හන් යු රාගේ මරණේ සෝන්ග් යි නිසා වුන දෙයක් කියලා හැමෝම තීරණය කරලා ඉවරයි. එකෙන් වෙන්නේ සෝන්ග් යිව හැමතැනකින්ම ප්‍රතික්ෂේප වෙන ඒක. එයා අත්සන් කරපු ගිවිසුම් ඔක්කොම අවලංගු වෙලා එයාට ඒවට වන්දි මුදලකුත් ගෙවන්න වෙලා.වෙන කරන්න දෙයක් නැති නිසා එයා දෝ මින් ජුන්ගෙන් අහනවා එයාගේ මැනේජර් වෙන්න කැමතිද කියලා. බොරු…

හන් යු රාගේ මරණේ සෝන්ග් යි නිසා වුන දෙයක් කියලා හැමෝම තීරණය කරලා ඉවරයි. එකෙන් වෙන්නේ සෝන්ග් යිව හැමතැනකින්ම ප්‍රතික්ෂේප වෙන ඒක. එයා අත්සන් කරපු ගිවිසුම් ඔක්කොම අවලංගු වෙලා එයාට ඒවට වන්දි මුදලකුත් ගෙවන්න වෙලා.වෙන කරන්න දෙයක් නැති නිසා එයා දෝ මින් ජුන්ගෙන් අහනවා එයාගේ මැනේජර් වෙන්න කැමතිද කියලා. බොරුවට අකමැතියි වගේ පෙන්නලා,දෝ මින් ජුන් එයාගේ මැනේජර් වෙන එකගැන හිතලා බලන්නම් කියලා කියනවා. මේ අස්සේ හන් යු රාට පිස්සු වැටිලා හිටපු රසිකයෙක්,සෝන්ග් යිගෙන් පලිගන්න හිතාගෙන,එයාට ලේ ගෑවුන පින්තූර,මැරුණ මීයෝ වගේ දේවල් එවනවා. අන්තිමට මෙයා සෝන්ග් යිගේ ඔලුවට මාළු ටැංකියකුත් අතහරිනවා.හැබැයි දෝ මින් ජුන් හිටපු නිසා එයාට අනතුරක් වෙන්නේ නෑ.
සෝන්ග් යිව මරන්න, ජේ ක්යෝන් එයාගේ සහයකයා ලවා සෝන්ග් යිව පැහැරගෙන එයා රිය අනතුරකින් මැරුණා වගේ පෙන්නන්න තමයි හදන්නේ. කොහොම හරි මෙතනදීත් දෝ මින් ජුන් තමයි එයාගේ පිහිටට එන්නේ. එතැනදී දෝ මින් ජුන්ට තුවාලත් වෙනවා.මේ වැඩෙන් සෝන්ග් යි වගේම ජේ ක්යෝන්ගේ සහයකයත් එයා ගැන දැනගන්නවා.හැබැයි සෝන්ග් යි ඇහුවත් දෝ මින් ජුන් කියන්නේ එයා එතන හිටියේ නෑ කියලා. රෝහලේ ඉඳලා ගෙදර ආවම සෝන්ග් යි දකිනවා කවුරුහරි එයාගේ මුළු ගෙදරම ඇදලා දාලා කියලා.මේ වැඩේ නිසා සෝන්ග් යි ආයෙමත් නතර වෙන්නේ දෝ මින් ජුන්ගේ ගෙදර.ඒවගේම සේ මි හ්යේ ක්යෝන්ට කියනවා එයා අවුරුදු දොළහකට කලින් සෝන්ග් යිව බේරගත්ත කෙනාව දන්නවා කියලා. සේ මි එහෙම කියන්නේ එතකොටවත් හ්යේ ක්යෝන් සෝන්ග් යිව අතහරියි කියලා හිතලා.ඒත් හ්යේ ක්යෝන් කියන්නේ මේගැන සෝන්ග් යිට වත් එයාටවත් කියන්න එපා කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,180 downloadsDownload You-Who-Came-From-the-Stars-E08.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
5 comments
ඉෂාන් මදූෂ
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Soori
බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට...!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



බොහොම ස්තූතියි සහෝ