ආයුබෝවන්..! වේදනාව ජීවිතයට බොහෝ විශාල අවබෝධය ලබා දෙනව. වේදනාවෙන් තොර ලබන ජයග්‍රහණයක් නෑ කියලත් කියනවනෙ. ඉතිං මේ කතාංගය වේදනාව වෙනුවෙන් වෙන් වුණු කතාංගයක්. ඉතිං පහුගිය කතාංගය තුළ මුලදි දකින්න ලැබුණ ඉසී හදපු සාන්ද්‍රණයකින් නිවුන් රූන් එක ඉවත් කරන්න උත්සාහ ගන්න හැටි. මේක සාර්ථක වුණේ නෑ. ඊට අමතරව සයිමන…

ආයුබෝවන්..!
වේදනාව ජීවිතයට බොහෝ විශාල අවබෝධය ලබා දෙනව. වේදනාවෙන් තොර ලබන ජයග්‍රහණයක් නෑ කියලත් කියනවනෙ. ඉතිං මේ කතාංගය වේදනාව වෙනුවෙන් වෙන් වුණු කතාංගයක්. ඉතිං පහුගිය කතාංගය තුළ මුලදි දකින්න ලැබුණ ඉසී හදපු සාන්ද්‍රණයකින් නිවුන් රූන් එක ඉවත් කරන්න උත්සාහ ගන්න හැටි. මේක සාර්ථක වුණේ නෑ. ඊට අමතරව සයිමන්ගෙ සහෝදරී බෙකී ඇවිල්ල හිටිය සයිමන් බලන්න. මේ දෙන්න එක්ක නිව්යෝර්ක් නගරය වටේ රවුම් ගහන අතරෙ ඩ්‍රෙවෙක් කියල යක්ෂ විශේෂයක් නගරයේ මිනිස්සුන්ට පහර දෙනව. ඉතිං ශැඩෝහන්ටර් පිරිස හැමෝම ඩ්‍රෙවෙක් දඩයමේ යෙදෙන අතරෙ, සිලී රැජිණ රහසිගතව තමන්ගෙ ලනායා කියන අප්සරාව පාවිච්චි කරමින් ලොකු සැලැස්මක් දියත් කළා මතක ඇතිනෙ. සැලැස්ම වුණේ ජොනතන් මරා දැමීම. සැලැස්ම එහෙම ක්‍රියාත්මක වෙන අතරෙ ක්ලැරීට ඩ්‍රෙවෙක් ප්‍රහාරයක් එල්ල වෙලා සිහි නැති වුණා. මේ සිහි නැති වීම විනාඩියකටත් වඩා අඩු කාලයක් ඇතුළත සිදු වුණත්, ඒ කාලය තුළ ක්ලැරී ජොනතන්ගෙ ග්‍රහණයට නතු වෙනව. මතක ඇතිනේ ජොනතන්ට තිබුණෙ කාළ අත්තටු. ඒ යක්ෂයාගේ නියෝජනය. ඒ වගේම ජේස්ට තිබුණෙ ධවල අත්තටු. ඒ සුරයන්ගේ නියෝජනය. ඒ හේතුව නිසා තමයි මෙතෙක් ජේස් ලඟඳි ක්ලැරී යක්ෂයාට නතු නොවී හිටියෙ. හැබැයි අවසානයේ ක්ලැරී ඇවිල්ල ජොනතන් බේර්ගෙන පැනල ගියා.
අද බලාගන්න පුළුවන්, පැනල ගියපු ජොනතන් සහ ක්ලැරී මොනවද කරන්න ලෑස්ති වෙන්නෙ කියල. ජේස් මේ දෙන්න ඉන්න තැනකට යන්න තමයි උත්සාහ කරන්නෙ. මේ අතරෙ අපි දැක්ක පහුගිය කොටසෙ ඇලෙක් ඇස්මෝඩියස් හමු වෙලා එකඟතාවකට ආපු හැටි. එකඟතාව අනුව ඇලෙක්, මැග්නස්ගෙන් වෙන් වුණා. මේ වෙන්වීම මැග්නස් දරාගන්නෙ කොහොමද? ඒක පෙනුණු තරම්ම ලේසි එකක් වෙන්නෙ නෑ. කොහොමහරි මේ ඔක්කොම අතරෙ ඉසී උත්සාහ කරන්නෙ, යශෝධර අසිපත නැවත නිෂ්පාදනය කරන්න. ඒ විදියට විතරයි ක්ලැරී නැවත බේරා ගන්න හැකි වෙන්නෙ. ඉතිං ඇස්මෝඩියස් ඇත්තටම ඇලෙක්ට වුණු තමන්ගෙ පොරොන්දු ඉෂ්ට කරයි ද? එතකොට ක්ලැරී සහ ජොනතන් දෙන්න එකතුවෙලා සෑහෙන දරුණු වැඩක් කරනව. ඒ මොකද්ද? ඔන්න එහෙනම් බලාගන්නකො ඒ ඔක්කොම. 20 වැනි කතාංගය එක්ක හැකි ඉක්මනින් නැවත හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,011 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E19.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
11 comments
Sahan Sulakkhana
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Sandaru Nimsara
Sub ekata thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Devinda
බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා!!
darshana021
Thanks bro
MAALnath
Thanks .......................good luck ....................
Anonymous
thanks...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව ටිකයි...
ඒ ටිකත් ඉක්මනටම අරන් එමු....chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sub ekata bohoma sthuthiyi sahodarayaa....!!!