මේ කතාව 2014 වර්ශයේ විකාශය වුණ කොරියානු ඉතිහාස කතාවක්. ඇත්තටම මේ කතාව තවත් කතා මාලාවක පිවිසුම් (Prequel) කතාවක් කිව්වොත් නිවැරදියි. Tree with deep root කියලා කතාමාළාවක් 2011 වසරේ විකාශනය වෙනවා. ඒ කතාව ප්රසිද්ධ නවකතාවක් ඇසුරෙන් තමා නිශ්පාදනය වෙන්නෙ. මහා සේජොන්ග් රජු නැත්නම් ලී දෝ කුමාරයා කොරියානු අක…

මේ කතාව 2014 වර්ශයේ විකාශය වුණ කොරියානු ඉතිහාස කතාවක්. ඇත්තටම මේ කතාව තවත් කතා මාලාවක පිවිසුම් (Prequel) කතාවක් කිව්වොත් නිවැරදියි. Tree with deep root කියලා කතාමාළාවක් 2011 වසරේ විකාශනය වෙනවා. ඒ කතාව ප්රසිද්ධ නවකතාවක් ඇසුරෙන් තමා නිශ්පාදනය වෙන්නෙ. මහා සේජොන්ග් රජු නැත්නම් ලී දෝ කුමාරයා කොරියානු අක්ශර මාලාව නිර්මාණය කිරීම අලලා සිදුවෙන ඓතිහාසික කාරනාත් ඇතුළත් මනඃ කල්පිත පුරාවෘතයක් තමා ඒ කතාවට පාදක වෙන්නෙ. ඒකත් බොහොම ලස්සන කතාවක්.ඉතිං ඔයාලා බලනවා ඇති කතාව Six flying dragons වුණාට කියන්නෙ වෙන දෙයක් ගැනනේ කියලා. ඉතින් සෙජොන්ග් රජතුමාට ඒකට උදව් කරනවා “සැඟවුණු මූලය” (Hidden root) කියලා සාමාන්ය වැසියන්ගෙන් හැදුණු රහස් සංවිධානයක්. ඒ කතාවෙ හැටියට සැම්බොන්ග් හෙවත් ජන්දු ජොන් කියන විද්වතා තමයි එය ආරම්භ කරන්නෙ. මේ කතාවෙ එන සමහර චරිත six flying dragons කියන කතාවෙත් සඳහන් වෙනවා. ලීදෝ කුමරු, තේජොන්ග් රජතුමා, මූහ්යල්, ලී ශින්ජොක්, මල්සේන්ග් තමයි ඒ චරිත.
Tree with deep roots කතාව කොරියානු අක්ශර කලාව නිර්මාණය වුණ හැටි ගැන කියනකොට, Six flying dragons කතාව කියන්නෙ ගොර්යෝ රාජ්යය බිඳ දමමින් නව චෝසන් රාජ්යය බිහි වුණ ආකාරය. මේ කතා 2ම බොහොම ලස්සන කතා දෙකක්. නමුත් මේ කතා මාළාව දීර්ඝ කතා මාලාවක්. එහෙමත් නැත්නම් මේක කොටස් 50ක කතවක්. ඒත් ඔයාලට තේරේවි මේ කතාව කිසි කම්මැලිකමක් නැතුව බලන්ඩ පුළුවන් එකක් කියලා. එක හුස්මට බලන්ඩ පුලුවන් කිව්වොත් හරි. හැබෙයි කියන්ඩ ඕනෙ මේක ටිකක් ගැඹුරු විදිහෙ කතාවක්. ලයිට් රොමෑන්ටික් කතාවක් නම් නෙමේ. ඉතිහාස කතා කොහොමත් එහෙමනේ. ඒත් මේක ඊටත් තරමක් වෙනස් මට්ටමේ ඉතිහාස කතාවක් කිව්වොත් හරි. මොකද අපි හැම ඉතිහාස කතාවකම දකින්නෙ වීරයෙක්, නැත්නම් හොඳ රජකෙනෙක්, හොඳ රජ බිසවක් කොහොමහරි කොහෙත් හොඳනෙ තියෙන්නෙ. නරක මිනිස්සු හැමවෙලේම පරදිනවනේ. ඒත් මේ කතාවෙ කවුරුත් කළු සුදු කියලා වෙන්කරන්ඩ බැහැ. සමහර වෙලාවට සමහරු කළු චරිත වෙන එක සාධාරණයි කියල හිතෙන්ඩ පුලුවන්. ඒ වගේම සමහර වෙලාවට සමහර අය හොඳ හිත නොපෙන්නුව නම් මීට හොඳයි කියලා ඔයාලට හිතෙන්ඩ පුලුවන්.සමාජය ගැන හොඳ විග්රහයක් මේ කතාවෙ තියෙනවා කියලා මට හිතෙනවා.
මේ කතාවෙ ප්රධාන චරිත 6ක් තියෙනවා. සැම්බොන්ග් ජන්දු ජොන්, සෙනෙවි යී සොන්ග්යේ (චෝසන් රාජ්යයේ පළමු රජු වන තේජෝ රජු), යී බැන්ග්වොන් හෙවත් ජොන්ගැන් කුමාරයා (පසුව තේජොන්ග් රජු), බූන්යී, ඩැන්ග්සේ හෙවත් යී බැන්ග් ජි, මූහ්යල් තමයි ඒ 6 දෙනා. මේ 6 දෙනාගෙන් 3 දෙනෙක් ඉතිහාස ගත සත්ය පුද්ගලයින්. සැම්බොන්ග්, සෙනෙවි යී සහ යී බැන්ග්වොන් තමයි ඒ 3 දෙනා. බූන්යි, මූහ්යල්, ලී බැන්ග් ජි කියන අය මනඃකල්පිත චරිත. ප්රධාන චරිත වලට අමතරව මින් ඩාග්යුන්, පෝයූන් ගුරුතුමා, හාර්යුන් ගුරුතුමා වගේ අය ඇත්තටම අතීතයේ සිටි බවට සඳහන් කරන්ඩ ඕනෙ. කතාව දිගටම බලාගෙන යනකොට එයාලා කවුද කියලා ඔයාලට තේරේවි.
හොඳයි කතාවෙ මුල් කොටසෙ මොකද වෙන්නෙ කියලා මම කියන්නම්. කතාව පටන් ගන්නෙ අවස්ථා 3 කින්. 8 අවුරුද්දක් පිටුවහල් වෙලා හිටපු මනුස්සයෙක් ගේග්යොන් වලට එනවා. ඔහු සාමාන්ය මනුස්සයෙකුගේ බත් ගුලියක් හොරකම් කරනවා. ඒක අහු වුණහම මේ මනුස්සයා ඒ සංචාරක වෙළෙන්දට කැත ලී බෝනික්කෙක්ව දෙනවා, නැවත එයත් රැගෙන ඇවිත් තමන්ව හම්බ වුණොත් හොරා ගත්තු බත් ගුලියට බත් ගුලි 10 දෙන්නම් කියලා. එහෙම කියලා ඔහු සැඟවුණු රහස් ගල් ගුහාවකට ඇතුළු වෙනවා. එය තමයි ඔහුගෙ පොත්ගුල. පසුව එය තමා ඔහුගෙ රහස් මෙහෙයුම් මූලස්ථානය. මේ පුද්ගලයා තමා සැම්බොන්ග් ජන්දු ජොන්. ඉතිං මේ ගුහාවට ඇතුළ් වෙන ඔහුට ඔහු කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙන්නෙක්ව මුණ ගැහෙනවා. එක්කෙනෙක් තමයි යි බැන්ග්වොන්. අනෙක් කෙනා තමයි ඩැන්ග්සේ.
මේ දෙන්නම සැම්බොන්ග්ව අඳුරනවා. ඒත් සැම්බොන්ග් ඒ දෙන්නවම අඳුරන්නෙ නැහැ. මේ අයගෙන් ඩැන්ග්සේ කියන්නෙ සැම්බොන්ග් එයාගෙ මුළු ජීවිතේම විනාස කළා කියලා. එතකොට බැන්ග්වොන් කියන්නේ සැම්බොන්ග් එයාගෙ ගුරුතුමා කියලා. ඒත් සැම්බොන්ග්ට මේ අයව මුණගැහුණ පළවෙනි වතාව තමයි මේ. එක්කෙනෙක් සැම්බොන්ග්ගෙ හතුරෙක් වෙන්නෙත්, අනෙක් එක්කෙනා සැම්බොන්ග්ගෙ ගෝලයෙක් වෙන්නෙත් මීට 8 අවුරුද්දකට කලින් සිදු වුණ සිදුවීමක් නිසා.
ගොඩක් අය Moon lovers: Scarlet Heart Ryeo කතාව කොරියාවෙ Game of throne කියලා හැඳින්වුවත් මම නම් හිතන්නෙ Six flying dragons තමයි ඒකට හරියටම ගැලපෙන්නෙ. කොයිතරම් දිග වුණත් කම්මැලි නැතුව බලන්ඩ පුලුවන්.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E01.151005.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,850 downloadsDownload Six-Flying-Dragons-E01.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
35 comments
Hashani
Zeal
Thanx Sub 1ta
C. R. ජයලත්
Niyamai Sis Jaya Wewa!!!!
srimal saranga
නියමයි. next episode ekatath sub eke demu good luck
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Udara Damith B/K
ස්තූතියි
ස්තූතියි
ස්තූතියිlhr
thanx k-drama sub denawata
Kasun Lakshan
Hammo K-Drama ekakata Sub nathiwa weli weli hitiye akke
Godaaaaaaaaak sthuthiyi..........
wadi wadiyen labenna ona me karana deta
siyaluma wadakatayuthu sarthaka wenna kiyala prasrthana karanwaSumudu Nuwan
ela ela ikmnta ma demu
Navindu Gunawardana
Episode 50 ක්...!!! හම්මේ සෙල්ලම් වැඩක් නෙවෙයි..ටකාම හරි බොහොම පින් හාබොහොම ස්තුතියි.අපි වගේ රජ කාලේ කොරියානු කතා බලන්න කැමති අයට මේ වගේ දෙයක් කරන එකට...දිගටම පුලුවන් තරම් ඉක්මනින් අපිට සබ් එක දෙන්නලැබේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා..දවස ගානේ ම එක සබ් එක ගානෙ දෙන්න පුලුවන්නෝ..!!!
බොාහා්ම ස්තුතියි #සුධාරා_විදාරත්නirj
Niymaiii
sudesh
sub file eka download wenne na
Chamu
Godak lassana kathawak.thxx sub ekata kalin kathath oya ekadigata sib dunna hinda mekatath ehma wei kiyala hithenawa.mokada ehma unama asawen balanna puluwan.api dannawa eka oyalata karadarayak kiyala kohma unath sub eka apita watinawa
lahiru
Sub file eka download kranna ba ne errors ekak eno 404
sajiya
meke copy eka hoya ganna baha link 1k dennako
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janasanka
Sub aketa thanks....
Digatama sub damu sis...
ඔබට ජය....!!!Iresha weligamage.
Arang and the magistret ekatat sub dennako
Ravija randinu
Plz"Tree with deep roots" me kathweth sub eka denkoo..meka beluwahma ekath balna asa hithuna..
akila55
deep rooted tree meke sub aka hambaunada
Upendrashan
bohoma sthuthi!
nadi66
Mama me kathawa hiya hoyama hitpu ekak maramalassana kathawak balagena balagena yanna hithenawa me wage korien katha digatama karanna oyata shaktiya ලැබේවා
akila55
deep rooted tree meke sub 1 dennko
Stranger
thanks
methmi lochana
mirror of the witch eke sinhala sub dannako
Chehan Lakvindu
sthuthi sub ekata akke
math try kara sub ekak karanna
ethakota thamai therune wade amarukamaTharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Tharindu
මේකේ සබ් ගන්න බැහැ.403 Forbidden කියලා එනවා.කොහොමද හදාගන්නේ.
Anonymous
dan ganna ba hadanna
Krishani
Thank you
tharul nimtharu
kohomd mek blnne dann kenek kiynnko. me site eken kohomd movies blnne kiyl
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnks akkee..