Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E22] Sinhala Subtitles | මතකයෙන් මැකී යන සෙවනැලි ලෝකය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අවස්ථාව ඇවිල්ල තියෙන්නෙ සදහටම සෙවනැලි ලෝකයට සහ සෙවනැලි දඩයක්කරුවන්ට සමුදීල යන්න. මතක් කරන්න ඕනෙ ප්‍රණීත් චින්තක සහෝදරයා තමයි මේ සීරීස් එක ආරම්භ කළේ. ඒ නිසා තමයි බලපු අතලොස්සක් හෝ පිරිස අවසාන වෙනකල් මේ කතා මාලාව නැරඹුවෙ. තව අනිවාරෙන් මතක් කරන්න ඕනෙ ලහිරු ප්‍රසාද් සහෝදරයා, උපසිරැස…

ආයුබෝවන්..!

ඉතිං මේ අවස්ථාව ඇවිල්ල තියෙන්නෙ සදහටම සෙවනැලි ලෝකයට සහ සෙවනැලි දඩයක්කරුවන්ට සමුදීල යන්න. මතක් කරන්න ඕනෙ ප්‍රණීත් චින්තක සහෝදරයා තමයි මේ සීරීස් එක ආරම්භ කළේ. ඒ නිසා තමයි බලපු අතලොස්සක් හෝ පිරිස අවසාන වෙනකල් මේ කතා මාලාව නැරඹුවෙ. තව අනිවාරෙන් මතක් කරන්න ඕනෙ ලහිරු ප්‍රසාද් සහෝදරයා, උපසිරැසිකරණයට අත්පොත් තබමින් මේ කතා මාලාවේ පළමුවැනි කතා සමයේ පස්වැනි කතාංගයේ ඉඳල, දෙවැනි කතා සමය අවසානය දක්වා අසීරු ගමනක යෙදෙමින් මේ කතාව අරගෙන ආව. ඒ වෙනකොටත් බාගත කිරීම සහ අදහස් දැක්වීම් වලින් සහෘදයන් ඈත් වෙලා තිබුණෙ. ඒත් ලහිරු ඒ තරම් දුර තනියම මේ කතා මාලාව අරගෙන ආපු නිසා තමයි, තුන්වැනියෙක් විදියට තුන්වැනි කතා සමයේ පළවෙනි කතාංගයේ ඉඳල මේ කතා මාලාව මම බාර ගන්නෙ. ඒකත් ලහිරුට වගේම උපසිරැසිකරණයේදි මටත් වැදගත් සංධිස්ථානයක් වුණා. චිත්‍රපට වලට උපසිරැසි ලබා දීල තිබුණ වුණත්, මම ටෙලි කතා මාලාවකට උපසිරැසි ලබා දීම ආරම්භ කරන්නෙ ශැඩෝහන්ටර් කතා මාලාව තුළින්. කොහොමහරි මුල් කතාංග 13ට උපසිරැසි ලබා දීමෙන් අනතුරුව, බාගත කිරීමේ ප්‍රමාණය අඩු වීම මත මේ සඳහා උපසිරැසි ලබා දීමේ ධෛර්යය සිඳිල ගියා. ඒක එහෙම වෙන්නෙ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් ඔබ තව උපසිරැකරුවෙක් නම්. කොහොම නමුත් බාරගත්ත දෙයක් අවසාන නොකර හිඳීමේ පුරුද්දක් මට නැති නිසා මම කොයි වෙලාවක නමුත් මේ සඳහා උපසිරැසි ලබා දීල අවසාන කරනව කියන කාරණාව හිතේ තියාගෙන හිටියෙ. මෙහෙම යද්දි.. කතා මාලාව ඇවිල්ල අවුරුද්දකට විතර පස්සෙ මට ඒ අවස්ථාව උදා වුණා.

ඉතිං වෙන කරන වැඩ ඔක්කොම පැත්තක තියල මේක 10ක් බැලුවත් කමක් නෑ ඉවර කරනව කියල හිතාගෙන වැඩේට බැස්ස. ඉතිං ඒ ආපු ගමනේ ප්‍රතිඵලයක් විදියට මේ අරගෙන එන්නෙ නැවත කෙදිනක හෝ විකාශය නොවන ශැඩෝහන්ටර් කතා මාලාවේ අවසාන කතාංගය. මේ වෙලාවෙ හසායිය සහ චාමරවත් මතක් කරන්න ඕනෙ. සයිට් එකෙන් අලුතෙන් උපසිරැසියක් නිකුත් කරන්න ඉඩක් නැති තරම් උපසිරැසි පිරුණු කාලයක, මම ලබා දෙන උපසිරැසි එදිනෙදා පළ කරන්න අවසර ලබා දීම ගැන. ඒක මට ලොකු ශක්තියක් වුණා හිත හදාගෙන මේක ඉවරයක් කරන්න. ඒ වගේම උපසිරැසිය නිකුත් වෙද්දි ඒකට කමෙන්ටුවකින් තමන්ගෙ කෘතවේදී බව පළකරපු, ඕන නම් මට නම් වශයෙන් පවා කියන්න පුළුවන් තරම් සුළු පිරිසට මං මේක අවස්ථාවක් කර ගන්නව මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න. ඒ වගේම සාපේක්ෂව ඉතාම සුළු පිරිසක් වුණත්, මගේ උපසිරැසිය එනකල් අවුරුද්දක් විතර කාලයක් බලාගෙන ඉඳල බාගත කිරීම් කරපු ඒ හැම කෙනෙකුටම මගේ ස්තුතිය මේ වෙලාවෙ පුද කරන්නම ඕනෙ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ වගේ ප්‍රේක්ෂක පදනමක් නැති නිසා, මගේ අතින් මඟ නතර වෙලා තියෙන අනෙක් කතා මාලාව, The Terror සඳහාත් මේ ආකාරයටම උපසිරැසි ඉදිරියේදි ලබා දෙන්න බලාපොරොත්තු වෙනව. ඊට කලින් කාසල්වේනියා සීසන් 3 සඳහා උපසිරැසි ලබා දෙනව. මේ වෙනකොට ඒ කටයුතු ආරම්භ කරල තියෙන නිසා.

යන්න කලින් මට හිතුණ ලාංකේය ප්‍රේක්ෂකයින් අතර අවතක්සේරුවකට ලක් වුණු මේ කතා මාලාවේ සැබෑ තත්වය අනුව, එය ලබාගත් සම්මාන සහ සම්මාන නිර්දේශයන් ගැන ගැනත් දැනුවත් කරල ගියානම් හොඳයි කියල. ඒ අනුව සම්මාන 13ක ජයග්‍රහණ සහ සම්මාන නිර්දේශයන් 22 කට මේ කතා මාලාව හිමිකම් කියනව. පහළින් දක්වල තියෙන්නෙ ඒ ටික.

BMI Film & TV Awards (2016)
BMI TV Music Award
BMI TV Music Award
Ben Decter

GLAAD Media Awards (2020)
GLAAD Media Award
Outstanding Drama Series

GLAAD Media Awards (2019)
GLAAD Media Award
Outstanding Drama Series

GLAAD Media Awards (2018)
GLAAD Media Award
Outstanding Drama Series

GLAAD Media Awards (2017)
GLAAD Media Award
Outstanding Drama Series

People’s Choice Awards, USA (2019)
People’s Choice Award
Favorite Sci-Fi/Fantasy Show

People’s Choice Awards, USA (2018)
People’s Choice Award
Favorite Female TV Star
Katherine McNamara

People’s Choice Award
Favorite TV Show

People’s Choice Award
Favorite Male TV Star
Harry Shum Jr.

People’s Choice Award
Favorite Sci-Fi/Fantasy Show

People’s Choice Awards, USA (2017)
People’s Choice Award
Favorite Cable Sci-Fi/Fantasy TV Show

Teen Choice Awards (2019)
Teen Choice Award
Choice TV Actress: Fantasy/Sci-Fi
Katherine McNamara

Teen Choice Award
Choice TV Show: Fantasy/Sci-Fi
Teen Choice Award
Choice Ship
Katherine McNamara
Dominic Sherwood

Teen Choice Award
Choice TV Actor: Fantasy/Sci-Fi
Dominic Sherwood

Teen Choice Award
Choice TV Actor: Fantasy/Sci-Fi
Harry Shum Jr.

Teen Choice Award
Choice TV: Villain
Luke Baines

Teen Choice Awards (2018)
Teen Choice Award
Choice TV Show: Fantasy/Sci-Fi

Teen Choice Award
Choice TV Actor: Fantasy/Sci-Fi
Matthew Daddario

Teen Choice Award
Choice TV Actor: Fantasy/Sci-Fi
Dominic Sherwood

Teen Choice Award
Choice TV Actress: Fantasy/Sci-Fi
Katherine McNamara

Teen Choice Award
Choice TV Actress: Fantasy/Sci-Fi
Emeraude Toubia

Teen Choice Award
Choice TV: Villain
Anna Hopkins

Teen Choice Award
Choice TV Ship
Matthew Daddario
Harry Shum Jr.

Teen Choice Awards (2017)
Teen Choice Award
Choice TV Actor: Fantasy/Sci-Fi
Matthew Daddario

Teen Choice Award
Choice TV Actress: Fantasy/Sci-Fi
Emeraude Toubia

Teen Choice Award
Choice TV Ship
Matthew Daddario
Harry Shum Jr.

Teen Choice Award
Choice Summer TV Star: Male
Harry Shum Jr.

Teen Choice Award
Choice: Liplock
Matthew Daddario
Harry Shum Jr.

Teen Choice Awards (2016)
Teen Choice Award
Choice TV: Breakout Star
Matthew Daddario

Teen Choice Award
Choice TV Breakout Show

Teen Choice Award
Choice TV: Breakout Star
Katherine McNamara

The Joey Awards, Vancouver (2017)
Joey Award
Best Featured Actress in a TV Series Age 13 & Up
Nicole Law

Joey Award
Best Series Regular or Leading Actor in a TV Series 10-11 Years
Jack Fulton

The Joey Awards, Vancouver (2016)
Joey Award
Young Actress Age 9 or Younger in a TV Series Drama or Comedy Guest Starring or Principal Role
Sofia Wells

ඉතිං අද කතාංගය ගැන ලොකුවට මොකුත් නොකියා ඉන්න මම තීරණය කළා. පොඩ්ඩක් කියන්නම්, අද කතාංගය ඇතුළෙ ඉතාම බලවත් චරිත කීපයක් මරණයට පත් වෙනව. හමුවීම් වෙන්වීම් ගොඩාක් වෙනව. අවසානය ආරම්භයන් බවට පත් වෙනව. ක්ලැරී ආයෙත් කතාව පටන් ගත්ත තැනටම ගිහින් ක්ලැරීසා ෆෙයාචයිල්ඩ් බවට පත් වෙනව. එහෙනම් ඉතිං අවසරයි මේ කතා මාලාවට සමුදීල සදහටම සෙවනැලි ලෝකයෙන් මිදිල මටත් යන්න. මේ තාක් ශැඩෝහන්ටර් එක්ක වගේම මාත් එක්ක රැඳුණු හැමෝටම බොහොම ස්තූතියි! ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,213 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E22.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,213 downloadsDownload Subtitles60 KB

23 comments

  1. Ashan Devindra

    Dukai godak Shadowhunters mula idalana asawen balapu lassanama lassana tv series ekak. Hemadama mathake redewi. Hemotama thank you so much. Sub genawata...

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ මේ කතාවට සබ් දීලා ඉවරයක් කරාට ගොඩක් අඩු ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉඳලත් :) :) ... මම උපසිරසිකරුවෙක් නෙවේ ඒත් මට උපසිරසිකරුවෙක් තරමටම නැතත් ඩවුන්ලෝඩ් ප්‍රමාණය අඩුවෙද්දි දැනෙන හැඟීම තේරෙනවා බ්‍රෝ :( පඩියක් හම්බෙන්නෙ නැති ආත්ම තෘප්තිය විතරක් ලැබෙන මේ වගේ සේවෙක උපසිරසිකරුවෙක් තමන්ගෙ උත්සහයේ තමන්ගෙ කාලෙ කැපකිරීමෙ සතුට විඳින්නෙ ඩවුන්ලෝඩ් ප්‍රමාණයෙනුයි කමෙන්ට් ප්‍රමාණයෙනුයි කමෙන්ට් ගාන පැත්තකට දැම්මත් ඩවුන්ලෝඩ් ප්‍රමාණයෙන් ඒත් මේකෙදි ඒ දෙකම යම් ප්‍රමාණෙකට අඩුවක් පෙන්නුම් කරද්දී පවා ඒ බලන සුළු පිරිස වෙනුවෙන් උදයංග සම්පත් සහෝ ඔයා මේ කතාව අවසානයක් දක්වා ඇදගෙන ආවා ඒ කැපකිරීමට ආයෙත් සැරයක් බොහොම ස්තුතියි කියනවා :) :) ඒ වගේම මේ කතාවට උපසිරසි කරපු අනිත් හැම කෙනාටම බොහොම ස්තුතියි.. අනිත් අයට කොහොම උනත් මට මේක හිතට අල්ලපු සීරිස් එකක් :) ..
    තෙරුවන් සරණයි.!!
    කරන කියන වැඩකටයුතු සාර්ථක වේවා.!

  3. Chamod_Sasitha

    බොහෝම ස්තූතියි සහෝ සෑහෙන කාලෙකට පස්සේ උනත් මේකට සබ් දීලා කතා මාලාව ඉවර කල එකට
    ලාවට උපසිරැසි දෙක තුනක් කරලා තියෙන කෙනෙක් විදිහට මටත් තේරෙනවා ඒ හැගීම සහෝ
    බොහෝම ස්තූතියි කතා මාලාව අවසන් වෙන්නම සබ්බ්දීපු එකට

  4. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ මේ කාතාව ඉවර කරාලා දුන්නට.මම මේ කාතාව බලන එක නතර කරලා තිබ්බේ නමුත් ආයේ මේකට ඔයා සබ් දෙන්න පටන් ගත්ත නිසා මට ආයේත් මේක බලන්න ආසාවක් හිතුනා.අපි වෙනුවෙන් මේ කරපු කැපවිම ඉතාමත් අගය කරනවා සහෝ.ඔයාට ජයෙන් ජයම ලැබේවා❤

  5. sachintha

    ගෝඩාක් ස්තූතියි උදයංග සහෝ සිංහල උපසිරැසියට
    එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

  6. Dilshan

    ඔක්කොම සබ් ටික දුන්න එකනම් සුප්පා.....මම ඔක්කොම ඩවුන්ලොඩ් කරලා තිබ්බෙ සබ් එනකම්...web සබ් දෙන එක ෆට්ට... පුලුවන් නම් siren සිසන 02එකෙ ඉදලා දෙන්න බලන්න... ගොඩාක් ස්තුතිය

  7. MAALnath

    Thanks .............good luck .........................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  8. Gathsara Umesh

    බොහෝම ස්තූතියි සහෝදරයා...එකදිගට කෝම හරි කතාව ඉවරයක් වෙනකල් අරගෙන ආවාට❤️

  9. Sahan Sulakkhana Subasinghe

    bohomathama sthuthiyi sahodarayaa ap wenuwen me karapu kapa kireema gana. ithin jaya wewa!

  10. Devinda

    උදයංග සහෝ ඔබට බොහොම ස්තූතී මේ මග නැවතුනු කතා මාලාව නැවතත් අප වෙත රගෙන ඒම සම්බන්දයෙන්. ඒවගෙම මේ කතා මාලාවේ මුල් සීසන් සඳහාද උපසිරැසි ලබා දීමට කටයුතු කරපු සියලුම දෙනාටත් බොහොම ස්තූතී..

    ඒවගෙම මතක් කරන්න ඔනේ මේ එක් කතා මාලාවක නිමාවක් පමණයි නමුත් උදයංග සහෝ දිගටම මේවගේ කතා මාලාවල් සමගින් රැදෙන්න.. ඒවගේම ඔබ පටන් ගත්ත දෙයක් මග නවත්වන් නෑ කියල ඔබ නිතරම කියන ඔබේ අදිශ්ඨානය බොහෝ සේ අගේ කොට සලකනව. ඒවගේම මගේ පුංචි ඉල්ලීමක් නම් මේවගේ මග නැවතුනු කතා මාලා නැවතත් ලබා දෙන්න උත්සාහ කරන්න මොකද ඒවට පොඩි පිරිසක් හිටියත් ඔවුන් එවා අසාවෙන් නරඹන නිසාවෙන්.
    (පුලුවන් නම් Siren Season 2 & 3 කතා මාලාවන් වලට සබ් ලබා දෙන්න බලන්න)

    එහෙනම් ඔබගේ සියලු ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.. ජය වේවා!!

  11. chinthaka.max4

    thankx machan

  12. suranuwan

    thanks bro sub ekata.....

  13. maxek500

    me katawata sab deepu hamotama godak istuti...asawen balapu katawak...

  14. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    පරක්කු වෙලා හරි, ටික පිරිසකට හරි ඉවර වෙන්නම සබ් කරපු එක ලොකු දෙයක්...
    හොද කතමලාවක්....
    උපසිරසි කරපු හැමටම ස්තුතියි.....

  15. Anonymous

    Thnx sub ekta

  16. Danuka0522

    Subata thanks..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. chanaka

    මටනම් සුපිරියක් මේ සිරියශ් එක.මාරම ආසාවකින් බැලුවේ.බොහොම ස්තිතියි මේ කාතාමලාවේ දිගටම සබ් දුන්න සියලුම දෙනාට.

  19. Harshi Gangodawilage

    godak sthuthi sub digatama dunnata. harima lassan kathawak.

  20. Dilhara

    ගොඩක් ස්තූතියි baiscopelk සහ ෂැඩෝ හන්ටර්ස් වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කළ සහෝදරයින්ට. ඔයාලාගේ ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ සුපිරි Tv series 1ක් බලපු අය සුළු ප්‍රමාණයක් සිටීම දුකක්. මම අද මේ කතාව ගැන ෆේස්බුක් එකට පෝස්ට් එකක් දානවා. අඩු තරමේ තව එක්කෙනෙක් හරි බලයිනේ.

  21. ushan

    බොහොම ස්තූතී සහෝ..උබට ජය..බුදු සරනයි...ජේසු පිහිටයි..!!!

  22. Anonymous

    ගොඩාක් ස්තූතියි මේ shadowhunters ඉවර වෙනකන්ම උපසිරැසි අරගෙන ආවට. ඇත්තටම මොනම හෝ දෙයක් පටන් ගත්තම ඒක ඉවර කරන්න උත්සාහ කරන එක අගේ කරනවා. මොකද සමහර විට කීපදෙනෙක් හරි ආසාවෙන් නරඹන්න ඉඩ තියන නිසා. මමත් ඒ අතරින් කෙනෙක්. මම මේ කතාංගය ඉවර වෙනකන්ම බැලුවා. විශේෂයෙන්ම ඉස්තූතී කරනවා "උදයංග සම්පත්" ඔයාට. ඒ වගේම බයිස්කෝප් ටීම් එකටම. ෆිල්ම් එකක් වේවා ටීවී සීරීස් එකක් වේවා අපි ඒක දිඟින් දිගටම වැලඳගන්න එක හේතුවක් ඔයාල මේ කරන සේවය. ඉතින් බොහෝම ස්තූතියි හැම කෙනෙක්ටම ලස්සන ෆැන්ටසියකට අපිව අරන් ගියාට. සුබ පතනවා❤️

  23. Amila Konara

    මග නතරවෙලා තිබ්බ කතාව ඇදගෙන ගියාට බොහොම ස්තූතියි සහෝ.
    දිගටම මේවගෙ මග නැවතිලා තියෙන series ටික ඇදගෙන යන් පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා