කොහොමද හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි. ඔන්න අද නම් අරගෙන ආවේ Apple TV+ එකේ විකාශය වුන සුපිරිම ටීවී සීරිස් එකක්. හරියටම කිව්වොත් මේ සීසන් එකේ තියෙන හැම එපිසොඩ් එකක්ම බලද්දී කුතුහලය කියන වචනයෙන් දමල ගහනවා වගේ ඔයාලට දැනෙනවා නොඅනුමානයි. ඇයි මන් එහෙම කියන්නේ කියල ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේ ටිවී සීරිස්…

 

කොහොමද හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි. ඔන්න අද නම් අරගෙන ආවේ Apple TV+ එකේ විකාශය වුන සුපිරිම ටීවී සීරිස් එකක්. හරියටම කිව්වොත් මේ සීසන් එකේ තියෙන හැම එපිසොඩ් එකක්ම බලද්දී කුතුහලය කියන වචනයෙන් දමල ගහනවා වගේ ඔයාලට දැනෙනවා නොඅනුමානයි. ඇයි මන් එහෙම කියන්නේ කියල ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේ ටිවී සීරිස් එක IMDb හී 8.1 අගයක් සහ සෑම එපිසොඩ් එකක්ම 7ත්, 9ත් අතර වගේ ඉහළ අගයන් ගන්න සමත්වෙලා තියෙනවා.

කතාව ගැන හැඳින්වීමක් කරනවනම්, සයිලෝ කියල කියන්නේ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවක් වන අතර Sci-Fi, Mystery සහ Drama කියන category තුනටම අයත් වෙනවා. මෙය Graham Yost මහතා විසින් Hugh Howey විසින් රචිත ‘Wool’ කියන නවකතා මාලාව පදනම් කරගෙන නිර්මාණය ලද ඉතාමත් හාස්‍යජනක ටිවී ෂෝ එකක්.

ඒ වගේම මෙම ටීවී සීරිස් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්නා Rebecca Ferguson විසින් ජුලියට් නිකොලස් කියන චරිතයට. ඒ වගේම Iain Glen, Rashida Jones, David Oyelowo වගේ ප්‍රකට නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. Wool කියන නවකතාව 2012 වසරේදී චිත්‍රපටයක් ලෙස ගොඩනංවන්න 20th Century Fox ආයතනය ආරම්භ කළත් එය අවුරුද්ද අවසානයේ යම් හේතූන් හමුවේ එම ව්‍යාපෘතිය නවතා දැම්මට පියවර අරන් තිබෙනවා. 2021 මැයි මාසයේදී Apple TV+ එක විසින් ටීවී සීරිස් එකක් විදිහට නැවත බාර අරගෙන එහි ප්‍රධාන ඡායාරූපකරණය 2021 අගෝස්තු මාසයේදී ආරම්භ කළ අතර එපිසොඩ් දහයකින් යුත් මුල් සීසන් එක 2023 මැයි 5 වන දින විකාශය වීමට ආරම්භ කර තිබෙනවා. පසුව නිෂ්පාදකයින්ගේ සහා කාර්යමණ්ඩලයේ සාර්ථකත්වය හමුවේ විචාරකයින්ගෙන් ඉතා ධානාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබෙනවා.

කතාව පැත්තට හැරුනොත්, මුළු ලෝකයම විෂ වායුවකින් විනාශයට පත් වෙලා අවසන්. ඒ නිසා මිනිස්සු එකෙන් බේරිලා ජීවත් වෙන්නේ පොළව හාරල භූගත යෝධ සයිලෝවක. එහි ජීවත් වන කිසිම කෙනෙක් දන්නේ නැ ඇයි එයාල එකේ ඉන්නේ, එළියේ මොකද වුනේ, එළියේ මොනාද තියෙන්නේ කියල. පරම්පරා ගණනාවක් මෙයාල මෙහෙම ජීවත් වෙනවා. ඒත් මිනිසා කියන්නේ තර්ක කරන්න කැමති එහෙම කොහොමද වෙන්නේ කියල හොයල බලන්න කැමති අමුතුම ජීවින් කොට්ටාශයක්නේ. ඉතින් මෙයාලත් හොයනවා මේකේ ඇත්ත නැත්ත. ඒත් මේ හැමදේම ගැන දන්න කට්ටියක් ඉන්නවා. ඒ කවුරු වෙන්න පුළුවන්ද? ඒත් ඇයි එයාල එහෙම කරන්නේ? එළියේ කියන තරම් විෂ වායුවක් තියෙනවද? ඇත්තටම මෙකේ හිර කරන් තියන්ද ඉන්නේ? ඒක හොයා ගන්නනම් එළියට ගිහින්ම බලන්න වෙයිද? මේ ප්‍රශ්න ඔක්කොටම අපි උත්තර හොයාගමු මේ ටිවී ෂෝ එක බලල.

ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ ත්‍රාසය ජනක කතා මාලාව බලන්න කියල. ඒ වගේම මතක් කරන්න ඕනා මට මේ අවස්ථාව ලබාදුන් බයිස්කෝප් කණ්ඩායමට සහ විශේෂයෙන්ම ශාන් විමුක්ති (විමා) සහෝදරයටත් ස්තුතිවන්ත වෙනවා.

එහෙනම් මීළඟ එපිසොඩ් එකෙන් හමුවෙන තුරු ඔබට සුබදායී දවසක්!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,137 downloadsDownload Silo.S01E01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

14,137 downloadsDownload Subtitles27 KB

18 comments

  1. N3thmal

    Ithiru epi tikath dandoo
    Supiriya .....bro

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි.
    ටීවී සිරිස් ලෝකය වෙත සාදරයෙන් පිලිගන්නවා.

  3. dasun

    සුපිරි සහෝ..මේක දෙනකන්මයි උන්නේ

  4. Buddhika Lakmal

    සීරිස් එකනං පට්ටයි වගේ..
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Milaan

    සුපිරි වැඩක් කොල්ලො, කවුරුත්ම සබ් දීල නෑ මේකට.
    දිගටම දෙමු.

  6. JonDoe297

    සුපිරි මචං
    තෑන්ක්ස් සබ් එකට.
    දිගටම කරන් යන්න. ජය වේවා.❤

  7. Imesh Perera

    Thanks Saho

  8. Amila

    ThankYou..!

    1. Dhanuka

      Thanks bro

  9. viraj

    thanks.........

  10. Lahiru Lakshan

    thanks machn...

  11. Akila Dilhara

    Thanks Brother...

  12. Gayan

    උපසිරැසියට බොහොම ස්තූතියි..,

  13. Manu

    Godak sthuthi..Jaya wewa!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for sub!

  16. Sahan Gayantha

    thanks a lot Sachithra saho sub ekata

  17. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️