Watch Trailer

Siren [S02 : E06] Sinhala Subtitles | දියකිඳුරන් අතර සටනක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට..! ඔන්න එහෙනම් අද මන් අරගෙන ආවා, සයිරන් කතා මාලාවේ දෙවෙනි සමයේ හයවෙනි කොටස. එහෙනම් බලමු මොකද අද වෙන්නේ කියල. පසුගිය කතාවෙන්, කලින් කතාවෙන් ඔයාලා දැක්කනේ සැන්ඩර් හිරකරගෙන හිටිය දියකිදුරිට නමක් දානවා, කට්‍රිනා කියල. එයාලා දෙන්නා ගණුදෙනුවක් කතා කරගන්නවා. සැන්ඩර් කියනවා එයාට එයාගේ තාත්තව…

කොහොමද කස්ටියට..! ඔන්න එහෙනම් අද මන් අරගෙන ආවා, සයිරන් කතා මාලාවේ දෙවෙනි සමයේ හයවෙනි කොටස. එහෙනම් බලමු මොකද අද වෙන්නේ කියල.

පසුගිය කතාවෙන්,

කලින් කතාවෙන් ඔයාලා දැක්කනේ සැන්ඩර් හිරකරගෙන හිටිය දියකිදුරිට නමක් දානවා, කට්‍රිනා කියල. එයාලා දෙන්නා ගණුදෙනුවක් කතා කරගන්නවා. සැන්ඩර් කියනවා එයාට එයාගේ තාත්තව මරුපු කෙනා ගෙනත් දුන්නොත් ක්ලෙස්කෝ තෙල් කම්පැනිය නිසා එයාලට වතුරට බැරි දේට පිළියමක් හොයල දෙනවා කියල. කට්‍රිනා ගිහින් එයාගේ අනිත් අයව ඉන්න තැන්වලින් හොයාගෙන එයාත් එක්ක වතුරට යන්න පුළුවන් එන්න කියල කතාකරනවා. මැඩීගේ අම්මා මත්වෙලා ඉන්නකොට මැඩී එයාව දාලා ගියානේ, ඒත් එයා ආයෙම අම්මා හම්බවෙන්න යනවා. එපාර මෙයා දකිනවා ග්ලෙන් එයාගේ අම්මාගේ මූණ තුවල කරල තියෙන පාරවල්. අම්මාගේ නොසැලකිලිමත් කම නිසා එයා ග්ලෙන් එක්ක ඉන්න කොට එයාගේ කසාද මුද්ද ග්ලෙන් හිටිය නවාතැනේ දාලා ඇවිත්. ඒක ගන්න මැඩී, රිනුයි මැඩීගේ අම්මයි යනවා. කාමරේ ඇතුලට මැඩී විතරක් යනවා, ඒත් එයාලා හිතුවේ ග්ලෙන් බිස්නස් වැඩකට කොහේ හරි ගිහින් කියල. ඒත් එයා ඇවිත් ගෙදර. ග්ලෙන් මැඩීට කරදර කරද්දී රින් එතනට ඇවිත් මැඩිව බේරගන්නවා. ඒත් රින් අතින් ග්ලෙන්ව මැරෙනවා.

අද කතාවෙන්,

මැරුණ ග්ලෙන් ගේ සිද්ධිය මැඩී තාත්තට කියනවා. තාත්තා ඇවිත් මේ අවුල විසදන්න උත්සහා කරනවා. මැඩීගේ අම්මගේ නොසැලකිලිමත්කම නිසා මැඩීව අනතුරේ දාපු එක ගැන එයාගේ තාත්තට ගොඩක් දුකයි. එයා කියනවා මැඩීගේ අම්මට මැඩිගෙන් දුරස් වෙලා වෙන තැනකට යන්න කියල ජීවත් වෙන්න. කට්‍රිනා ටික දෙනෙක් එකතු කරගන්නවා. ලීවයි කැමැත්තෙන් නෙවෙයි එන්නේ. එයාට හිරිහැර කරලා සැන්ඩර්වයි එයාවයි දෙන්නම බෝට්ටුවේ හිරකරලා තියෙනවා. සැන්ඩර් දැනගන්නව එයාගේ තාත්තා මැරුවේ ලීවයි කියල. තමන්ගේ තාත්තා මරපු කෙනාත් එක්ක එකම තැන ඉන්න නිසා සැන්ඩර් එයාව මරන්න හදනවා. ඒත් සැන්ඩර්ට ඒ තරම් ශක්තියක් තිබුණේ නෑ. සැන්ඩර් එයාගේ ෆෝන් එකෙන් බෙන්ට කෝල් කරලා එයාලව බේරගන්න එන්න කියනවා. තුන්දෙනාම එතනින් පටන් ගන්නවා. කට්‍රිනා හැමෝම එකතු කරන්න ගියාට එයාට ටික දෙනයි එකතු කරගන්න ගියේ. එයා රින්ව මරන්න රින්ගේ සහෝදරියේ සොහොන ළගට යනවා. එපාර මොකද වුණේ කියල බලන්න එපිය බලලා ඉන්නකෝ.

එහෙනම් ආයෙම ලස්සන උපසිරසක් අරන් එන්නම් කියන ගමන්, හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි!🙏

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,448 downloadsDownload Siren-S02-E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

3,448 downloadsDownload Subtitles21 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thank You

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Anonymous

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Shamal manojan

    සහෝ, ඔබ විසින් පෙර ලබා දී ඇති Delirium 2018 චිත්‍රපටයේ සබ් එක ගැලපෙන්නේ නෑ. ඒක update කරන්න පුලුවන්ද?

  8. Sanjaya

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො-
    කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  9. chinthaka.max4

    thankx machan

  10. Oshada rathvita

    පට්ට මචං..තෑන්ක්ස්.....