Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E18] Sinhala Subtitles | යක්ෂයාගේ නැඟී සිටීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං හැකි ඉක්මනින් මේ අරගෙන ආවෙ ශැඩෝහන්ටර් 18 වැනි කතාංගය. ඉතිං පහුගිය කතාංගය සම්පුර්ණයෙන්ම වගේ වෙන් වුණේ ස්වර්ගයේ ගින්න සහ යශෝධර අසිපත හොයාගන්න, ඉසී, සයිමන් සහ රෆායෙල් මහන්සි වෙන හැටි පෙන්වන්න. සයිමන් තමන්ගෙ ජීවිතේ පවා ඒ සඳහා පරදු තියනව. මේ අතරෙ ජොනතන් ලොකු කතාවක් කිව්ව, ලිලිත් ඔහුව අප…

ආයුබෝවන්..!

ඉතිං හැකි ඉක්මනින් මේ අරගෙන ආවෙ ශැඩෝහන්ටර් 18 වැනි කතාංගය. ඉතිං පහුගිය කතාංගය සම්පුර්ණයෙන්ම වගේ වෙන් වුණේ ස්වර්ගයේ ගින්න සහ යශෝධර අසිපත හොයාගන්න, ඉසී, සයිමන් සහ රෆායෙල් මහන්සි වෙන හැටි පෙන්වන්න. සයිමන් තමන්ගෙ ජීවිතේ පවා ඒ සඳහා පරදු තියනව. මේ අතරෙ ජොනතන් ලොකු කතාවක් කිව්ව, ලිලිත් ඔහුව අපායෙ රඳවගෙන වධ දීපු හැටි. මේක ක්ලැරීගෙ හිතට ලොකු බලපෑමක් කළා. කතාවෙ හැටියට ජොනතන් කියන්නෙ අසරණ වුණු කෙනෙක්. ඉතිං ඔන්න කලින් කතාංගයන් කීපයක අපිට හමු වුණු වික්ටර් ඇල්ඩර්ට්‍රී ආයෙත් ආයෙත් කරළියට ආව. මතකයිනෙ ඉසබෙල්ට යින්-ෆින් ඇබ්බැහි කරපු හාදය. අන්න එයා. මේ ඔක්කොම සම්බන්ධ වුණේ පහළ ලෝකවාසීන් මේ ලෝකෙන් තුරන් කරන්න යන ලොකු කුමන්ත්‍රණයක් වටා. ස්වර්ගයේ ගින්න පාවිච්චි කරල පහළ ලෝකවාසීන් බලහත්කාරයෙන් සාමාන්‍ය මිනිස්සු බවට පත් කරන්න ඇල්ඩර්ට්‍රී යොදපු සැලැස්ම විනාශ කරන්න ඉසී, සයිමන් සහ රෆායෙල් හට හැකි වෙනව. ඒ වගේම රෆායෙල්.. දැන් රෆායෙල් කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඒ ගැන ඔහු නම් සතුටින් ඉන්නෙ. සයිමන්ට හැකි වුණා යශෝධර අසිපතෙන් හදපු ද්‍රාවණයෙන් යම් කොටසක්, ක්ලැරී බේරගන්න පුළුවන් වෙන්න විද්‍යායතනයට අරගෙන එන්න. ඒ වගේම ලූක් ප්‍රේටර් ලූපස් සහය ඇතිව හිරෙන් නිදහස් වුණා.

අද කතාංගය තුළ මුලදි දකින්න පුළුවන් ඉසී හදපු සාන්ද්‍රණයකින් නිවුන් රූන් එක ඉවත් කරන්න උත්සාහ ගන්න හැටි. මේක සාර්ථක වෙන්නෙ නෑ. අද දවස වැඩි වශයෙන් හැලෝවීන් දවස හා සම්බන්ධව ගමන් කෙරෙන්නෙ. සයිමන්ගෙ සහෝදරී බෙකී ඇවිල්ල ඉන්නෙ සයිමන් බලන්න. මේ දෙන්න එක්ක නිව්යෝර්ක් නගරය වටේ රවුම් ගහන අතරෙ ඩ්‍රෙවෙක් කියල යක්ෂ විශේෂයක් නගරයේ මිනිස්සුන්ට පහර දෙනව. ඉතිං ශැඩෝහන්ටර් පිරිස හැමෝම ඩ්‍රෙවෙක් දඩයමේ යෙදෙන අතරෙ, සිලී රැජිණ රහසිගතව තමන්ගෙ ලනායා කියන අප්සරාව පාවිච්චි කරමින් ලොකු සැලැස්මක් දියත් කරනව. සැලැස්ම එහෙම ක්‍රියාත්මක වෙන අතරෙ ක්ලැරීට ඩ්‍රෙවෙක් ප්‍රහාරයක් එල්ල වෙලා සිහි නැති වෙනව. මේ සිහි නැති වීම කතාවේ ඊලඟට වෙන දේ උඩුයටිකුරු කරවන්න සමත් වෙනව. මොකුත් නොකියා ඉන්නම් මේ ගැන. එහෙනම් ඉක්මනින් හමුවෙමු 19 වැනි කතාංගය එක්ක. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,965 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E18.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,965 downloadsDownload Subtitles30 KB

11 comments

  1. suranuwan

    thanks bro...

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  3. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  4. Sandaru Nimsara

    Sub ekata thanks bro.

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Dilshan

    සිසන් 02 එකෙ එපිසොඩ් 14-16 එවගෙ ලින්ක් හොයාගන්න බැනෙ සබ් දිලා තියෙන ෆයිල් එකට....මෙකෙ වගෙ web එකක් නම් ෆට්ට.. pSA එකටත් සෙට් වෙනවා... පුලුවන් නම් PSA රිප් එකට සිසින ටු එකෙ 14.15.16 එපි වල සබ් දෙන්න...

    1. උදයංග සම්පත් හතරසිංහ

      සහෝ.. මාත් බාල තියෙන්නෙ PSA කොපි තමයි. දුන්නු සබ් ෆයිල් ටිකත් ඒවට ගැලපෙනව. ගැලපෙන්නෙ නැත්තං පොඩ්ඩක් Sync කර ගන්න. ඕනම ප්ලේයර් එකක ඒ පහසුකම තියෙනව. මේ දීල තියෙන් Web කොපි ඔක්කොම PSA වලට ගැලපෙනව. ස්තූතියි!

  7. MAALnath

    Thanks ...............good luck ...............

  8. chinthaka.max4

    thankx machan

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P