Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E20] Sinhala Subtitles | අසිපත් සංග්‍රාමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අද මෙතෙක් කතාව තුළ දකින්න ලැබුණු ආකර්ෂණීයම කතාංගය දැකගන්න පුළුවන් වෙනව. ඒ ඇයි කියල සමහරවිට උඩින් මම මේ කතාංගයට දාල තියෙන නමින්ම පවා වටහා ගන්න හැකි වේවි. IMDb අගය පවා 8.9ක් සටහන් වෙලා තියෙනව මේ කතාංගය වෙනුවෙන්. මං විශේෂයෙන්ම මේක මතක් කරන්නෙ අද කතාංගය ඇත්තටම ඉහළ මට්ටමක තියෙන නිසා. හර…

ආයුබෝවන්..!

ඔන්න අද මෙතෙක් කතාව තුළ දකින්න ලැබුණු ආකර්ෂණීයම කතාංගය දැකගන්න පුළුවන් වෙනව. ඒ ඇයි කියල සමහරවිට උඩින් මම මේ කතාංගයට දාල තියෙන නමින්ම පවා වටහා ගන්න හැකි වේවි. IMDb අගය පවා 8.9ක් සටහන් වෙලා තියෙනව මේ කතාංගය වෙනුවෙන්. මං විශේෂයෙන්ම මේක මතක් කරන්නෙ අද කතාංගය ඇත්තටම ඉහළ මට්ටමක තියෙන නිසා.

හරි ඉතිං ලනායා මරල දාල පැනල ගියපු ජොනතන් සහ ක්ලැරී දෙන්න දැන් උත්සාහ කරන්නෙ පවුලෙන් තමන්ට උරුම වෙලා තියෙන උදාතරු අසිපත ලබාගන්න. මේ අතරෙ අපි දැක්ක පහුගිය කොටසෙ ඇලෙක් ඇස්මෝඩියස් හමු වෙලා එකඟතාවකට ආපු හැටි. එකඟතාව අනුව ඇලෙක්, මැග්නස්ගෙන් වෙන් වුණා. මේ වෙන්වීම මැග්නස්ට දරාගන්න නොහැකි මට්ටමේ වේදනාවක් වුණත්, මැග්නස් හට ඔහුගේ මායා බලය නැවත ලැබුණ. මේ දේවල් මෙහෙම වෙන අතරෙ ඉසීට හැකි වුණා, යශෝධර අසිපතට නැවත පණ දෙන්න. ඒ වගේම ජේස්ට හැකි වුණා ජොනතන් සහ ක්ලැරී දෙන්න ඉන්න තැනට යන්න. කොහොමහරි දැන් ජොනතන්, ක්ලැරී සහ ජේස් උත්සාහ කරන්නෙ සිලී රැජිණ පැහැරගෙන ඇවිත්, ඊට හුවමාරුවක් විදියට උදාතරු අසිපත ලබා ගන්න. සිලී රැජිණ පැහැර ගැනීම සාර්ථක වුණාට, ජේස් තමන්ට ද්‍රෝහී වුණු බව ජොනතන්ගෙන් දැනගන්න ක්ලැරී, ද්වාරයක් හරහා ජේස්ව ආපහු විද්‍යායතනය ඇතුළට එව්ව. ඔන්න ඔහොම තමයි කලින් කතාංගය අවසාන වුණේ.

ඉතිං අද බලාගන්න පුළුවන් ඔන්න, උදාතරු සහ යශෝධර අසිපත් සංග්‍රාමය. ඒක වෙන්නෙ මෙහෙමයි. සිලී රැජිණගෙ හුවමාරුව වෙනුවෙන් මෙලියොන් කැමති වෙනව උදාතරු අසිපත ජොනතන්ට බාර දෙන්න. හැබැයි මේ අසිපත බාරදෙන තැන ගැන විස්තර ශැඩෝහන්ටර්ලට කියනව. ඉතිං අසිපත බාර දෙන තැන ලොකු යුද්ධයක් වෙනව. මේ යුද්ධය යන තැනට සයිමන් එනව. ඉතිහාසය කතාවෙ හැටියට වගේම මයිකල්, ලුසිෆර්ට යශෝධර අසිපතෙන් ඇනපු වෙලාවෙ වගේම මේ වෙලාවෙත් යශෝධර අසිපත පුපුරල යනව. දන්නවනෙ.. පාරිශුද්ධ ස්වර්ගයේ ගින්න පහළ ලෝකවාසීන්ට මාරාන්තිකයි. ඉතිං මේ පිපිරීමෙන් ඉසී බරපතල තුවාල ලබනව. එතකොට පහළ ලෝකවාසියෙක් වුණු සයිමන්..? ඒ ඔක්කොම සිදුවීම් නිසා අද අපි ආදරේ කරපු කෙනෙකුට සුබගමන් කියල කියන්න වෙනව. බෙයාටි බෙලිකෝසි..!

“ආශිර්වාද ලද්දෝ.. රණශූරයෝය..!”

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,989 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E20.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,989 downloadsDownload Subtitles27 KB

14 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව එපි 2යි.....

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තව කොටස් 2 කයි....
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  4. MAALnath

    Thanks .................good luck ....................

  5. Sandaru Nimsara

    Sub ekata thanks bro

  6. Sahan Sulakkhana Subasinghe

    sub ekata bohomathama sthuthiyi sahodarayaa. ilanaga epi dekama eka paarama denna balamau. jaya wewa oyaata!

  7. suranuwan

    thanks bro...

  8. Devinda

    සබ් ටික ඉක්මනට ගේනවාට බොහොම ස්තූතියි!!

  9. Devinda

    සහෝ මේ Episode 20 කියන එපියට අදාල baiscopedownload site එකේ දී ඇති Direct Links එකක්වත් වැඩ කරන් නෑනෙ.. 400 Bad Request කියල Error එකක් එනව. පොඩ්ඩක් මේ ගැන හැකි ඉක්මනින් බලන්න.

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඒක හැදුව කියල අද කිව්ව. දැන් ප්‍රශ්නයක් නැතුව ඇති. මම ආයෙත් ඇඩ්මින්ට දැනුම් දෙන්නම්. ස්තූතියි..!

    2. Devinda

      බොහොම ස්තූතියි සහෝ.

  10. chinthaka.max4

    thnakx machan

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    Thnx sub ekta