ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ Shadowhunters 03×16 කතාංගය. බලපු අය දන්නව කතාව උද්වේගකර මට්ටමකට එමින් පවතිනව කියල. ඉතිං පහුගිය කතාංගයෙන් අපි දැක්ක හයිඩි මොන තරම් කපටි කෙල්ලෙක් ද කියල. ග්‍රිෆින් ලව්වා ජේඩ් වුල්ෆ් එකට පහර දෙනව විතරක් නෙවෙයි, ඇලෙක් ලඟට ඇවිල්ල ඔවුන්ව පාවා දෙන්න පවා ඇය තමන්ගෙ වංශයට ද්‍රෝහී ව…

ආයුබෝවන්..!
මේ අරගෙන එන්නෙ Shadowhunters 03×16 කතාංගය. බලපු අය දන්නව කතාව උද්වේගකර මට්ටමකට එමින් පවතිනව කියල. ඉතිං පහුගිය කතාංගයෙන් අපි දැක්ක හයිඩි මොන තරම් කපටි කෙල්ලෙක් ද කියල. ග්‍රිෆින් ලව්වා ජේඩ් වුල්ෆ් එකට පහර දෙනව විතරක් නෙවෙයි, ඇලෙක් ලඟට ඇවිල්ල ඔවුන්ව පාවා දෙන්න පවා ඇය තමන්ගෙ වංශයට ද්‍රෝහී වුණා. මේ අතරෙ සයිමන් සහ මායා දෙන්න ඉස්පිරිතාලෙ ඉන්න ගෑණු ළමය ලව්වා ඔක්කොම විස්තර අහගන්න ගියා වුණත්, හයිඩි එතනදිත් හැමෝටම වඩා පියවරක් ඉස්සරහට තියනව. කොහොමහරි ලොරෙන්සෝගෙන් ලබා ගත්ත මායා බලය එක්ක මැග්නස්ට හැකි වුණා මේ ගෑණු ළමය සනීප කරන්න. ඒ අතරෙ මායා ගිහින් හයිඩි එක්ක සටනක් ඇති කරගෙන, හයිඩි ලව්වා ප්‍රහාරයක් එල්ල කරව ගන්නව. මායා කියන්නෙ හයිඩිටත් වඩා පියවර හත අටක් ඉස්සරහ ඉන්න කෙනෙක් කියල ඒකෙන් පෙනුණ. මායා තමන්ට එන්නත් කර ගත්ත ශුද්ධ ජලය නිසා හයිඩි මරණයට පත් වුණා. ඒ වගේම ඉසබෙල්, රෆායෙල්ව අත්‍තඩංගුවට ගත්ත. ලොරෙන්සෝගෙන් ලබා ගත්ත මායා බලය මැග්නස්ගෙ ශරීරය ප්‍රතික්ෂේප කරපු නිසා, මැග්නස් එකවරම කම්පන තත්වයක් ඇති වෙලා බිම වැටුණ.
ඉතිං අද කතාංගය තුළ දැකගන්න හැකි වෙනව මැග්නස්ට අහිමි වෙන්නෙ මොනවද, හිමි වෙන්නෙ මොනවද කියල. ඒ අතරෙ ජොනතන් යනව උදාතරු අසිපත හොයාගෙන් සිලී රැජිණ මුණගැහෙන්න. සිලී රැජිණ කියන විදියට නම් ඇය ලඟ උදාතරු අසිපත තියෙනව. හැබැයි ඒක ලබා ගන්න ජොනතන්ට ලොකු ගෙවීමක් කරන්න වෙනව. මේ ගෙවීම තියෙන්නෙ අපායෙ. ඉතිං ජොනතන් අද අපායට යනව. මේ දේවල් මෙහෙම වෙන අතරෙ ක්ලැරී නැවත ලිලිත්ව කැඳවනව මේ රූන් එක අයින් කර ගන්න ක්‍රමයක් දැන ගන්න. එකම එක ක්‍රමයක් විතරයි තියෙන්නෙ. හැබැයි ඒක ලේසි නෑ. අද කතාංගයෙන් නැවත අලුත් අසිපතක් ගැන හෙළිදරව්වක් වෙනව. ඒකෙ නම් “Glorious.” “Morning Star” අසිපතට “උදාතරු අසිපත” කියල දාපු නිසා “Glorious” සඳහාත් සිංහල නමක් යෙදුව, ඒක ඉංග්‍රීසි නමින්ම තිව්වොත් නොගැලපීමක් ඇති වෙන නිසා. “Glorious” යෙදෙන තැන් වලට අද ඉඳල භාවිතා වෙන්නෙ “යශෝධර අසිපත” කියන නම. “යශෝධර අසිපත” ඕන වෙන්නෙ මොකක් වෙනුවෙන් ද? ඒක අද දැනගන්න හැකි වේවි. එහෙනම් ඉක්මනින් 17 කතාංගය එක්ක මුණගැහෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,029 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E16.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
11 comments
Hashan M. Priyadarshana
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Sulakkhana Subasinghe
bohomathama sthuthiyi saho sub ekata
sachintha
නියමයි සහෝ ඊලග කොටසෙන් නැවත හමු වෙමු...
ජයAnonymous
thanks bro.....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....Anonymous
thanks saho sub ekata
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Devinda
ඇයි මචන් Love Death + Robots එකට දවසට එපිසෝඩ් දෙක ගානෙ සබ් දෙනව හැබැයි මේකට නෑ..
මොකද Love Death + Robots එකටත් ලොකු ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් කියලත් නෑනෙ. ඉතින් ඇයි බං එහෙම කරන්නේ??උදයංග සම්පත් හතරසිංහ
ඒක ඔක්කොම කරල බාර දීල තියෙන්නෙ. අනික ඒව ලයින් 100, 200 එපිසෝඩ්. අහිතක් නැත්තං පොඩ්ඩක් දිගෑරල බලන්න ශැඩෝහන්ටර් එපිසෝඩ් එකක තියෙන ලයින් ගාණ. මම මගේ උපරිමයෙන් මේක දෙන්නෙ ඉවර කරන්න ඕන නිසා. තරහ අවසර..!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!