Watch Trailer

Six [S02 : E08] Sinhala Subtitles | යන්තං ඉවරයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න පහුවෙලා හරි සික්ස් කතාමාලාවෙ 8 වෙනි එපියත් අරගෙන මං ඔයාලට ගාවට ආව. ලහිරු සහෝ මේක කරන්න කියල ඉස්සල්ලම මගෙන් ඉල්ලුවම මුලින්ම මාත් පස්ස ගැහුව මොකද මාත් අධ්‍යාපන වැඩ අස්සෙ හිරවෙලයි හිටියෙ. පස්සෙ ඉතිං කොල්ලගෙ ඉල්ලීම අහක දාන්න බැරි හින්දම හිමීට හරි දෙන්නං කියල හිතාගෙන එපි 2ක් භාරගත්ත. .කො…

හරි එහෙනම් ඔන්න පහුවෙලා හරි සික්ස් කතාමාලාවෙ 8 වෙනි එපියත් අරගෙන මං ඔයාලට ගාවට ආව. ලහිරු සහෝ මේක කරන්න කියල ඉස්සල්ලම මගෙන් ඉල්ලුවම මුලින්ම මාත් පස්ස ගැහුව මොකද මාත් අධ්‍යාපන වැඩ අස්සෙ හිරවෙලයි හිටියෙ. පස්සෙ ඉතිං කොල්ලගෙ ඉල්ලීම අහක දාන්න බැරි හින්දම හිමීට හරි දෙන්නං කියල හිතාගෙන එපි 2ක් භාරගත්ත. .කොහොම හරි ඔන්න ඉතිං දවසට ලයින් 100 ගානෙ වගේ ගහල හිමීට හිමීට වැඩේ ගොඩ දාගත්තා. මං මේක කලාට මේකෙ සෑහෙන ගෞරවයක් හිමි වෙන්න ඕන ලහිරුට. මොකද එපිය අවුට් වුණ දා ඉඳල කරපං කරපං කියල මට වද දි දී මාව උනන්දු කලේ මෑන් තමයි. නැත්තං මට මේක මෙහෙමවත් දෙන්න වෙන්නෑ..ලිපිය පවා විභාග වැඩ අස්සෙ ලියල දුන්න ඉතිං. ඒකට නං විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන ලහිරුවෝ. කොහොම වුණත් ඔන්න මේ කතා මාලාවේ මගේ දායකත්වය මෙතනින් අහවරයි. මේ වෙනකල් වෙච්ච පරක්කුවට මං ඔයාලගෙන් සමාව ඉල්ලනව. ඊළඟ සතියේ ඉඳන් ඔන්න ඔයාලගෙ සුපුරුදු උපසිරැසකරු වෙඩි වගේ ඉක්මනට සබ් එක අරං එයි. දිගටම කතාවත් එක්ක රැඳී ඉන්න. පහල තියෙන්නෙ ලහිරු සහෝගෙ ලිපිය.

ඔන්න එහෙනම් SIX දෙවන සමයෙ 8 වෙනි කොටසත් අරගෙන තමයි මේ ඇවිත් ඉන්නෙ. අද කොටසට යන්න කලියෙන් කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ සීල් කණ්ඩායම මයිකල්වත් අරගෙන ඊලගට එන්න කියන තැනට යන්න පිටත්වුනා. ඔහොම ගිහින් කට්ටිය ගමකට කිට්ටු වුනා. මේ ගමේදි තමයි හුවමාරුව කරන්න කුමාරයා ලෑස්ති කරලා තියෙන්නෙ. ඉතිං ගමේ උදවිය කට්ටියට හොදට සලකමින් ඉන්න අල්ල පනල්ලෙ සීල් ටීම් එක ගම සෝදිසි කරනවා. ඔය අතරෙ තමයි මෙයාලට පහර දෙන්න කණ්ඩායමක් එන්නෙ. ඔය සටනෙන් ගමේ ප්‍රධානියා වගේ ඉදපු මනුස්සයා මැරෙනවා. සීල් ටීම් එකේ උදව්වත් එක්ක ඒ ආපු අයව පරාද කරන්න කට්ටියට පුලුවන්කම ලැබෙනවා. හැබැයි ඔතනදි ඒ ආව අයගෙන් කෙනෙක් මෙයාලා අල්ල ගන්නවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නෙ මේ අයව එවලා තියෙන්නේ කුමාරයා කියලා. ඒ මයිකල් සහා සීල් කණ්ඩායම මරලා ජීනව අරගෙන එන්න.

ඕවා ඔහොම වෙනකොට සුපුරුදු පරිදි ඇලෙක්ස් සහා එයාගෙ දුව අවි පුහුණුවෙ නිරත වෙනවා. දෙන්නා දැන් නම් කලින්ට වඩා සෑහෙන කිට්ටුයි. ඔහොම ඉද්දි තමයි ඇලෙක්ස් එකපාරටම කලන්තෙ දාලා වැටෙන්නෙ. ඊට පස්සෙ තමයි ඇලෙක්ස්ට මොකක්ද තියෙන ලෙඩේ කියලා අපිට දැනගන්න ලැබුනෙ.

සීල් ටීම් එක මයිකල් සහා ජීනා එක්ක ආපහු යන්න පටන් ගන්නවා. හැබැයි මයිකල් තනියම තමයි යවන්නෙ ඒ උණ්ඩ දෙකක් එක්ක තුවක්කුවක් දීලා. ඉතිං එතනින් එහාට වෙන්නෙ මොකද කියලා අද කොටසින් බලාගමු. එහෙනම් මම ගියා.

ජය වේවා!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,309 downloadsDownload SIIX-S02E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

5,309 downloadsDownload Subtitles23 KB

32 comments

  1. Thari_lakmal

    උපසිරැසියට ස්තූතියි සහෝ.! ජයවේවා

  2. Anjananavod

    THANKZZ

  3. priyan99

    thankss bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. tomben9999

    Thank you very much...

  6. ThusharaIndunilRathnayaka

    sub ekata thanks........!

  7. Suranjan

    Thanks machan.......jayawewa......!

  8. Buddi

    Thanks...........

  9. dimal

    බොහොම ස්තූතියි සහෝ..!`

  10. Lakshan

    Thanks Bro.

  11. Kanchana

    Thanx sahooo

  12. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  13. demon

    Thnkz bro

  14. Udith

    Digatama karamu machooo thakx.. bro

  15. Dileepa.nr

    බොහොම ස්තූතියි.........

  16. Udayaranasingha

    Thanks Mcn.

  17. harsh

    Mcmafia sinhala sub dandako bro

  18. Ayesh Prashan

    Thank You

  19. oshanmp

    ස්තුතියි මචං!

  20. kodagoda

    tnx sahoo

  21. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම දෙමු...මේ season එකෙන් ඉවරටම ඉවරයිනේ...

  22. jayan.vaishu

    ඩවුන්ලෝඩ් කරන්න බෑ.වෙනදා විදීහට තමයී ඩවුන්ලෝඩ් කරේ

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. rangika Kariyawasam

    තැන්කු අචින්තයා.නියම වැඩක්. ජය⁣වේවා.

  25. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  26. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  27. Lahiru W

    thhanksssssss brother

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. mindika

    Thanks !!!!!!

  30. suranuwan

    thanks...

  31. Dave

    Thanx broh

  32. MAALnath

    Thanks ................good luck ...................