ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ නමවැනි දිගහැරුම.. කියන්න දෙයක් තියෙනව.. මට නං හිතන්නෙ මෙතෙක් විකාශය වුණු කතා සමයන් වලින් තුන්වන කතා සමය තමයි ඉතාමත් උද්වේගකර කතා සමය වෙන්නෙ කියල.. මොකද කිව්වොත් මේ කතාව මුල ඉඳල අගටම පැටලිලා තමයි තිබුණෙ.. ඒ වගේම තමයි අද කතාව තුළ…

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ නමවැනි දිගහැරුම.. කියන්න දෙයක් තියෙනව.. මට නං හිතන්නෙ මෙතෙක් විකාශය වුණු කතා සමයන් වලින් තුන්වන කතා සමය තමයි ඉතාමත් උද්වේගකර කතා සමය වෙන්නෙ කියල.. මොකද කිව්වොත් මේ කතාව මුල ඉඳල අගටම පැටලිලා තමයි තිබුණෙ.. ඒ වගේම තමයි අද කතාව තුළ තවත් පුරාවෘතගත කතාවක් හෙළි වෙනව.. ඔන්න මම අන්තර්ජාලයෙන් ඒ පිළිබඳව ටිකක් තොරතුරු හොයා බැලුව..
කේන් සහ ඒබල්.. මිහිතලයේ පළමු පුත්‍රයෝ...
“Book of Genesis” එහෙම නැත්තං “සම්භවය පිළිබඳ ග්‍රන්ථය” කියන්නෙ දෙවියන්වහන්සේ විසින් ලෝකය මැවීම පිළිබඳ කතාන්දරය ඇතුළත් ග්‍රන්ථය.. මීට පෙර කොටසකදී මම “ආදම් සහ ඒව”ගැන කතාව වගේම “ලිලිත්” ගැන විස්තරයකුත් කිව්ව.. එතනදි මම විස්තර කරපු විදියට තහනම් ගසේ ගෙඩි කාපු වරදට දෙවියන් වහන්සේ ආදම් සහ ඒව “ඊඩන් උද්‍යානයෙන්” නෙරපා හරිනව.. ඊට පස්සෙ කටුක පරිසරයේ ජීවිතයේ ජීවත් වෙනකොට ඔවුන්ට මිහිතලයේ පළමු පුත්‍රයන් බිහි වෙනව.. ඒ තමයි කේන් සහ ඒබල්..
කේන් ජීවත් වුණේ ගොවිතැන කරමින්, ඒබල් ජීවත් වුණේ එඬේරෙක් විදියට.. මේ දෙන්නටම තමන්ගෙ වගකීම ඒ කියන්නෙ රැකියාව තුළින් උපයා ගන්නා වස්තුවෙන් කොටසක් දෙවියන් උදෙසා කැප කරන්න නියම වෙලා තිබුණ.. හැබැයි මෙහෙම කාලය ගත් වෙනකොට ඒබල්ගෙ කැප කිරීම වෙනුවෙන් දෙවියන් වහන්සේගේ වැඩි ප්‍රසාදයක් හිමි වෙන බව කේන්ට වැටහුණා.. කේන් මේ හේතුව නිසා ලොකු වරදක් කරනව.. කේන් විසින් ඒබල් ඝාතනය කෙරෙනව.. මේ නිසා දෙවියන් කේන් කෙරෙහි උරණ වෙනව.. කේන් දෙවියන්ගේ ශාපයට ලක් වෙනව.. එතැන් පටන් කේන්ට ගත කරන්න වෙන්නෙ කාලකණ්ණි ජීවිතයක්.. ඉතිං ඔන්න මේ ශාපය නිසා කේන් මේ කතාවට සම්බන්ධ වෙන විදිය අද කතාවෙන් දැන ගන්න පුළුවන්..
පහුගිය කොටසින් පොඩ්ඩක් මතක් ළොත්, ක්ලැරීගෙ නඩුව ක්ලේව්ගෙ අධිකරණයේදි විනිශ්චයට ලක් වුණා.. ක්ලැරීට සිද්ධ වුණා ආත්මීය අසිපත ඉදිරියේ ඇත්ත හෙළි කරන්න.. ඒ අනුව පහුගිය කාලෙ සිද්ධ වුණු හැම සිදුවීමක්ම මුල සිට අගට ක්ලැරී විසින් ක්ලේව් අධිකරණයට වමාරනව… ඒ අතරෙ මැලිකායි සමාකෘතිය ඇතුළෙ හිර කර ගත්ත ජේස්ව නිදහස් කර ගන්න මැග්නස්, ඇලෙක්ගෙ පැරබටායි රූන් එක භාවිතා කරනව.. කට්ටියට මතක නම් කලින් වතාවක මැග්නස් ඇලෙක්ගෙ පැරබටායි රූන් එක මඟින් ජේස්ව හොයන්න ගිහින් තව පොඩ්ඩන් ඇලෙක් මැරෙනව.. මේ හේතුව නිසා මේ වතාවෙ ඇලෙක්ගෙ තනියට ඉසීවත් යවනව.. කොහොමහරි ඉසී, ඇලෙක් දෙන්න යන්නෙ ජේස්ගෙ මනස ඇතුළට.. එතප්රශ්නෙ විසඳගෙන එන්න හදනකොට ලිලිත් ඇවිත් ප්‍රහාරයක් එල්ල කරල ජේස් නැවත අරගෙන යනව.. ලිලිත් ජේස් ඉන්න තැන හොයා ගත්තෙ සිලී රැජිණ කරපු පාවා දීම නිසා.. ඒ වගේම ක්ලැරීගෙ නඩුව අවසානයේ “ජියා” ඒ කියන්නෙ කවුන්සලර්වරිය ක්ලැරීට මරණීය දණ්ඩනය දෙන්න නියම කරනව…
ඔන්න ඉතිං අද ක්ලේව්ගෙ අධිකරණයේ ක්ලැරීගෙ නඩු තීන්දුව අනුව අද ක්ලැරීගෙ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනව.. එතනදි ක්ලැරී නොහිතපු විදියෙ වැඩක් කරනව.. ඒකෙන් හිතා ගන්න බැරි තරම් ලොකු ගැටළු ගණනාවක් පැන නගිනව.. ඔන්න ඒ නිසා අද මැරුණු කෙනෙක් නැවත මරණයෙන් අවධි වෙනව.. මොකද්ද ක්ලැරී කරපු ඒ වැඩේ…? මං නං ඒ ගැන දන්නෙ නෑ… මතකද මන්ද මම එක කොටසකදි කිව්ව සයිමන් හයිඩිව පේට්‍රෝ ලූපස් එකට යවන්න ගත්ත තීරණය ඒ තරම් හොඳ තීරණයක් නම් නෙවෙයි කියල.. ඔන්න ඒ තීරණයේ ප්‍රතිවිපාක විසි තිස් ගුණයකින් වැඩි වෙලා අද සයිමන්ගෙ ජීවිතේ උඩු යටිකුරු කරනව… මේ අතරෙ සයිමන්ගෙ අර සලකුණ ගැනත් දැනගන්න පුළුවන් වේවිද මන්ද..? මැග්නස් ජේස්ට ප්‍රතිකාර කරන්න ක්‍රමයක් හොයා ගත්තත් ඒකට උසස් මායාකාරයගෙ අවසරය ඕන වෙනව.. අවසරය ලැබේවිද..? ඒවට උත්තර ඔයාලම බලාගත්ත නං තමා හොඳ.. ඒ වගේම අද සෑහෙන රහස් තොගයකට උත්තර ලැබෙනව.. එහෙනම් ගිහින් එන්නම්.. ආයෙ එන්නෙ Mid Season Finale Episode එකත් එක්ක..
බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,219 downloadsDownload Shadowhunters-S03E09.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
16 comments
dsdkavishka
geeganagamage
බොහොම ස්තුතියි ගොඩාක් ආසාවෙන් බලන කතාවක් .
suranuwan
thanks bro.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයlahiru sadaruvan
thank you so much saho..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bhathiya gamage
thanks
nmnk nawarathna
Thanks all bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව එක කොටසයි....අයේ 2019ද කොහේදෝ නේ එන්නේ...උදයංග සම්පත් හතරසිංහ
ඔව් බං.. 2019 තමා... තාම නං දිනයක් නිශ්චිතව කියල නෑ..!
Udara Damith Dissanayaka
elas
Randi
සබ් එකට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Harshi111
Thankx for the subtitles
MAALnath
Thanks ....................good luck ........................
Sandarunimsara
Sub ekata thanks bro
Advertisement




Thenks bro fattama