු මල. මුල්ම කතා සමය මතකනම්, විරන්.. රුනාන්ව මැරුවෙ නෑ. ඒ වෙනුවෙට ඔහු කළේ රුනාන්ව කාසියක් ඇතුළෙ හිර කරපු එක. මේ වගේම තව කීපදෙනෙක් ගැන මට සැකයක් තියෙනව, තාම මැරිල නැතුව ඇති කියල. ඒ තමයි.. රෙයිලාගේ දෙමාපියන් සහ හැරෝ රජු. මේ අය තාමත් ජීවත් වෙනව ඇති කියල හිතන්න පුළුවන්.. රුනාන් ගැන බලනකොට. ඉතිං මේ අවසාන මහා සංග්‍රාමය හිතන තරම් පහසු එකක් වෙන්නෙ නෑ. ක්ලෝඩියා පියාගෙ පාර්ශ්වය වෙනුවෙන් දරුණු විදියට සටන් කරද්දි, සොරෙන් තමාගෙ හෘද සාක්ෂියට අනුව නිවැරැදි පැත්තෙ සටන් කරනව. ඒ වගේම රාජකීය ආරක්ෂකයෙක් විදියට ඔහු සිය වගකීම අකුරටම ඉෂ්ට කරනව. ඒ වගේම තමයි රෙයිලා, ඇය තමයි අවසන් මකර ආරක්ෂකයා. ඇයත් තමන්ගෙ ජීවිතේ පරදු තියල සටන් වදිනව සිම්ව බේර ගන්න. මේ අතරෙ අපි නොදැක්ක බලයක් අද කැලම් තුළින් දැකගන්නත් පුළුවන්.
එතකොට “ඇරවොස්” මේ හාදයට මොකද වෙන්නෙ. මෙච්චර කාලයක් පණුවෙක් වගේ හිටපු ඇරවොස් යම් දෙයක් බවට පත් වෙමින් ඉන්නව. බොහෝවිට ඊලඟ කතා සමයක් නිර්මාණය වෙනවනම්, ඒ කතාව ඇරවොස් හා ඍජුවම සම්බන්ධ වෙන බව ක්ලෝඩියා අවසාන වශයෙන් කියන වචන කීපෙන් පැහැදිලි වෙනව. “ඒක වෙනස් වෙනව!” ඒක තමයි ක්ලෝඩියා මේ කතාංගය අවසානයේ කියන්නෙ.
ඉතිං හතරවැනි කතා සමයක් ගැන මේ වෙනකල් නම් කිසිම ආකාරයක සුබ පණිවුඩයක් නිකුත් වෙලා නෑ. නෙට්ෆ්ලික්ස් ආයතනය කිසිදු නිළ නිවේදනයක් නිකුත් කරල නැති නිසා ඒ ගැන මොකුත් කියන්න හැකියාවක් නෑ. හැබැයි කතාව අවසන් වෙන්නෙ නම්, නිසැකවම හතරවැනි කතා සමයකට වස්තු බීජ සපයමින්. ඉතිං එහෙම නිකුත් වීමක් වුණොත්, ඒ සඳහා උපසිරැසි ලබා දෙන්න අපි සූදානම්. එහෙනම් “ඇරවෝස්” වෙනුවෙන් හතරවැනි කතා මාලාවක් නිකුත් වේවා කියල හිතල මෙතනින් නතර වෙනව. නොබෝ දිනෙකින් ශැඩෝහන්ටර් කතා මාලාව එක්ක එකතු වෙන්න බලාපොරොත්තු තියා ගන්න කියල මතක් කරමින්, මමත් මකර කුමරු ඇතුළු පිරිසට සමු දෙනවා.. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,472 downloadsDownload The-Dragon-Prince-S03-E09.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
9 comments
rockz2020
dsdkavishka
Thenks for sub
Chanu mikhail
Thank u
Jaya..!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.terror season 2 ඉතිරි episodes ටිකටත් සබ් දෙන්න
ජය වේවා!Pasindu16022
Thanks for the sub bro...
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Season 4 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු...
Shadowhunters එකට ඉක්මනට සබ් අරන් එන්න...සබ් දෙනකම් බලන් ඉන්නේ....තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Eshan Rashmika
සබ් වලට බොහෝම ස්තූතියි.ජය
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තද තද සහෝ ✌ ඒ season එකත් සම්පූර්ණයි නේද.
මං හිතුවෙ කතා තුනකින් සම්පූර්ණ කතාවම ඉවර වෙයි කියලා, ඒ කියන්නෙ තව එකක් එයි නේද.
දැන් ඉතින් තියෙන්නෙ සබ් දාගෙන කතාව එක දිගට බලන්න තමයි ✌ :)
එක දිගට උපසිරැසි ගෙනාවට වගේම උපසිරැසිය වෙන මහන්සිය වෙනුවෙනුත් බොහොම ස්තූතියි! ✊
තව මේ වගේ animated series තිබ්බොත් ගේන්න. සහෝගේ සියලු යහපත් වැඩ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ✌ ජය වේවා සහෝ! ✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Gundala (2019)
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)