Watch Trailer

Siren [S02 : E05] Sinhala Subtitles | රින්ගේ ආදරේ..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට..! ඔන්න එහෙනම් අද මන් අරගෙන ආවා, සයිරන් කතා මාලාවේ දෙවෙනි සමයේ පස්වෙනි කොටස. එහෙනම් බලමු මොකද අද වෙන්නේ කියල. පසුගිය කතාවෙන්, කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණානේ සැන්ඩර්ට තුවාල වුණු දියකිදුරියව හම්බවෙනවා. එයාගේ බෝට්ටුවේ එයා ඒ දියකිදුරියව හිරකරන් තියන් ඉන්නවා. සැන්ඩර්ට දැනගන්න ඕ…

කොහොමද කස්ටියට..! ඔන්න එහෙනම් අද මන් අරගෙන ආවා, සයිරන් කතා මාලාවේ දෙවෙනි සමයේ පස්වෙනි කොටස. එහෙනම් බලමු මොකද අද වෙන්නේ කියල.

පසුගිය කතාවෙන්,

කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණානේ සැන්ඩර්ට තුවාල වුණු දියකිදුරියව හම්බවෙනවා. එයාගේ බෝට්ටුවේ එයා ඒ දියකිදුරියව හිරකරන් තියන් ඉන්නවා. සැන්ඩර්ට දැනගන්න ඕනේ එයාගේ තාත්තව මරපු ඒ පිරිමි දියකිදුරව කොහෙද ඉන්නේ කියල. ඉතින් සැන්ඩර් එයාව හිරකරන් තියන් හිටියා. ඒත් දෙන්නා කොහොමහරි යාලු වුණාම සැන්ඩර් දියකිදුරියට එයාලට වතුර වහින්න බැරි හේතුව පෙන්නනවා. ඒවගේම මැඩීගේ අම්මා ආයෙම මත්කුඩු වලට ඇබ්බැහි වෙනවා.

අද කතාවෙන්,

සැන්ඩර් දියකිදුරිට නමක් දානවා, කට්‍රිනා කියල. එයාලා දෙන්නා ගණුදෙනුවක් කතා කරගන්නවා. සැන්ඩර් කියනවා එයාට එයාගේ තාත්තව මරුපු කෙනා ගෙනත් දුන්නොත් ක්ලෙස්කෝ තෙල් කම්පැනිය නිසා එයාලට වතුරට බැරි දේට පිළියමක් හොයල දෙනවා කියල. කට්‍රිනා ගිහින් එයාගේ අනිත් අයව ඉන්න තැන්වලින් හොයාගෙන එයාත් එක්ක වතුරට යන්න පුළුවන් එන්න කියල කතාකරනවා. මැඩීගේ අම්මා මත්වෙලා ඉන්නකොට මැඩී එයාව දාලා ගියානේ, ඒත් එයා ආයෙම අම්මා හම්බවෙන්න යනවා. එපාර මෙයා දකිනවා ග්ලෙන් එයාගේ අම්මාගේ මූණ තුවල කරල තියෙන පාරවල්. අම්මාගේ නොසැලකිලිමත් කම නිසා එයා ග්ලෙන් එක්ක ඉන්න කොට එයාගේ කසාද මුද්ද ග්ලෙන් හිටිය නවාතැනේ දාලා ඇවිත්. ඒක ගන්න මැඩී, රිනුයි මැඩීගේ අම්මයි යනවා. කාමරේ ඇතුලට මැඩී විතරක් යනවා, ඒත් එයාලා හිතුවේ ග්ලෙන් බිස්නස් වැඩකට කොහේ හරි ගිහින් කියල. ඒත් එයා ඇවිත් ගෙදර. ඒ අතරේ තව සිද්ධියකුත් වෙනවා. ඒ සිද්ධිය මොකක්ද කියල එපිය බලලම ඉන්නකෝ.

එහෙනම් ඊළග කතාවෙන් හම්බවෙන්නම් මන් ආයෙම ඔයාලව හම්බවෙන්නම් කියන ගමන් බුදුසරණයි දෙවිපිහිටයි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,546 downloadsDownload Siren-S02-E05.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

3,546 downloadsDownload Subtitles20 KB

8 comments

  1. chamike

    Thanks sub ekt.digtm krnna

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thank You

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chinthaka.max4

    thankx machan