ඕන්න 10 වෙනි කොටසත් ගෙනාව. තව කොටස් 3 තියෙන්නෙ. පහුගිය කොටසෙදි සයිමන් වැම්පයර් කෙනෙක් බවට කොහොමහරි අන්තිමට පත්වුනානෙ. ඒත් සයිමන් කැමති නැ ඒක පිළිගන්න. ඒනිසා ඔහු රෆායල්ගෙන් පැනල යනව. ක්ලැරි, ජේස්, රෆායල් කස්ටියම සයිමන්ව හොයනව. කොහොමහරි රෆායල්ට සයිමන්ව හම්බ වුනත් සයිමන් ඔහු එක්කත් වලියක් දාගෙන පැනල ය…

ඕන්න 10 වෙනි කොටසත් ගෙනාව. තව කොටස් 3 තියෙන්නෙ. පහුගිය කොටසෙදි සයිමන් වැම්පයර් කෙනෙක් බවට කොහොමහරි අන්තිමට පත්වුනානෙ. ඒත් සයිමන් කැමති නැ ඒක පිළිගන්න. ඒනිසා ඔහු රෆායල්ගෙන් පැනල යනව. ක්ලැරි, ජේස්, රෆායල් කස්ටියම සයිමන්ව හොයනව. කොහොමහරි රෆායල්ට සයිමන්ව හම්බ වුනත් සයිමන් ඔහු එක්කත් වලියක් දාගෙන පැනල යනව.ඔය අතරෙ තමයි ජේස් ඇලෙක්ට කතා කරන්න යන්නෙ උදව් ඉල්ලන්න. එත්කොටත් ඉතින් ඇලෙක් හම්බානක ගුටි කාලනෙ ඉන්නෙ. ඒනිසා ඉසී තමා phone එක ආන්ස්වර් කරන්නෙ. විස්තර කිවට පස්සෙ ජේස් තීරණය කරනව ඇලෙක්ව බලන්න යන්න. ඒත් ඉතින් දන්නවනෙ ක්ලැරීගෙ හැටි සයිමන්ව අතාරින්න ලෑස්තිම නෑ. ඒ නිසා ජේස් කියනව ලූක් ලගට ගිහින් උදව්ගන්න කියල. මොකද ඉතින් ලූක් වෘකයෙක්නෙ. ලූක එක්ක එකතුවෙලා සයිමන්ව හොයාගන්නව. වෙන කොහෙවත් නෙවෙයි සයිමන් එයාගෙ ගෙදරම තමා ඉන්නෙ. ක්ලැරී වෙලාවට නොඑන්න සයිමන් එයාගෙ අම්මවත් මරන්න තිබුනා. ඕව ඔහොම වෙනකොට මෙලිඔර්න් [සිලීස් පොර] විද්‍යාස්ථානයට එනව. ක්ලේව් එක්ක සාකච්චාවකට තමා එන්නෙ. එහෙම ආවත් ලිඩිය ක්ලේව්ගෙ නියෝගමත මෙලිඔර්න්ව අත්තඩංගුවට ගන්නව. දන්නවනෙ ඒකට ඉතින් ඉසී කොහොමත් විරුද්ධ වෙනව. මෙලිඔර්න්ගෙන් ප්‍රශ්න කරන්නෙ වැලන්ටයින් ගැන් තමා. එයා දන්න දේවල් කිව්වත් ඒක ලිඩියට මදි. ඒ නිසා මෙලිඔර්න්ව අසිථි අගරයට යවන්න යන්නෙ. නිහඩ සහෝදරයන්ගාවට. ඒක සිලීස් කෙනෙකුට ගොඩක් දරුණු දෙයක්. ඔතනදි තමා අවුල පටන් ගන්නෙ. ඇලෙක්ගෙන් කිසිම සපෝර්ට් එකක් නැ මෙයාව බේර ගන්න. ඇලෙක් කියනව කුසලානය ක්ලේව්ට දෙමු කියල. ඒත් ජේස් කියන්නෙ ඒක ක්ලැරී කරන්න ඕන කියල. ජේස් කලැරීට කතා කරල කියනව ආරක්ෂිත තැනකට යන්න කියල. මෙයා තෝර ගන්නෙ ජේඩ් වුල්ෆ් එක. ඒත් ඉතින් හැමෝම වගේ දන්නව ලූක් කියන්නෙ ක්ලැරීගෙ පවුලෙ කෙනෙක් කියල. ඒ නිසා ඉතින් එක තැනයි සයිමන්ටයි ක්ලැරීටයි දෙන්නටම උදව් ගන්න පුළුවන් තියෙන්නෙ ඒ වැම්පයර්ල ලග. රෆායල් මේකට කැමති වෙන්නෙ නැ. ඒ වුනත් සයිමන්ව රෆායල් ලගට ගන්න ඕන නිසා ඒකට කැමති වෙනව. කොහොම හරි ඉතින් සයිමන් අන්තිමට තමන්ගෙ බඩගින්න නැති කර ගන්න ලේ බොන්න තීරණය කරනව. ඕව ඔහොම වෙන අතරෙ මැග්නස්ගෙ සහය ඇතුව ඉසී සහ ජේස් මරණීය කුසලානය විද්‍යාස්ථානයෙන් උස්සනව. ඒකත් අරගෙන මෙයාල ක්ලැරීව හොයන් එනව. ක්ලැරී දැනගත්තාම මෙලිඔර්න් ගැන එයා ඔහුව බේරගන්න ඕන කියනව. ඒක තනියෙන් කරන්න අමාරු නිසා මෙයාල වෘකයන්ගෙ සහ වැම්පයර්ලගෙ උදව් ගන්නව. වැම්පයර්ලව කැමති කර ගන්න එකනම් ලේසි වුනේ නැ. කොහොමහරි කට්ටියගෙම උදව් ඇතුව මෙලිඔර්න්ව බේරගන්නව. ඒක කරන්න ජේස්ට ඇලෙක් එක්ක වලියක් දාගන්නත් වෙනව. කොහොමහරි ජේස් ඇලෙක්ට විරුද්ධව සටන් කරනව. ජේස් ඇලෙක්ටත් මෙයාල එක්ක එන්න කියනව්. ඒත් ඇලෙක් ඒක ප්‍රතික්ශේප කරනව. අනිතිමට ඉතින් ක්ලැරී මෙලිඔර්න්ව බේර ගන්න මුල පුරපු නිසා මෙලිඔර්න් මෙයාට තෑග්ගක් දෙනව. ඒක තමයි ක්ලැරීගෙ තාත්ත හොයා ගන්න උද්ව් කරන එක. ඔහොම තමා පහු ගිය කොටස ඉවර වුනේ. හැබැයි ඉතින් මේ ක්ලේව් කියන මනුස්සයා තාම කතාවෙ පෙනුනෙ නැ. මෙයා නාමික චරිතයක් විතරක්ද දන්නෙ නැ. තවම හරිද. ඉස්සරහට බල්මු.
අද එතන් ඉදල බලමු…
කොහොමද මෙලිඔර්න් උදව් කරන්නෙ, එතකොට ඇලෙක්ට සහ ජේස්ට මොනවා වෙයිද, ඉසීට මොන ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙයිද, මෙයාල වැලන්ටයින්ව හොයාගනියිද, මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැන ගන්නනම් ඉතින් අද කොටසම බලන්නම වෙනව.
**තව දෙයක් තියෙනව කියන්න. ඔයාල දකිනව ඇති මේ කතාව පුරාවටම මේ
ශැඩෝහන්ටර්ල හෙවත් සෙවනැලි දඩයක් කරුවෝ එයාලගේ ඇගේ එක එක
විදිහේ රූප ඇද ගන්නව. එයාල ඒවට කියන්නෙ rune කියල.
මොනවද ,මේ රූන් කියන්නෙ,
රූන් කියන්නෙ අනුභාවසම්පන්න[බලයක් සහිත යැයි විශ්වාස කරන] යයි විශ්වාස කරල අඳිනලද සටහන් වලට තමා මේ රූන් කියන්නෙ.
තව කියනවනම් මේව පැරණි ජර්මන් භාෂාවෙහි යෙදුණු අකුරු වර්ගයක්.**
ඇත්තටම කියන්න ඕන මේ කොටසෙ තිබුනු සමහර ලයින් හෙන බර ලයින්. සමහර වචන වල තේරුමවත් දන්නෙ නැ හරියට. ඉතින් කතාවට හානියක් වෙන්නෙ නැතුව ඒවට වචන දාල තියෙනව. මට පුළුවන් උපරිමය සබට කරා ඕං..
අම්මපා හැම සැරේම කොච්චර චෙක් කරත් ලයින් දෙකක් මිස් වෙනවාමයි. මේකෙත් තියෙනවද දන්නෙ නැ. මම හතර පාරක් විතර චෙක් කලා අහු වුන්නෙ නැ. තිබ්බොත් ඉතින් සොරි වෙන්න ඕන ඈ… එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු.
ඔබට ජය!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,151 downloadsDownload Shadowhunters-S01-E10.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
23 comments
Sajeevi
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මදුක සදරුවන්
නියමයි සහෝ සබ් එක දානකල් බලන් හිටියෙ ඊලග එපියෙන් හමු වෙමු
රයන් ද සිල්වා
සබ් එකට ස්තුතියි බ්‍රෝ එපි 11 ත් ඉක්මනට දාමු...
hash එක ඕන යලුවන්ට පහල දීලා ඇති බාගන්න...
C1D1265491DBF0ACF0652E76964855044BC625C1
කවීන් ලහිරු
එපිය බාගෙන සබ් එක ලැබෙනකල් හිටියෙ ස්තූතියි යාලුවා
ඩිලාන් හසිත
සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
ඊලග උපසිරැසි නිර්මානයෙන් ලගදීම හමු වෙමු…..මිතුල් ලක්ශිත
ගොඩක් ස්තුතියි උපසිරසට. ෴ජය වේවා෴. දිගටම කරගෙන යමු. 11 වෙනි එකත් ඉක්මනට දෙන්න.
උදාර දිල්ශාන්
…………………
සිංහල උපසිරැසියට ස්තූතියි
………………..තව කොටස් 3 ටයි සබ් කරන්න තියෙන්නේ ඒ කොටස් ටිකටත් පුලුවන් ඉක්මනට සබ් කරමු
#ජය වේවාsachintha
thankss broo
** ELZ **
Malindu
:) maxxxxaaa brooo elzzzzzz :)
pradeep
Thank macho
Kalum Ekanayaka
බොහොම ස්තූතියි බ්‍රෝ,.එළම සුබ් එකට
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
A.H.M.T.Lakshman
thanks machn suba ta jayama wewaaaa
sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
දිලුම් ක්‍රිශාන්ත
ඔයාල අපි වෙනුවෙන් මේ කරන සේවයට ගෝඩාක්ම ස්තූතියි.....
තවත් උපසිරැසකින් හමු වෙමු....Vinod
thanks
කනිශ්ක ලක්මාල්
දෙනකම් බලන් හිටියෙ
ස්තූති ලහිරු සහෝ
ජයෙන් ජය !!kavinda
thanksssss brooooo
නුවන්
නියමයි නියමයි මේක එනකන් බලන් හිටියෙ. ස්තුතියි සහෝ. ජය වේවා
Udara Damith B\K
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks