Watch Trailer

Six [S02 : E06] with Sinhala Subtitles | “දැන දැනම උගුලකට..!” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔක්කොටම කලින් කට්ටිය සමාවෙන්න ඕනෙ. ටිකක් පරක්කු වෙලා මේ අරගෙන එන්නෙ Six දෙවැනි කතා මාලාවෙ හයවෙනි කොටස. ලහිරු සහෝදරයාට අධ්‍යාපනික කටයුතු නිසා උපසිරැසිය කරගන්න අපහසු වෙනව කිව්ව නිසා මේ කොටස අරගෙන ආවෙ මම. ඇත්තටම මේ කාලෙ අපේ බයිස්කෝප් උපසිරැසිකරුවන් අධ්‍යාපනික කටයුතු හෝ රැකියාව එක්ක…

ආයුබෝවන් යාළුවනේ..! ඔක්කොටම කලින් කට්ටිය සමාවෙන්න ඕනෙ. ටිකක් පරක්කු වෙලා මේ අරගෙන එන්නෙ Six දෙවැනි කතා මාලාවෙ හයවෙනි කොටස. ලහිරු සහෝදරයාට අධ්‍යාපනික කටයුතු නිසා උපසිරැසිය කරගන්න අපහසු වෙනව කිව්ව නිසා මේ කොටස අරගෙන ආවෙ මම. ඇත්තටම මේ කාලෙ අපේ බයිස්කෝප් උපසිරැසිකරුවන් අධ්‍යාපනික කටයුතු හෝ රැකියාව එක්ක ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්න කාලයක්. ඒ නිසා මේ වගේ ප්‍රමදවීම් සිදුවෙන්න පුළුවන් ඉදිරියේදි වුණත්. එක තැනකදි අපි දැක්ක මෙහෙම ප්‍රමාදවීම් වෙනවනම් ඒක කලින් කතාවෙදි කියන්න හෝ බයිස්කෝප් මංසල මගින් දන්වන්න කියල. ඇත්තටම ඒ සම්බන්ධව මම මොකුත් කියන්නෙ නැහැ. හැබැයි බලාපොරොත්තු වෙන දවසෙ සබ් එක එන්නෙ නැත්නම් දැනගන්න එහෙම වෙන්නෙ මොකක්හරි නොවැලැක්විය හැකි කාරණාවක් නිසා තමයි ප්‍රමාදය සිද්ධ වෙන්නෙ කියල. එතකොට අලුතෙන් කොහෙදිවත් මතක් කරන්න ඕන නැහැනෙ. හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ ලගම මිත්‍රය වෙන හෝල් සහා එයාගෙ සහයකයො දෙන්නෙක් කලින් පැහැරගත්තා. ඉල්ලීම වුනේ මෙච්චරයි, හෝල් වෙනුවට නැස්රිව දෙන්න කියලා. ඔය අතරෙ ජීනා උත්සහ කරනවා මයිකල් ලවා කෙනෙක්ව අදුන ගන්න. හැබැයි මයිකල් මේ මනුස්සයව දන්නෙ නෑ කියලා කියනවා. දන්නවනෙ ජීනා ගැන, ඉටියෙන් හෝ මැටියෙන් වැඩ ගන්න ජාතියෙ ගෑණියක්. ඉතිං ජීනා කෝමහරි හොයාගන්නවා මයිකල් මේ මනුස්සයව දන්න විත්තිය. ඊලග කාරණේ වෙන්නෙ මේ කෙනාගෙන් හෝල්ව තියන් ඉන්න තැන දැනගනන්න එක. ඒකනම් මයිකල් ගානට නූලට කරලා දෙනවා. කොහොම නමුත් පස්සෙයි දැනගන්න ලැබෙන්නෙ කුමාරයා ප්‍රාණ ඇපකාරයො හුවමාරුවකට සූදානම් බව. මේ කාරණේ මයිකල්ට එච්චර සුබ දෙයක් නෙවෙයි. මොකද මයිකල් කුමාරයා ලගට යනවා කියන්නෙ මැරුණා හා සමානයි.

ඊලග කාරණේ තමයි ඇලෙක්ස්, දන්නවනෙ ඇලෙක්ස්ට වෙඩි වැදුන විත්තිය. හැබැයි ඇලෙක්ස්ට හොද වුනත් ආපහු තමන්ගෙ අතේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ලබා ගන්න බැරිවෙයි කියල තමයි දොස්තර කියන්නෙ. ඒත් ඇලෙක්ස් සූදානම් නෑ ඒක පිලිගන්න. ඔය අතරෙ තමයි ඇලෙක්ස්ට ඩෝවන් මුන ගැහෙන්නෙ. දෙන්නා ගොඩක් සමීප වෙනවා. හැබැයි අන්තිමට ඩෝවන් ඇලෙක්ස්ට නොකියම යන්න යනවා.

සීල් ටීම් එක පුහුණු සැසියකට යන්න හිටියා මතක ඇති, හැබැයි හදිසියෙම ඒක නතර කරලා මෙයාලට ජීනත් එක්ක යන්න වෙනවා ප්‍රාණ ඇපකාරයො හුවමාරුවට. ඔතනින් තමයි අද කොටස ආරම්භ වෙන්නෙ. හුවමාරුවට ගෙනියන්න ජීනා මයිකල්ව එක්ක එනවා. හිතා ගත්තෑකිනෙ මොනා වෙයිද කියලා. ඔව් අපේ ටීම් එක මේ ගැන ගොඩක් තරහින් ඉන්නෙ. ඒත් කරන්න දෙයක් නෑ නියෝග වලට අනුව වැඩ කරගෙන යන්න වෙනවා මේ අයට. මේ අතරෙ ටීම් එකට මගදි අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වෙනව. මේ අස්සෙ නැස්‍රි පැනල යනව. කට්ටියට පහර දුන්නෙ කවුද?  නැස්‍රිව අල්ල ගන්න පුළුවන් වේවිද? ඒ වගේම හුවමාරුව සිද්දවෙන්නෙ කුමාරයා කියන තැනකදි. කට්ටියට නැස්‍රිව එතනට අරගෙන යන්න පුළුවන් වේවිද?

ඉතිං අපි බලමු මොන වගේ දෙයක් අද කොටසෙ වෙයිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමුවෙමු.  ජය වේවා..!

“ලිපිය – ලහිරු ප්‍රසාද්”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

5,825 downloadsDownload Six-S02-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

5,825 downloadsDownload Subtitles27 KB

38 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. mtbchathuranga

    බොහොම ස්තුති :D

  3. Kanchana

    Parakku unata kamak nathanx sahoooo

  4. anil chamara

    thnks saho. mamat aulen hitiye meke sub aye enne neti weida kiyala ape yaluwage iganeem wedat kara gannat epei. namut bohoma stooti oyata meke sub tika dunnata saha biscope ekatat bohooma isiuti jayen jayama wewa.

  5. Thari_lakmal

    Thanks සහෝ

  6. Ayesh Prashan

    Thank You

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Suranjan

    Thanks machan......jayawewa......!

  9. kodagoda

    tnx sahoo

  10. Bobby

    Thank you very much Udayanga

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා........

  12. Buddi

    Thanks.........

  13. Thisal

    ස්තූතියි

  14. Thushara Dammika Gallage

    Thanks saho

  15. chami boy

    lucifer naththe ai bro

    1. උදයංග සම්පත් හතරසිංහ

      විභාග වැඩ නිසා කට්ටිය ටිකක් බිසී මචං.. ඉක්මනට ලැබේවි මඟ හැරිල තියෙන ඔක්කොම..

  16. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  17. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.....!

  18. priyan99

    thanks bro sub ekata

  19. nandana.c

    Thankx

  20. srinath

    Thanks Bro..

  21. Vimuth

    Thanks bro

  22. Udayaranasingha

    Thanks...

  23. samiya

    thanks thanks bro

  24. binurakasthuri2

    six season 1 eka downlod karanna link ekak ewapanko bn biScope downlod eke season 1 eka na ne bns???

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Sajith_C

    SIX එකේ English Subtitles ගන්න link එකක් එවන්න පුලුවන්ද Bro...

  27. Tharindu Bandara

    episode 7 eke sub eka denne nadda????

  28. Lakshan

    Thanks bro.

  29. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  30. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  31. Gayanm66109

    Thanks bro.

  32. Lahiru W

    thanks bro

  33. mindika

    Thanks !!!!!!

  34. suranuwan

    ela....

  35. Dave

    Thanx broh

  36. MAALnath

    Thanks ................good luck ....................

  37. Sachithra11

    Tnx subtitles walta brdh