Watch Trailer

Legion [S02 : E11] with Sinhala Subtitles | සුපිරි වීරයෙකු, දුෂ්ටයෙකු වූ කල.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ගැන මතක් කරනවානම්.. මේ කතාසමය වෙන් වෙලා තිබුනේ මුල් කතාසමයේදී ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්ත ෂැඩො කිං නොහොත් සෙවණැලි රජු ඩේවිඩ්ගෙන් පස්සෙ සමර්ලෑන්ඩ් වලදී අලුත්ම ධාරකයා ඔලිවර් කරගත්තට පස්සෙ ෂැඩො කිංට තමන්ගේ සැබෑ සිරුර සොයාගෙන ලෝකේ වටා කරක් ගහපු එකයි. සමර්ලෑන්ඩ් වලදී ඩේවිඩ්ව පොඩි බෝලයක් වගේ එකකි…

පසුගිය කොටස ගැන මතක් කරනවානම්..

මේ කතාසමය වෙන් වෙලා තිබුනේ මුල් කතාසමයේදී ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්ත ෂැඩො කිං නොහොත් සෙවණැලි රජු ඩේවිඩ්ගෙන් පස්සෙ සමර්ලෑන්ඩ් වලදී අලුත්ම ධාරකයා ඔලිවර් කරගත්තට පස්සෙ ෂැඩො කිංට තමන්ගේ සැබෑ සිරුර සොයාගෙන ලෝකේ වටා කරක් ගහපු එකයි. සමර්ලෑන්ඩ් වලදී ඩේවිඩ්ව පොඩි බෝලයක් වගේ එකකින් ඇවිත් පැහැරගෙන ගිය වෙලාවේ ඒක ඇතුලෙදි එයා අනාගත සිඩ්නිව පවා මුණ ගැහිලා එයා ඩේවිඩ්ට කිව්වා ෂැඩො කිං ට උදව් කරන්නයි කියලා. ෂැඩො කිංට කොහොමහරි එයාට එයාගේ සිරුර හොයාගන්න නැති වෙන්නයි කට්ටිය උත්සහ කලේ. ඒත් ෂැඩො කිංට ඕන වුනේ එයාගේ සිරුර මොනම විදිහකින් හරි හොයාගන්නයි.

පසුගිය සතිය ගැන මතක් කරනවානම් ඒ කොටස බොහෝදුරට කොමික්වල ඉන්න ඩේව්ඩ් හෝලර්ට සම කරලා තිබුණා. X-Men: Legacy චිත්‍රකතාව අරන් බැලුවා නම් ඔයාලට තේරෙයි එහෙම කියන්නේ ඇයි කියලා. ඩේවිඩ්ගෙ උස්  කොණ්ඩය හැරුණම ලෙනී පොලවේ වැතිරිලා ඉන්නකොට ඩේවිඩ් රජෙක් වගේ ආසනයක වාඩි වෙලා ඉන්න සිදුවීම වගේම ඩේවිඩ් ගිය සතියෙ ඇද පැළදගෙන හිටිය විදිහ එහෙම හුගාක් දුරට කොමික් වලට සමානයි. ෆරූක් මේ වෙද්දී මෙලනිට ආවේශ වෙලා හිටියෙ. ඒ මදිවට මෙලනි සිඩ්නිව ලොකු කුහරයක් වගේ තැනකින් ඇදගෙන ඇවිල්ලා කොටු කරලා තියාගෙන සිඩ්නිට අතීතය, වර්තමානය වගේම අනාගතයේ ප්‍රතිරුපයන් පෙන්වන්න ගත්තා. ඩේවිඩ් සිඩ්නිව හොයාගෙන එන ගමනේ එයා අනික් අයට වද දෙන හැටි වගේ ඩේවිඩ් කියන්නේ මොන වගේ ස්වරුපයක් තියෙන රාක්ෂයෙක්ද කියන වග පෙන්වන්න තමයි මෙලනිට ඕන වුණේ. මුලින් වාද කලත් පස්සෙ සිඩ්නිගෙ වාද කිරිල්ල නැවතිලා එයා පිළිගත්තා ඩේවිඩ් කියන්නේ රාක්ෂයෙක් කියලා. ඒවගේම කලින් ඩේවිඩ්ගෙ හැසිරීම එයාගේ ඇග ඇතුලේ හිටිය පරපෝෂිතයා නිසා වෙච්ච වැඩක් නෙවෙයි ඒකට වගකිවයුත්තා ඩේවිඩ් කියලා ඒත්තු ගැන්වීමක් කලා. 

නිතරම ඇරෝ, ෆ්ලෑෂ් කතාමාලාවල සුප්ර්හිර්රෝලගේ සටන් ජවනිකා ලීජන් වලින් දකින්න වෙන්නේ නැහැ කියලා මේ කතාමාලාව බලන අය දන්නවා ඇතිනේ. 90% වගේ වැඩි පරාසයක් පුරාවටම තියෙන්නේ කතාව ඇතුලේ අඩුවෙන් කතාවෙන දේ අහගෙන වෙන සිදුවීම් වලට වැඩියෙන් ඇහුන්කන් දෙන්නයි. මේ නිසාමනේ බොහෝ දෙනෙක් මේ කතාවට ආස නැත්තෙ. 😏 ඒත් ඉතින් ගිය සතියෙ කානතාරය මැද්දේ තිබුණු විශාල වල ලගදී කේරි වගේම එතන හිටිය සටන්කරුවන් එක්ක සෑහෙන කාලෙකට පස්සෙ සුපිරි සටනක් අපිට දකින්න ලැබුණා. මෙලනිව ලුහුබදිමින් හිටිය ඩීමන් කෙනෙක්ව අප්‍රාණික මිනටෝර් කෙනෙක් බවට පත් කරලා විරයින්ගෙ පස්සෙන් යැව්වා. ඇඩ්මිරල් ෆුකියාමාගෙ රොබෝලා දෙන්නට එක පහරයි වැදුණේ, එයලා එතනම ඉවරයක් වුණා. ඒත් ප්‍රශ්නේ කියන්නේ ඕක ඇතුලේ හිටියෙ කවුද කියලා නම් පෙන්නුවේ නැහැ. පෙන්නුවා නම් තමයි වටින්නේ. සමහරවිට ඒ කෙනත් විපරිතයෙක් වෙන්න පුලුවන්. පස්සෙ මේ මිනටෝර් එක්ක සටන් කරන්න සීඩ් හා කේරි දෙන්නා එකතු වුනත් මේ දෙන්නටම ඒ මිනටෝර්ට පහර දෙන්න නම් පුලුවන් කමක් ලැබුණේ නැහැ. 

අද අවසන් කොටසේ වෙන්නේ මොකක්ද කියලා බලමු එහෙනම්.. .

පසුගිය කොටස ඉවර වුන විදිහ මම හිතන්නේ ඔයාලට මතක ඇති. ලොකු ආගාධය ඇතුලෙදී සීඩ් වගේම කේරි මිනටෝර් එක්ක සටන් කරන්න පටන් ගත්තට පස්සෙ මේ අපිට [පෙන්නුවේ නැහැ මොකද වුනේ කියලා. අද සිදුවීම දකින ඔයාලම කියයි පුදුම සටනක්නෙ දීලා තියෙන්නේ කියලා. අද කොටස පටන් ගන්නෙම සුපිරිම විදිහට ඩේවිඩ් වගේම ෆරූක් අතර සටනකින්. කියන්න නම් දෙයක් නැහැ ඔයාලටම අද කතාව තේරුම් යාවි ඩේවිඩ් කියන චරිතය කොහොමද උඩු යටිකුරු වෙන්නෙ කියලා. එහෙනම් ඉතින් බලලම ඉන්නකො.

ඔන්න එහෙනම් ලීජන් දෙවැනි කතාසමයත් මෙතනින් නිමාවට පත්වෙනවා. කලින් වතාවේ කට්ටිය හිටියේ නැතත් මේ වතාවේ කතාව ඇදගෙන යන්න උදව් කරපු ලහිරු, සමීර, නිලුපුල්, විමා, අචින්ත ඔය හැමදෙනෙක්ටම හුගාක් ස්තුතිවන්ත වෙනවා බැහැ නොකියා කතාව ඇදගෙන යන්න උදව් කලාට. ඒවගේම තිසරටත් හුගාක් ස්තුතියි කතාව පටන් ගද්දිම ෂැඩො කිං ගැන ලස්සන ලිපියක් ලියලා උදව් කලාට. ඒවගේම, 

ඔව්. මේ වෙද්දී ලීජන් කතාමාලාව තුන්වෙනි කතාසමයටත් FX නාලිකාවෙන් දීර්ඝ කරලා හමාරයි. නමුත් කණගාටුවෙන් උනත් කියන්න ඕන තෙවැනි කතාසමයක් දක්වා අරන් යන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ මොකද කියලා මම කියන්න යන්නේ නැහැ. මොකද පෙර කතාංග ලබා දුන්නු පෝස්ට් ටික ඔයාලම බැලුවා නම් තේරුම් යාවි ඇයි මං එහෙම දෙයක් කියන්නේ කියලා. එහෙව් එකේ ඒ වගේ බේස් එකක් තියාගෙන උපසිරැසි කරන්න පැය හතරක් පහක් වැය කරන එක තේරුමක් නැති වැඩක්. ලබන අවුරුද්දේ තෙවැනි කතාසමය පටන් ගද්දි වෙනත් උපසිරැසිකරුවෙන් ඉදිරිපත් වුනොත් ඒ කෙනා කවුරු වුනත් හොද සහයක් ලබා දෙන්න කියලා හැමොගෙන්ම ඉල්ලනවා. මෙතෙක් මේ කතාමාලාව එක්ක රැදී සියලුම දෙනාටම හුගක් ස්තුතියි. 

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔරිජිනල්ස් කතාමාලාවෙන් හමුවෙමු!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,420 downloadsDownload Legion-S02E11.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,420 downloadsDownload Subtitles27 KB

27 comments

  1. Gathsara Umesh

    Bhooooom sthuuthiyi ayyeeee...

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  3. dakan

    tnxxx bro... me wage supiri tv series wala sub denawa aduy.supiri wadak meka..

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    ජය
    3 වෙනි සීසන් එකට තනියම කරගහන්නේ නැතුව සාමූහික ගේමක් ගහමු...
    Cw මල් කතාතරම් ෆෑන් බේස් එකක් නැති උනාට මේ වගේ මොලේ කචල් වෙන සීරීස් බලන්න කැමති පිරිසක් ඉන්නවා... ඒ අය වෙනුවෙන් 3 වෙනි කතාසමයටත් උපසිරැසි දෙන්න කියලා බයිස්කෝප් අඩවියෙන් පුංචි ඉල්ලීමක් කරනවා....

  5. Nuwandika Dil

    Kollo dala yanna epa.tnks

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Kasun A.

    upasiresiyata thuthi chamara saho.3 weni season ekatath upasiresi denna saho.jaya!

  8. Janith Ramanayaka

    Thanks bro nawaththnnna epa digatama sub eka denna

  9. geeganagamage

    thank you

  10. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    Season 3 එකටත් සබ් ගේමු...
    සුපිරි කතාවක් මේක...අපරාදේ නවත්තන එක...

  12. ADnilindika

    thnkzz bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Lucifer94

    බොහොම ස්තුතියි ...

  15. GodDamn

    එකින් එකට කමෙන්ට් කරන්න බැරි උන නිසා දැං කමෙන්ට් කලේ ඔක්කොටම ස්තූතියි කියන්න..
    ඇත්තෙන්ම මේ තරං හොද සීරිස් එකකට මෙච්චර මහන්සිවෙලා උපසිරසි කරා කියන්නෙ ඒක ගොඩක් ලොකු සේවයක්
    ඇත්තෙන්ම ගොඩක් අගය කරනව..
    බේස් එක ගැන කතා කලොත්නං ඇත්තෙන්ම ඔය ඩවුන්ලෝඩ් කරනගාන වගේ 4ගුනයක්වත් ඕක පැතිරෙන එක වෙනවමයි...
    කලින් චාමර අය්ය කරපු exrocist එකත් මගදි නවත්තන්න උනා..
    බල කිරීමක් කරන්නෙ නෑ..
    මෙච්චර කල් කරපු සේවයට ස්තුතියි

  16. buky

    ගොඩක් ස්තුතියි bro
    මෙි විදියට ගොඩක් මහන්සි වෙලා සබි හදලා දෙන එක නමි ලොකු දෙයක්

  17. RMRAMADUSHANKA

    thnkzz bro..season 3 t sub dennaa..

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. mars1245

    thank you

  20. Mahesh ruwan

    sub 11 eka wara download kale eka hinda awasana ekata vitharai comment ekaka damme.bohoma sthuthi sub walata good luck

  21. nipuna adikari

    thnx 4 subz. good job

  22. Roshanpc

    Season 3 awa mcn.sub himita dhn

  23. menaka787

    s3 sub denta

  24. pcdanuma

    3 diyanko bn

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  26. chami

    thanks for sub. waiting for 3rd season subtitles.

  27. හිෂාන් සමරසිංහ

    බොහෝම ස්තූතියි.ගොඩ දෙනෙක්ට මෙහෙම හොඳ කතා මාලාවක් බලන්න පින නෑ. Flash, Superman & Lois, Ms. Marvel, Luke Cage වගේ seriesවල තියෙන Comedy/ Action ගතිය තේරුණාට, ගොඩ දෙනෙක්ට Psychological Super-Hero show එකක් තේරෙන්නේ නෑ... මට නම්; Daredevil & Punisher series 2 න් පස්සේ බලපු හොඳම series එක මේක.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.