Shogun [S01 : E01] Sinhala Subtitles මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Flandres (2006) අසංවේදී සොල්දාදුවා…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර…
Shogun Sinhala Subtitles
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Flandres (2006) අසංවේදී සොල්දාදුවා…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
” හැම මනුස්සයෙකුටම හදවත් තුනක් තියේ…, පළවෙනිම එක එයාගෙ කට ඇතුලෙ තියෙන්නෙ, මුලු ලෝකෙටම දැන ගන්න තව එකක් එයාගෙ පපුව ඇතුලේ, එයාගෙ යාලුවන්ට විතරක්ම රහසිගතම හදවත, ගැඹුරේම වැළලිලයි තියෙන්නෙ කාටවත්ම හොයා ගන්න බැරි තැනක පන බේරගෙන ජීවත් වෙන්න ඕනෙ නං, ඒක තමයි මනුස්සයෙක් හංගන් තියන් ඉන්න ඕනෙම හදවත… “
ඒ ක්‍රි.ව 1600යි, එය වෙළඳ යුද්ධය නිසාවෙන් මුලු ලොවම ගිනිබත් කල පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසින් හැකි තාක් තම මඩිය තර කර ගැනීම උදෙසා මහ මුහුදේ කරක් ගසමින් වෙළඳාම උදෙසා නව ලෝකයන් සොයා යන්නට වූ සමයයි. මෙගලන් සමූද්‍ර සන්ධිය තරණය කොට ජපානය වෙත මුලින්ම ගොඩ බැසි පෘතුග්‍රීසීන් එහි වෙළඳාම ඇරඹීමෙන් අධික ලාබයක් උපයා ගන්නට විය. නිධානයක් වන් මේ නව ලොව, ලොවින් සගවාලන්නට ඔවුන් කෙතරම් වෑයම් කලත් මුදලට ඉව වැටි ගිජු ලිහිණියන් මෙන් වූ අනෙකුත් යුරෝපා ජාතීන් අනේකවිධ බාධා මැඩගෙන කෙසේ හෝ ජපානය සොයා මහ සයුර පීරා යන්නට විය. අවසන කෙසේ හෝ ජපානය සොයා ගත් එක් නිර්භීත ඉංග්‍රීසි නියමුවෙකු ඒ වෙත ගොඩ බැස්සේ කෙසේ හෝ සිය සැගවුණු අරමුණු ඉටු කර ගනු අටියෙනි. දෛවෝපසහගත ලෙස එය ජපානය තුල බලය උදෙසා සාහසික ලෙස සටකපට කුමන්ත්‍රණ දියත් වූ ලේ වැකි අඳුරු යුගයක්ම විය. ඊළඟ නිමේශයේ කුමකින් කුමක් සිදු වේවිද…?
” මොන වගේ මනුස්සයෙක්ද මේ වගේ දේශයක පාලනය හසුරුවන්නෙ, එළිපිටම සටකපටකම් කරන කෙනාද…? එහෙමත් නැත්තං, කවදාවත්ම දකින්න නොලැබෙන කෙනෙක්ද…? “
මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ අපූරු නිර්මාණය රස විදින්න හිතුනෙ නැත්තං ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි.
වාසනාවන්තයෝ නරඹත්වා…!
ප.ලි,
සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්…
ඔබට ජය…!
Shogun, Shogun Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,998 downloadsDownload Shogun.2024.-S01E01.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Shogun Sinhala Subtitles
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
16 comments
Ishan Madusha
KALANA
Thank You.
Il
Thanks bro.
Anonymous
සබ් එකට ස්තුතියි සහො
Buddhika Lakmal
තෑන්ක්ස් සහෝ සබට...
dilsara
thanx, sub eka godak supiri , ikmanata terum ganna puluwan , anit epi waltath ikmanata sub oni
Anonymous
සහෝ බොහොම ස්තූතියි. මේක දෙනකල් බලන් හිටියේ. ගොඩක් පින් ඔයාගේ මේ කැපකිරීමට... ජය වේවා...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnonymous
The handmaid tale all season complete nh complete karala dennako
Prasad
Thanx bro
Udara Damith
සුපිරි
Anonymous
Big Fish 2004 එකට සබ් එක දෙන්නකො ප්ලීස්
Ranga
අපි උපසිරසිකරුවන්ගෙන් ඉල්ලීමක් කරලා බලන්නම් සහෝ.
නමුත් හරියටම ලැබෙයිද කියන්නනම් දන්නේ නැහැ.
Anonymous
Forest of secret කොරියන් සීරීස් එකට සබ්ටයිටල් දෙන්නකෝ.ඒකනම් සුපිරියක් වගේ.
sithum
Gay ewa nadda?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Shogun [S01 : E01] Sinhala Subtitles | සේනාංකාධිපති [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Shogun-2024-1.jpg)

බොහෝම ස්තූතියි...