දැන් වෙලාව රාත්‍රී 11.15යි. ඔන්න අදම සබ අරන් ආවා. කොහොමද ඉතින් කස්ටියටම..ඔන්න පොරොන්දු වුනා වගේම අරගෙන ආවා DARK MATTER දෙවැනි අදියරේ පළමු කොටහ..dark matter කතාංගය සදහා IMDB දර්ශකයේ 7.4ක අගයක් දැක්වෙනවා.මේක විකාශය වෙන්නේ SYFY නාලිකාවේ තමා.. හොදයි එහෙමනම් සීසන් 1 බලලා අවුරුද්දක් ගතවෙලා නිසා දැන් කට්ට…

දැන් වෙලාව රාත්‍රී 11.15යි. ඔන්න අදම සබ අරන් ආවා. කොහොමද ඉතින් කස්ටියටම..ඔන්න පොරොන්දු වුනා වගේම අරගෙන ආවා DARK MATTER දෙවැනි අදියරේ පළමු කොටහ..dark matter කතාංගය සදහා IMDB දර්ශකයේ 7.4ක අගයක් දැක්වෙනවා.මේක විකාශය වෙන්නේ SYFY නාලිකාවේ තමා.. හොදයි එහෙමනම් සීසන් 1 බලලා අවුරුද්දක් ගතවෙලා නිසා දැන් කට්ටියට කතාව මතකත් නැතුව ඇති නේ?(හම්මේ අපේ උන්ට අමතක වෙන්න මෙව්වා). කෝකටත් බලලා නැති අයට දැනගන්න එක්ක මම කෙටියෙන් පළමු කතාමාලාව ගැන මතක් කිරීමක් කරන්නම්කො..
මතකනේ අනතුරකට ලක්වුන අභ්‍යවකාශ යානයකින් මුලින්ම එකිනෙකා අවදි වුනා..මුලින්ම ඇහැරුණු දෙන්නා පාලන මැදිරියට ගොහින් සටනකුත් කරගත්තනෙ..ඊටපස්සේ ඔය විදිහට තව පිරිස අවදිවුනා.ඔක්කොම හයදෙනෙක්.ඒ අතර ලාබාලා තරුණියක් එහෙමත් උන්නානේ. ඉතින් මේ කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ වුනේ කාටවත්ම තමන් කවුද කියන එක මතක නැතිවීම.ඉතින් එකිනෙකා තමතමන් ගැනම සැක කරන්න ගත්තා. ඒ මොකද හැමෝටම වගේ සහජයෙන්ම සටන් සහ අවි හැසිරවීමේ හැකියාවක් එහෙම තියෙන නිසා. අන්තිමේ කට්ටිය තමන්ගේ නමගම එහෙම දැනගත්තා.බලද්දී ඔවුන් තමා මුළු විශ්වයම භීතියට පත්වන රාසා නම් යානයේ කාර්ය මණ්ඩලය එහෙමත් නැතිනම් මිනීමරුවෝ කියලා කියත හැකි.
කතාව ගලාගෙන යද්දී හැම කෙනෙක්ගෙම වගේ ඉතිහාසය ගැන එළිදරවු වුනානේ.ඒ වගේම ඔවුන්ගේ සතුරෝ එහෙමත් විටින්විට ඇවිත් කරදර කළා.විශ්ව අධිකාරියත්(මට මතක හැටියට) ඔවුන්ගේ ප්‍රධාන සතුරෙක්. ඉතින් අන්තිමේ මේ හැම එකකින්ම බේරිලා ගමන් කරනකොට අවසාන කොටසේදී මතකනේ යානයේ ඇතුලෙම කෙනෙක් හැමෝටම ද්‍රෝහී වුනා. ඒ අනුව ඔවුන් සැවොම දෙවැනි කතාමාලාව ආරම්භයේ ඉන්නේ සිරගෙදරක.
ඔන්න එහෙමනම් අද කොටස කට්ටියට කුතුහලය සමගින් නරඹන්න ඉතුරු කරමින් මම කිසිම දෙයක් කියන්නේ නැහැ.මේක නොබලපු උදවිය එහෙම ඉන්නවනම් කියන්න තියෙන්නේ හැකි ඉක්මනින් පළමු කතාමාලාව නරඹලා අපිත් එක්ක එකතුවෙන්න කියලා තමා.එහෙනම් කලින් සීසන් එකේ වගේම මේකෙදිත් ඔයාලගේ අදහස්වලින් සවියක් වෙයි කියලා හිතනවා.ඉක්මනින් KILLJOYS පළමු කොටසින් හමුවෙමු.ඩිරෙක්ට් ලින්ක් අවශ්‍ය අය සදහා උපසිරසි ගොනුව තුළ ලින්ක් ලබා දී ඇත.
සියලුම HD පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.
1,259 downloadsDownload Dark-Matter-S02-E01.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
28 comments
Sâchîth Lákshâñ
Direct Link
බොහොම ස්තූතියි මධුක සහෝ සිංහල උපසියට.
……ඩිරෙක්ට් ලින්ක්……
480p HDTV x264 (100 MB)
https://clicknupload.link/x5zdp3u7er80720p HDTV x265 HEVC (180 MB)
https://clicknupload.link/yu2je8iv62x9
Vishwa Sameera
අපිත් ගත්තා....!!
harsha
ස්තූතියි මධුක මම මේකතා මාලාවේ පළමු සීසන් එක බලලා නෑ. ඒ නිසා මුලින්ම එක බලලා ඉන්න ඕනද? නැතිනම් කතාව තේරූම ගන්න අමාරු වෙයිද? ජයවේවා
මධුකප්‍රිය පෙරේරා
ඔව් බලලා ඉන්නවනම් හොදයි.
harsha
හරි සහෝ එහෙනම් 'අ' ඉඳලම යමු. පලමු කතමාලාව බාගන්නවා. ඒක බලන අතරතුර දෙවනි සීසන් එකත් එකතු කරගන්නවා. ස්තූතියි මචං නිදිමරාගෙන සබ්දෙනවා වගේම පශ්නයක් අහපු සැනීන් එකට උත්තරදෙන එකට. ජයවේවා
Hiran D
හම්මේ ඊයේ 12 පහුවෙනකන් බලං හිටියා දැං දෙයි දැං දෙයි කියලා කොහෙද :-o
ෆෝන් එකේ data ඔන් කරන් නින්ද ගිහින්, උදේ බලද්දි off නුත් වෙලා.
දැං ඉතිං බැලිල්ලක් තමා තියෙන්නේ,
killjoy නම් තව මාසයක් පරක්කූ උනත් අවුලක් නෑහ්. තවම 3 බලන්නේ. එක බැලුවෙත් ඊයේ.
බොහොම ස්තුතියි සබට බ්‍රෝ..මධුකප්‍රිය පෙරේරා
මාසයක් යන්නේ නැහැ ..අද රෑ වෙද්දී ඒකත් දෙනවා..
Lahiru prasad
සබ් එකට ස්තූතියි සහෝ. මේක එනකන් බලන් හිටියෙ.
ජය වේවා!!Udara Damith B\K
............................................
බොහොම ස්තූතියි
..........................................
Kulanjana Maduranga
niayamai…meka denakm balan hitiye.thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Haritha Dayanga
දෙනකම් බලන් හිටියෙ
ස්තූති සබට සහෝ
ජයෙන් ජය !!රයන් ද සිල්වා
…………………
සිංහල උපසිරැසියට ස්තූතියි
………………..ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු ෴ජය වේවා෴
hash එක ඕන යාලුවන්ට පහල දීලා ඇති
BDD873916040DDDA90DA0E32B9B7AC0CF623FD68
sana
mchn hash 1 vada karanne na ne link 1 denna ko plz
Damitha Ranasinghe
Tnx Bro Sub ekata>
season 2 enakam balan hitiye ;) (Y)sana
mchn link 1k denna ko
nishadi wickrama
tnx
Thusitha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
Thank You..
Gallage T D
mata mul tika ganna be udaw karanna
මධුකප්‍රිය පෙරේරා
Eranga Sandaruwan
බෝම ස්තූතියි..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රණීත් චින්තක
කමෙන්ට් එකක් දාන්න එන්න බැරි වුනානේ.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
ඊලඟ එකත් ඉක්මනටම ආපු ගමන්ම දෙන්න බලමු.මේක නියම ස්පේස් ඩ්‍රාමා එකක්.
udaya
thanks a lot
Tharaka Lahiru
elz
tharindu madusanka
thnx mcn
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මම එක.......!
ස්තුතියි මධුක අයියා සබ් එකට