ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ අටවැනි දිගහැරුම.. මොනව කියන්න ද කියල දැන්නම් හිතා ගන්න බෑ.. කතාව ඒ තරමටම උණුසුම් වෙලා තියෙන්නෙ.. හරි ඔන්න පහුගිය කොටස බැලුවනම් කයිල් කියන්නෙ කවුද? මායා වෘකයෙක් වුණේ කොහොමද? ඒ මුළු ඉතිහාස කතාවම බලාගන්න පුළුවන් වෙන්න ඇතිනෙ.. සයිම…

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ අටවැනි දිගහැරුම.. මොනව කියන්න ද කියල දැන්නම් හිතා ගන්න බෑ.. කතාව ඒ තරමටම උණුසුම් වෙලා තියෙන්නෙ..
හරි ඔන්න පහුගිය කොටස බැලුවනම් කයිල් කියන්නෙ කවුද? මායා වෘකයෙක් වුණේ කොහොමද? ඒ මුළු ඉතිහාස කතාවම බලාගන්න පුළුවන් වෙන්න ඇතිනෙ.. සයිමන්ගෙ බලය යක්ෂයින්ට වැඩ කරන්නෙ කොහොමද කියලත් දැක්කනෙ.. යක්ෂයන් ලුණු කැට වෙලා කුඩු වෙලා යනව මේ දිවාචරයන්ගෙ බලය සහ සීලී රැජිණ දුන්නු බලය එකතු වෙලා නිසා.. ඒකට නං ලිලිත් පවා හොඳටම බය වෙලා ඉන්නෙ.. ඒ අස්සෙ මතක ඇතිනෙ ජේස් මොන තරම් වෙනස් වෙලාද කියල.. දැක්කනෙ ජේස් ක්ලැරීව වහළෙන් පහළට අතාරිනව… හරියට දැන් ජේස්, ක්ලැරී කියන්නෙ කවුද කියල දන්නෙත් නෑ වගේ තමයි හැසිරෙන්නෙ.. ඒ අතරෙ ඉසී දන්නව ජේස්ව අල්ලගෙන රඳවගෙන ඉන්න පුළුවන් විදියෙ ආයුධයක් ඇලිකන්ටේ වල ආයුධ ගබඩාවෙ තියෙනව කියල.. ඒකෙ නම තමයි “මැලිකායි සමාකෘතිය..” ඉමජින් හැරන්ඩේල් ඒ කියන්නෙ ජේස්ට ඉන්න එකම නෑයගෙත් උදව් ඇතුව ඉසීලට පුළුවන් වෙනව ඒ මැලිකායි සමාකෘතිය හොරෙන් අරගන්න.. ඉසීල ඒක ගන්න අතරෙ ජේස් එනව වැලන්ටයින්ගෙ මස් අරගෙන යන්න ඇලිකන්ටේ වලට.. ඒ ආපු වෙලාවෙ ඉමජින් පණ බේර ගන්න ජේස් එක්ක සටන් කරන්න හදනකොට ජේස් ඉමජින්ව මරල දානව.. ඒ කරල ගිහින් වැලන්ටයින්ගෙ සොහොන හාරනකොට, මැරෙන්න කලින් ඉමජින් යවපු ගිනි පණිවුඩය ලැබුණු ඇලෙක්, ඉසී, ක්ලැරී තුන් දෙනා ඇවිත් ජේස්ව මැලිකායි සමාකෘතියෙ හිර කර ගන්නව.. හැබැයි අවාසනාවට එතනට ආරක්ෂකයො එනව.. ක්ලැරීට ජේස් ඇතුළු මැලිකායි සමාකෘතිය ද්වරයක් හරහා මැග්නස් ලඟට එවන්න පුළුවන් වුණාට එයාට එතනින් පැනගන්න වෙලාව මදි වෙනව.. ඒ නිසා කැල්රී ක්ලේව්ගෙ හිරකාරයෙක් වෙනව.. එහෙම තමා කලින් කොටස ඉවර වුණේ..
ඔන්න ඉතිං අද ක්ලේව්ගෙ අධිකරණයේ ක්ලැරීගෙ නඩුව අහනව.. ක්ලැරී ඇත්ත කියාවිද…? ඒක ඔයාලටම දැනගන්න මම අවස්ථාව දෙනව.. මැලිකායි සමාකෘතිය ඇතුළෙ හිර කරගෙන ඉන්න ජේස්ගෙ ඇත්ත ස්වරූපය එලියට ගන්න මැග්නස් ක්‍රමයක් හොයාගන්නව.. ඒකට එයා ඇලෙක්, ඉසී දෙන්නවත් යොදා ගන්නව.. හැබැයි මේ ක්‍රමය ක්‍රියාත්මක කරන අතර සිද්ධ වෙන ලොකු ප්‍රහරයක් නිසා කට්ටියට මොනව වේවිද? ඒකත් ඔයාලම බලාගන්න… මේ අතරෙ සයිමන්ගෙ බලය ගැන බය වුණු ලිලිත් යනව සිලී රැජිණ හමු වෙන්න.. සිලී රැජිණ මේ හමුවෙදි කරන පාවාදීමක් නිසා මුළු කතාව ආයෙත් කණපිට හැරෙනව.. මේ වෙනකොට කතාව හැරවුම් ලක්ෂයකට ඇවිල්ල තියෙන්නෙ.. අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල.. එහෙනම් ඉතිං ඊලඟ කොටසින් හමුවෙමු…!
බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,549 downloadsDownload Shadowhunters-S03E08.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
15 comments
suranuwan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය
තව 2කායි...Bhathiya gamage
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Randi
බොහොම ස්තුතියි
Janith Ramanayaka
Thanks for .subtitles
lahiru sadaruvan
thank you so much saho
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
තව කොටස් දෙකයි..Udara Damith Dissanayaka
මේ සීසන් එකත් එක්ක බලද්දී කලින් ඒවා නිකන් මොනාද වගේ
ගිය සතියේ කොටස නියමයිඋදයංග සම්පත් හතරසිංහ
ඒක තමා බං.. බාගෙට බලල නවත්තපු එවුන් මේක නොබල ඉන්න එක මාරම අපරාධයක්.. මේක තමා මේ කතා මාලාවෙ පට්ටම සීසන් එක.. Ep 03 ඉඳල කතාව එක හුස්මට බලන්න හිතෙනව..
dsdkavishka
Thenks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Harshi111
Episode 9 , 10 and 11 walatath subtitles dennako ikmanata plz
MAALnath
Thanks .............good luck ...................
Sandarunimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro....