Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E21] Sinhala Subtitles | අපායෙදි හමුවෙමු..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අරගෙන එන්නෙ ශැඩෝහන්ටර් 3×21 කතාංගය. හරියටම කිව්වොත් අවසාන කතාංගයට පෙර කතාංගය. කලින් කතාංගය තුළ අපි දැක්ක උදාතරු සහ යශෝධර අසිපත් සංග්‍රාමය. ඒක වුණේ මෙහෙමයි. සිලී රැජිණගෙ හුවමාරුව වෙනුවෙන් මෙලියොන් කැමති වෙනව උදාතරු අසිපත ජොනතන්ට බාර දෙන්න. හැබැයි මේ අසිපත බාරදෙන තැන ගැන විස්තර ශැ…

ආයුබෝවන්..!

ඉතිං මේ අරගෙන එන්නෙ ශැඩෝහන්ටර් 3×21 කතාංගය. හරියටම කිව්වොත් අවසාන කතාංගයට පෙර කතාංගය. කලින් කතාංගය තුළ අපි දැක්ක උදාතරු සහ යශෝධර අසිපත් සංග්‍රාමය. ඒක වුණේ මෙහෙමයි. සිලී රැජිණගෙ හුවමාරුව වෙනුවෙන් මෙලියොන් කැමති වෙනව උදාතරු අසිපත ජොනතන්ට බාර දෙන්න. හැබැයි මේ අසිපත බාරදෙන තැන ගැන විස්තර ශැඩෝහන්ටර්ලට කියනව. ඉතිං අසිපත බාර දෙන තැන ලොකු යුද්ධයක් වෙනව. මේ යුද්ධය යන තැනට සයිමන් එනව. ඉතිහාසය කතාවෙ හැටියට වගේම මයිකල්, ලුසිෆර්ට යශෝධර අසිපතෙන් ඇනපු වෙලාවෙ වගේම මේ වෙලාවෙත් යශෝධර අසිපත පුපුරල යනව. දන්නවනෙ.. පාරිශුද්ධ ස්වර්ගයේ ගින්න පහළ ලෝකවාසීන්ට මාරාන්තිකයි. ඉතිං මේ පිපිරීමෙන් ඉසී බරපතල තුවාල ලබනව. එතකොට පහළ ලෝකවාසියෙක් වුණු සයිමන් බේරෙන්නෙ ඉසී නිසා. පස්සෙ අපි දැක්ක ජෝර්ඩන් පහුගිය කතාංගයේ රිදී විෂ වීම නිසා මිය ගියා. ඒ වගේම ලූක්, ඉතුරු වෙලා තිබුණු එකම යශෝධර සාන්ද්‍රණය ප්‍රේටර් ලොක්කගෙ උවමනාව නිසා ඇඟට එන්නත් කර ගන්නව. ඒ වගේම මැග්නස්ට සිද්ධ වුණා ජොනතන් උදාතරු අසිපතෙන් අපායේ ඇති කරපු පැල්ම වහන්න ඊඩම් වලට යන්න.

ඉතිං අද කතාංගය සම්පුර්ණයෙන්ම වගේ වෙන් වෙන්නෙ ශැඩෝහන්ටර්ල පිරිස, සයිමන්, ලොරෙන්සෝ සහ මෙලියොන් අපායට යන්න උත්සාහ කරන සිදුවීම වටා. මේ අතරෙ ‍යශෝධර අසිපතේ කෑලි ඉසීගෙ ඇඟට වැදීම වෙනස්ම ප්‍රශ්නයක් ඇති කරනව. මෙතෙක් කල් දළු ලාගෙන වැඩීගෙන ආපු සයිමන්, ඉසී ආදර අන්දරයට විශාල බාධාවක් වෙනව. ඉතිං ලොකු විස්තරයක් කියන්නෙ නෑ අද. එහෙනම් අපායෙදි හමුවෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,701 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E21.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,701 downloadsDownload Subtitles50 KB

13 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. chinthaka.max4

    thankx machan

  3. Sandaru Nimsara

    Sub ekata thanks bro.

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. MAALnath

    Thanks ..............good luck ................

  8. PramothC

    Yemin (2019) කට්ටියම එකතු වෙලා පුලුවන්නම් මේකට සබ් කරන්නකො

  9. Devinda

    ඔගොල්ලෝ රෑ වෙනකන් නිදිමරාගෙන සබ් හදල අපි වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතියි. ජය වේවා!

  10. darshana021

    THANKS BRO

  11. suranuwan

    thanks bro...

  12. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව එක එපියයි...

  13. Anonymous

    Thnx sub ekta

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.