ආයුබෝවන්.. ! ඉතිං ඔන්න අරගෙන ආව 17 වැනි කතාංගය. දැන් කට්ටියට පොඩි අවබෝධයක් ඇති මොකද්ද මේ වේගෙන එන්නෙ කියල. මතක් කර ගමු කලින් කතාංගයේ මොකද වුණේ කියල. පහුගිය කතාංගය තුළ දැකගන්න හැකි වුණා මැග්නස්ට මායා බලය නැවත වතාවක් අහිමි වුණා කියල. ජීවිතයත් මරණයත් අතර සටන් වැදිල කොහොමහරි අවසානෙ ආයෙත් මායා බලය නැවත…

ආයුබෝවන්.. !
ඉතිං ඔන්න අරගෙන ආව 17 වැනි කතාංගය. දැන් කට්ටියට පොඩි අවබෝධයක් ඇති මොකද්ද මේ වේගෙන එන්නෙ කියල. මතක් කර ගමු කලින් කතාංගයේ මොකද වුණේ කියල. පහුගිය කතාංගය තුළ දැකගන්න හැකි වුණා මැග්නස්ට මායා බලය නැවත වතාවක් අහිමි වුණා කියල. ජීවිතයත් මරණයත් අතර සටන් වැදිල කොහොමහරි අවසානෙ ආයෙත් මායා බලය නැවත ලොරෙන්සෝ හට ලබාදෙන්න මැග්නස් කැමති වුණා. ඒ අතරෙ ජොනතන් යනව උදාතරු අසිපත හොයාගෙන සිලී රැජිණ මුණගැහෙන්න. සිලී රැජිණ කියන විදියට නම් ඇය ලඟ උදාතරු අසිපත තියෙනව. හැබැයි ඒක ලබා ගන්න ජොනතන්ට ලොකු ගෙවීමක් කරන්න වෙනව. මේ ගෙවීම තියෙන්නෙ අපායෙ. ඉතිං ජොනතන් අපායට යනව. ඒ යන්නෙ ලිලිත් මරා දැමීමේ අරමුණෙන්. මේක සාර්ථක කරගන්න ඔහුට හැකි වෙන්නෙ නෑ. හේතුව මේ දේවල් මෙහෙම වෙන අතරෙ ක්ලැරී නැවත ලිලිත්ව කැඳවනව මේ රූන් එක අයින් කර ගන්න ක්‍රමයක් දැන ගන්න. ඒ නිසා ජොනතන්ගෙ බලාපොරොත්තු බිඳ වැටෙනව. ක්ලැරී ඇතුළු පිරිස ලිලිත් කැඳවල දැනගන්නව මේ රූන් එක අයින් කරන්න පුළුවන් ක්‍රමය ගැන. ඒ තමයි යශෝධර අසිපත. ලිලිත් හොයාගෙන ජොනතන් ආයෙත් එනව. ඇවිල්ල පහර දීමක් කරනව. හැබැයි සයිමන්, ජොනතන්ට පහර දීම නිසා ජොනතන් අඩපණ වෙනව. පස්සෙ ක්ලැරී ජොනතන්ව හිර කරනව. ඔහොම තමයි කලින් කතාංගය අවසාන වුණේ.
ඉතිං අද කතාංගය සම්පුර්ණයෙන්ම වගේ වෙන් වෙන්නෙ ස්වර්ගයේ ගින්න සහ යශෝධර අසිපත හොයාගන්න, ඉසී, සයිමන් සහ රෆායෙල් මහන්සි වෙන හැටි. ඉතිං මේක සයිමන් තමන්ගෙ ජීවිතේ පවා පරදු තියනව. මේ අතරෙ ජොනතන් ලොකු කතාවක් කියනව. කතාවෙ හැටියට ජොනතන් කියන්නෙ අසරණ වුණු කෙනෙක්. ඉතිං ඔන්න කලින් කතාංගයන් කීපයක අපිට හමු වුණු වික්ටර් ඇල්ඩර්ට්‍රී ආයෙත් අද බලාගන්න හැකි වෙනව. මතකයිනෙ ඉසබෙල්ට යින්-ෆින් ඇබ්බැහි කරපු හාදය. අන්න එයා. මේ ඔක්කොම සම්බන්ධ වෙන්නෙ පහළ ලෝකවාසීන් මේ ලෝකෙන් තුරන් කරන්න යන ලොකු කුමන්ත්‍රණයක් වටා. ඒ වගේම රෆායෙල්.. අද ඉඳල අපි රෆායෙල් අඳුන ගන්නෙ කලින් දැනගෙන ඉඳපු කෙනා විදියට නෙවෙයි. ලොකු වෙනසක් වෙනව අද කතාංගය ඇතුළෙ! එහෙනම් 18 කතාංගය එක්ක ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,947 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E17.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
11 comments
Rasindu Perera
Sandaru Nimsara
Sub ekata thanks bro
Sahan Sulakkhana Subasinghe
godak godak sthuthiyi sahodarayaa...meka ikmnata deelaa iwara karannako.. thawa kotsa 5 yi ne, jaya wewaa..!
suranuwan
thanks bro..
Hashan M. Priyadarshana
බ්‍රෝ බොහොම ස්තුතියි සබ් එකට :) :) ..
ජය වේවා.!geeganagamage
බොහොම ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයMAALnath
Thanks ................good luck ........................
Bandara
thankz broo.the americans / Dexter tv series 02 tath sub diynko puluwn nm.
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....