Watch Trailer

Shooter [S03 : E01] Sinhala Subtitles | අතීත ආවර්ජනා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ සූදානම බයිස්කෝප්වාසී රසික රසිකාවියන් පුනපුනා නොඉවසිල්ලෙන් මග බලා සිටි SHOOTER කතාමාලාවේ තුන්වෙනි අදියර ඔබ හමුවේ තබන්නයි. හරි එහෙමනම් අපි අද කොටස ගැන බලන්නට මත්තෙන් කතාවෙ මෙතෙක් ගමන්මග ගැන කෙටියෙන් වගේ මතක් කරගෙනම ඉමුකො එහෙනම්.. පලමුවන කතාමාලාව. පළවැනි කතාසමය ආරම්භ වන්නේ බොබ් ලී ස්වැ…

ඔන්න එහෙමනම් මේ සූදානම බයිස්කෝප්වාසී රසික රසිකාවියන් පුනපුනා නොඉවසිල්ලෙන් මග බලා සිටි SHOOTER කතාමාලාවේ තුන්වෙනි අදියර ඔබ හමුවේ තබන්නයි. හරි එහෙමනම් අපි අද කොටස ගැන බලන්නට මත්තෙන් කතාවෙ මෙතෙක් ගමන්මග ගැන කෙටියෙන් වගේ මතක් කරගෙනම ඉමුකො එහෙනම්..

පලමුවන කතාමාලාව.

පළවැනි කතාසමය ආරම්භ වන්නේ බොබ් ලී ස්වැගර් නම් වූ අතිදක්ෂ ඇමරිකානු ස්නයිපර්වරයා යුක්‍රේන ජනපතිවරයාව ඝාතනය කිරීමත් සමගින්. ඉතින් කට්ටියට මතක ඇතිනේ බොබ් ලී ස්වැගර් කියන්නෙ ඇමෙරිකාවේ පමණක් නෙවෙයි සමස්ත ලෝකයටම ඉන්න අතිදක්ෂ සහ මාරාන්තික දිගුදුර වෙඩික්කරුවෙකු එනම් ස්නයිපර් කෙනෙක් බව. සිය හමුදා සේවයෙන් අස්වෙන ස්වැගර් තමන්ගේ බිරිද සහ කුඩා දූ පොඩිත්ත සමග ඉතාමත් සාමකාමී සතුටුදායක ජිවිතයක් තමයි ගත කරමින් හිටියේ. ඔන්න ඔහොම ඉන්න කොට තමයි ස්වැගර්ගෙ මිතුරෙක් වගේම ඉහළ නිළධාරියා වෙලා හිටිය කැප්ටන් ජොන්සන් ස්වැගර්ව හොයාගෙන එන්නේ උදව්වක් ඉල්ලගන්න. ජොන්සන් කියන්නෙ ටී සොලටෝව් කියලා කියන ස්නයිපර් ඝාතකයා ඇමෙරිකානු ජනපතිවරයාව නසා දමන බවට තර්ජනය කරලා තියෙන නිසා ඔහුව අල්ලගන්න ස්වැගර්ගේ සහය අවශ්‍ය බවයි. ස්වැගර් උදව්වට ගියත් ඝාතනය සිද්දවෙනවා මතකයිනෙ.. හැබැයි මැරෙන්නෙ ඇමෙරිකානු ජනපතිවරයා නෙවෙයි යුක්‍රේන ජනපති. ඉතින් මේ සිද්ධියට අහුවෙන්නේ බොබ් ලීව. එතැන් පටන් බොබ් ලීට සිද්දවෙනවා නීතියේ රැහැනින් පලා යමින් තමන්ව මේ ඝාතනයට කොටු කළ තැනැත්තන් පසුපස හඹායාමට. මේ කාර්යයට ස්වැගර්ට තවත් කෙනෙක් සහය දෙනවා. ඒ FBI නියෝජිතවරියක් වෙන නාදින් මෙම්ෆිස්. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී දැකගන්න ලැබුනානෙ ඒකට ඇමෙරිකානු රජය ඇතුළේ ඉතාමත් බලගතු පුද්ගලයන් පවා සම්බන්ධයි කියලා. කොහොමහරි ස්වැගර් සිය නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න සමත්වෙනවා.

දෙවන කතාමාලාව.

දෙවැනි කතාසමය ආරම්භ වන්නේ ස්වැගර් සිය හමුදා මිතුරකුගේ පදක්කම් ප්‍රදානෝත්සවයකට ජර්මනියේදී සහභාගී වී සිටින සිදුවීමකින්. ඒ එම ස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමත් සමගයි. හැමෝම මේ සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් කියලා හිතුවත් ස්වැගර් දකින්නෙ ඒක සැලසුම්සහගත ලෙස මැරීන් භටයින් ඉලක්ක කරමින් සිද්දවෙන්නා වූ ඝාතන තැතක් ලෙසයි. ඉතින් ඒ ගැන හොයාගෙන යද්දී ස්වැගර්ට දැනගන්න ලැබෙනවා මෙලෙස ඝාතනයට ලක්වන්නේ කැප්ටන් ජොන්සන් සහ ස්වැගර් සමගින් එකම හමුදා ඒකකයක සේවය කළ පිරිසක් බව. ඉතින් මේ ගැන තවදුරටත් හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා එම ඝාතනවලට ටී සොලටෝව් සෘජුවම සම්බන්ධ බවත් ඇට්ලස් නම් වූ යම්කිසි රහස් සංවිධානයක් ගැනත්. ස්වැගර් සහ සොලටෝව්ගේ කුඩා යුද්දය ඉවරයක් උනේ අවසානයේදී ස්වැගර් සොලටෝව්ගේ ග්‍රහණයට නතුවීමෙන් කියලා කට්ටියට මතකයිනේ.

හරි එහෙමනම් දැන් තුන්වැනි කතාසමය පටන්ගන්න එතන ඉදලා. අපි එහෙනම් බලමු මේ පාර ස්වැගර්ට මුහුණ දෙන්න වෙන්නෙ මොන වගේ නස්පැත්තියකටද කියලා. මතකනේ ගියපාර ස්වැගර්ව සොලටෝව් අල්ලන් ගියා එතනින් තමා කතාව ඉවර උනේ. ඉතින් ස්වැගර් ලව්වා ඇට්ලස් බැංකු ගිණුම විස්තර හංගලා තියෙන තැනට තමයි සොලටෝව් යන්නේ. ඒ වගේම ජෝසන් ජූලි එක්ක පස්සෙන් පන්නනවා. අනික මේ පාර නොසිතු දිසාවකට කතාව යොමු වෙන පාටක් තමා පේන්නේ….

එහෙමනම් මම මේ ටික විතරක් කියලා නවතිනවා.. ඊළග සතියෙ ලිපියෙන් මේ පාර කතාමාලාව ගැන විස්තර ටිකක් කියන්නම්කො.. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. එතෙක් ජයවේවා.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

10,660 downloadsDownload Shooter.S03E01-10306222018.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

10,660 downloadsDownload Subtitles31 KB

51 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Thisal

    ස්තූතියි

  3. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  4. Buddi

    Thanks.....................

  5. tomben9999

    Supiri. Thank you very much.

  6. Suranjan

    Thanks bro.......jayawewa......!

  7. harshahjk

    හිතුවාටත් වඩා ඉක්මනින්ම සබ ඇවිල්ලා බොහෝම ස්තූතියි සහෝ. වෙන මහන්සිය ඉහලින්ම අගය කරනවා සබ අරගත්තා. ජයවේවා

  8. Prabath_Kaushalya

    sub ekata thankx bro.....

  9. Kanchaka

    Thanks bro

  10. Tiger zinda

    Wadaa hodai karagana yamu thanks!

  11. MXORMajoR

    ඉක්මනටම ගෙනෙල්ලා ...!!පට්ට පට්ට ...!

  12. Bobby

    Great job. Thank you very much

  13. Ayesh Prashan

    Thank You

  14. mtbchathuranga

    බොහෝම ස්තූතියි

  15. nalakamc

    Thank you..

  16. wikz

    thanx a lot..enakal balan hitiye s3 eka

  17. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ මේක...
    සුපිරි කතාව....

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Udara Damith Dissanayaka

    මේ පාර එක ගැන විස්තර කිවුවේ නැති එක හොදයි

  20. Subhash13

    අම්මෝ පට්ට

  21. Lahiru Rasadun

    ජයවේවා ජයවේවා
    දිගටම sub දෙමු

  22. D.Chamara

    niyami sahooo niyanai

  23. KasunRe

    බොහම ස්තූතියි සහෝ......

  24. Malith Levan Perera

    Nice Job Pal Keep it up

  25. Hemal

    Thank you bro digatama demu <3

  26. KalharaHansaka

    thank bro jaya wewa

  27. prasangamno

    අම්මෝ මේක එනකං කොච්චර කල් ඉඳන් බලං හිටියද.... ටැංකිව් සෝ මච් බ්‍රෝ...

  28. DilanDilshan

    ammatasri pattama ekak thamaii..thankz saho sub ekata.mekatat digtama sub demu.jaya wewaa..

  29. DilanDilshan

    me meke season 02 eke ;kotas 8tan wada thiyenwa nedaa..plz reply mee...

    1. ලහිරු ප්‍රසාද්

      නෑ 8 යි තියෙන්නෙ. ඊට වඩා එන්න තිබ්බා.
      බොබ් ලීට වෙච්ච අනතුරක් නිසාද කොහෙද සීසන් එක එතනින් නතර කලා.
      දැන් ආයෙ සීසන් 3 වල ඉදන් කතාව යනවා.

  30. Lahiru W

    thanks for the sub.

  31. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි මංචෝ සබට.
    මෙන්න ගත්තා ඒනම්

  32. rangika Kariyawasam

    ජය මචන්.නියමයි සබ දීපු එක .ජයවෙිවා

  33. Kapila4499

    thanks for sub.........

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. suranuwan

    thanks bro sub ekata.......

  36. Thushara Sanjeewa

    Thanks bro...

  37. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  38. Thusitha disanayaka

    ela ela .thanks sub ekata..

  39. priyan99

    thanks bro

  40. Yashan Tharindu

    Supiriyata Sub eka Thiyannawa Bna :D (Y)

  41. prageeth2

    thank you

  42. Mihira madushanka-0

    Thanks you

  43. suchroxx

    Thanks Bro

  44. Maxmax6

    Ubala natnam api film,tv series balala iwarai sahoooo

  45. Dewadithya

    Thanks for Sub!

  46. Gibbs

    Thanks ...

  47. Sajithlakshan

    thanks ..................................................

  48. KUSAL LIYANAGE

    mekath balanna ptn gththa,godak sthuthi mahansi wela api wenuwen sub 1 hadala denawata

  49. geethkamal

    tnx saho sub ekata. jaya wewa

  50. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!