Shogun [S01 : E07] Sinhala Subtitles කොහොමද ඉතිං හැමෝටම, වෙනදා වගේම අදත් කිසි වෙනසක් නැතුවම බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව අදත් ආදරෙන්, සාදරෙන් පිළිගන්නවා. මේ අරගෙන මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දිත් දන්නවා. ඔව්, ඒ Shogun කතාමාලාවේ හත්වෙනි කතාංගය නිසා. මේ කතාමාලාවට උපසිරැසි ගේන්න ටිකක් පරක්කු වුණා තමයි. ඒ…

කොහොමද ඉතිං හැමෝටම, වෙනදා වගේම අදත් කිසි වෙනසක් නැතුවම බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව අදත් ආදරෙන්, සාදරෙන් පිළිගන්නවා. මේ අරගෙන මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දිත් දන්නවා. ඔව්, ඒ Shogun කතාමාලාවේ හත්වෙනි කතාංගය නිසා. මේ කතාමාලාවට උපසිරැසි ගේන්න ටිකක් පරක්කු වුණා තමයි. ඒ ඉතිං හොඳම දේ හොඳම විදිහට දෙන්න ඕන නිසා. ඒ වගේම තව පුංචි කරුණක් මතක් කරන්නම්, Shogun කතාමාලාව මේ වෙනකොට නිකුත් වී අවසන් වුණ කාරණේ මේ වෙද්දි ඔයාලා දන්නවනෙ. ඒ වගේම එක් කතාසමයකින් Shogun නවත්වන බව නිවේදනය කරලා තිබුණත්, මීට දින කිහිපයකට කලින් මෙහි ප්‍රධාන භූමිකාව රඟදක්වන Hiroyuki Sanada, නැවත වරක් තොරනාගාගේ චරිතයට පණපෙවීමට අත්සන් කරලා තියෙනවා. ඒ වගේම Shogun දෙවනි සහ තුන්වෙනි කතාසමයක් දක්වා මේ වෙද්දී වැඩකටයුතු ආරම්භ වෙලත් තියෙනවා. හරි, හරි, දැන් ඒ කතා අවශ්‍ය නෑ, දැන් හැරෙමු කතාව පැත්තට.
කතාංගයෙන් කතාංගයට අපේ සහෝදරවරු කතාව මතක් කරලා දෙනවනේ. ඉතිං මං කලින් කතාංගයේ සිද්ධවුණ දේවල් ටික කෙටියෙන් මතක් කරන්නම්. මුලින්ම අපිව මරිකෝ-සමාගේ අතීතය ගැන සෑහෙන කොටසක් දැනගන්න ලැබෙනවා. ඒවගේම අපේ ඇන්ජින්ට (ජෝන් බ්ලැක්තෝන්) තොරනගාගේ සේනාධිපති තනතුර ලැබුනා. ඒත් ඇන්ජින්ට මේ ජපානයේ සංස්කෘතිය, එයාලගේ ආචාරවිධි එච්චර ඇල්ලුවේ නැහැ.
විශේෂයෙන්ම එයාගේ ගෙවත්ත අලංකාර කරපු වයසක කෙනාව අර මළකුණ වෙනුවෙන් මරලා දැම්මට පස්සේ, ඉතිං ඇන්ජින් කෙලින්ම තොරනගාගෙන් ඉල්ලන්නෙ එයාගේ නැවයි සේවකයොයි එක්ක ජපානෙන් පිටවෙන්න අවසර දෙන්න කියලා, ඒත් තොරනගා කියන්නෙත් සෑහෙන ගේමක් ගහන කෙනෙක්නේ. මෙයාගේ වටිනාකම නිසාම එයාව මෙහේ තියාගන්න ඇන්ජින්ව ගණිකා මඩමකට යවනවා. මේක සාමාන්‍ය ගණිකා මඩමක් නෙමේ, මෙතන ඉන්නේ ජපානයේ ඉන්න අංක එකේ ගැහැණු අය එයාලා මේ රැකියාව සෑහෙන ගරුත්වයකින් යුතුව කරන්නෙ ඉතිං ඇන්ජින්ගේ පරිවර්තක විදිහට මරිකෝටත් මෙතනට යන්න වෙනවා. දෙන්නගේ ආදර කතාව නම් දැන් මරිකෝට සෑහෙන වදයක් වේගෙන යන්නේ. ඒ අතරේ ඕසාකා වල ඉෂිදෝ එක්ක ඔචිබා උත්තමාවිය (එහෙමත් නැත්තන් ටයිකෝගේ අගබිසව) දෙන්න එකතුවෙලා තොරනාගාව සඳහටම නැතිකරන්න සෑහෙන සැලැස්මක් ගහනවා. මෙතන තොරනාගා’ගෙන් හිස්වුන ආසනයට ඉටෝ කියන කෙනාව ඉදිරිපත් කරනවා. ඒත් මේකට විරුද්ධ වුන සුගියාමා උතුමාණන්ව ඉෂිදෝ මරලා දානවා. මේ ගැන ආරංචි වුන තොරනාගා අවසානයෙදි තමන්ගේ ජීවිතේ පලවෙනි වතාවට යුද්ධයක මුලින් පහරදෙන්නට සැරෙසෙනවා. එක පැත්තකින් තමන්ගේ පියාගේ මරණයේ පලිය ගන්නට මරිකෝ-සමා අනිත් පැත්තෙන් තමන්ගේ පියාගේ මරණයේ පලිය ගන්න එන ඔචිබා උත්තමාවිය. ඇතිවුණ විශාල භූමිකම්පාවකින් තොරනාගාගේ හමුදාවට ප්‍රබල හානියක් සිද්ධ වෙනවා.
ඉතිං මේ කාරණා ටිකත් මතක තියාගෙන එහෙනම් අද කතාංගයට බලන්න, කට්ටියටම ආරාධනා කරන ගමන් අදට මං මෙතනින් නතර වෙනවා.
හැමෝටම සුභ දවසක්! ජය වේවා!
Shogun, Shogun Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,736 downloadsDownload Shogun-S01E07.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Shogun Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
5 comments
Buddhika Lakmal
ක්‍රිශ්
Video එකත් අප්ලෝඩ් කරමු සහෝ...සබ් එක සෙට් උනේ නෑ ඩවුනලෝඩ් කරපු එපියට.ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnonymous
Thanks Brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Shogun [S01 : E07] Sinhala Subtitles | කාලයේ නිශ්චිත මොහොතක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Shogun-2024-1.jpg)



thanks Ruka sub ekata