Watch Trailer

The Handmaid’s Tale [S02 : E12] Sinhala Subtitles | පශ්චාත්තාපය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතිං කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවා නේද ? රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන කතා සමයේ අවසන් කතාංගයට පෙර කොටසත් සමගයි අද එකතු වන්නේ. ලබන සතියේ කොටසින් සමස්ථ කතා මාලා දෙකම හකුළුවා ලිපියක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වන නිසා අද වැඩිය කරුණු ඉදිරි පත් නොකරන්න හිතුවා. ඒ කොහොම වුනත් ඒ අවසන්…

ඉතිං කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවා නේද ? රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන කතා සමයේ අවසන් කතාංගයට පෙර කොටසත් සමගයි අද එකතු වන්නේ. ලබන සතියේ කොටසින් සමස්ථ කතා මාලා දෙකම හකුළුවා ලිපියක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වන නිසා අද වැඩිය කරුණු ඉදිරි පත් නොකරන්න හිතුවා. ඒ කොහොම වුනත් ඒ අවසන් ලිපියට ඔයාලගේ අදහස් එකතු කරන්නත් කැමැත්තෙන් ඉන්නවා. අපි බලමු එහෙනම් මෙතක් කල් හෑන්ඩ්මේඩ්වරියන් සමඟ රැඳී සිටි ඔයාලගේ අදහස් ටිකක් අදවත් එලියට ඒවිද කියලා.

පසුගිය කොටසින්,

ඔයාලට මතකනම් පසුගිය කොටස බෙහෙවින් සංවේදී වූ කොටසක් බවට පත්වූවා.එය කෙතරම් සංවේදී වුවාද පැවසුවොත් මෙතෙක් සමස්ථ කතා මාලා දෙකෙහිම අඩුම දෙබස් තිබුණ කොටස බව‍ට පසුගිය කොටස පත්වූවා. මවක් දරුවෙක් වදන්න කෙතරම් දහදුක් විදිනවද යන්න පපුව පලාගෙන යන තැනටම ඔයාලට දැනෙන්න ඇති කියලා හිතෙනවා. ඒ එක්කම කාලෙකට පසුව ජූන් හා ඇගේ මව හා සම්බන්ධ අතීතාවර්ජනයක් ගෙන ආවා ඔයාලට මතක්වෙනවා ඇති.

පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ ලෙසම ජුන්ට පැනයාමට අවස්ථාවක් ලැබුනත් එය තම දරුවා හා කල නොහැක්කක් බවට පත්වූවා. කෙසේ නමුත් සියලු බාධක කම්කටොළු මැද ජූන් තාම දෙවන දරුවාව පාළු මිටියාවතක, පාළු නිවහනක ,සීතල රැයක බිහිකරන්නේ කිසිවකුගේ හව්හරණක්, උදව්වක් නැතිවයි. ඇය ජුන්ට නමින් හෝලි නම් වුවා. එය තාම මෑණියන් සිහිගන්වන බවයි ඇය අපට පැවසුවේ.

ජූන් හා නික් සොයා පැමිණි කමාන්ඩර් ෆ්‍රෙඩ් හා සෙරීනා තව ඩිංගෙන් ජුන්ගෙන් වෙඩි කන්නට තිබුනත් ,එය වැලකි ගියේ තිදෙනාගේම පුරුවේ පිණට වන්නට ඇති. මා පෙර සදහන් කලා මෙන් පසුගිය සතියේ කොටසින් වැඩිමනක් වෙන්වූයේ ජූන්ගේ දරු උපත හා කාලය ගත කරන්නටයි.

අද කොටසින්,

මේක කතාව පටන්ගත්ත දා පටන්ම ප්‍රේක්‍ෂක ඔබව කුතුහලයට පත්කරමින් හැමවෙලේම ඊළඟට කුමක් වන්නේද යන්න නොදන්නා තැනට පත් කලා, ඔයාලට හොඳට හුරු ඇති දැන්. ඉතිං මේ දෙවන කතා සමයේ අවසන් අවසන් කොටසට පෙර කොටසයි. අද කතාව නැවත වෙනත් මානයකට හරවනවා කියුවොත් මම නිවැරදියි. එය ලොකු පිම්මක් වෙනවා. ඒ පිම්ම එක්කෙනෙක්ට දෙන්නෙක්ට පමණක් නොව කතාව තුල ඇති චරිත කිහිපයකගේම හැඩරුව නැවත සකසනවා,

මෙතෙක් අපි එක්ක හිටපු දෙන්නෙක් අවසන් ගමන් යන්නේ මෝඩකමටද ? නැත්නම් වයසේ වැරැද්දට ද ? කියලා, තීරණය කිරීම ඔබට භාර කරන්න කැමතියි, ඒ වගේම නව චරිත දෙකක් කතාවට එකතු වන්නේ තෙවන කතා මාලාවට අඩිතාලම දමන්නට වෙන්න ඕනි.

ඉතිං ඔයාල මොකද හිතන්නේ ජූන් තාම දරුවා වැදීමෙන්හි අනතුරුව කිනම්න් තීරණයකට පැමිනේවිද ? ආරක්ෂකයින් රැගෙන ගිය නික් හට කුමක් වේවිද? කමාන්ඩර් ෆ්‍රෙඩ් හා සෙරීනාට දරුවා සමීප කරගන්නට, කිනම් කැපකිරීමක් කරන්න වේවිද ? අද කතාවේ කුතුහලය ඔයාලට සමීප කරමින් මම නවතිනවා, එහෙනම් ගිහින් එන්නම්.🚩 අවසන් කොටසින් හමුවන තුරු ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. sachintha

      සහෝ මේක ඉවර කරලා Humans season 3 සබ් කරමුද? කොටස් 8ක් වගේ තියෙන්නේ....

    2. තරිඳු ගමගේ

      සමාවෙන්න සහෝ අළුත් වැඩකට අත ගැහුවා , එකත් ළඟදීම එනවා. (Money Hiest) අපේ සහෝදරයෙක් ඕකට සබ ගෙනේවී.

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Suranjan

    Thanks machan......jayawewa.....!

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Thushara Dammika Gallage

    thanks, hondata kara, ogoma yan

  6. harshani11112

    ස්තුති තරිඳු සහො ....

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. KUSAL LIYANAGE

    thanks,jaya wewa

  11. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Milinda Sadaruwan

    Thank you bro

  13. melinda

    thank you

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න