Watch Trailer

Solo Leveling [S01 : E10] Sinhala Subtitles | මුදලට විකිණෙන දොරටු! [සිංහල උපසිරසි]

Solo Leveling [S01 : E10] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…

Solo Leveling Sinhala Subtitles

2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 10 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. මේ කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

Solo Leveling Sinhala Subtitles

සන්ග් ජින්වූ හොඳින් අඳුරන වැටලීම් සාමාජිකයන් කිහිප දෙනා වගේම දඬුවම ලිහිල් කරගන්න යොදපු හිරකාරයො තුන් දෙනෙකුත් එක්ක යන කන්ග් තයෙෂික් කියල කෙනෙක් සමඟින් ඩන්ජන් එකක් වටලන්න සන්ග් ජින්වූ යනවා. ඒත් ඒ ඩන්ජන් එක ඇතුලෙදි වෙන්නෙ කවුරුවත් හිතපු නැති වෙනමම දෙයක්. මුල ඉඳන්ම අමුතුම කෙනෙක් වුනු කන්ග් තයෙෂික් මේ වැටලීමට ආපු හැමෝවම ඝාතනය කරන්න පටන් ගන්නවා. හිරකාරයො තුන් දෙනා සහ සන්ග්ගේ වැටලීම් කණ්ඩායමේ හිටපු දෙන්නෙකුත් මේ කන්ග් විසින් ඝාතනය කරනවා. අන්තිමට කන්ග්ට ඉතුරු වෙන්නෙ ජින්වූ ඇතුළු තව දෙන්නෙක් විතරයි.

Solo Leveling Sinhala Subtitles

ඉතුරු වුනු දෙන්නත් එක්ක සටන් කරන අතරතුරේදි තමයි සන්ග් ජින්වූට මේකට මැදිහත් වෙන්නේ. කන්ග් සහ සන්ග් අතර කරට කර සටනක් සිද්ධ වෙනවා. ඒ අතරෙදි තමයි සල්ලි වලට මේ ඝාතනයන් කරපු කන්ග් තයෙෂික් කියල කියන්නෙ ඝාතක වර්ගයේ හන්ටර් කෙනෙක් කියල පැහැදිලි වෙන්නෙ. කන්ග් කියන්නෙත් ලොකු බලයක් වගේම ශක්තියක් තියෙන B නිලයේ හන්ටර් කෙනෙක්. අන්තිමේදි කොහොම හරි ලොකු පුදුම කිරීමක් එක්ක කන්ග් තයෙෂික්ව පරද්දන්න සන්ග් ජින්වූට හැකියාව ලැබෙනවා. ඒ කියන්නෙ B නිලයේ ඉන්න ඝාතන වර්ගයේ හන්ටර් කෙනෙක් එක්ක වුනත් හැප්පෙන්න හැකියාවක් ජින්වූට තියෙනවා.

Solo Leveling Sinhala Subtitles

හරියටම බැලුවොත් ජින්වූ දැන් එයාගෙ ජීව්තේට ලොකු තර්ජනයක් වුනු ව්‍යසන තුනකින් බේරුනා. ඒත් ඒ කොහොමද කියන එක කිහිපදෙනෙක්ට ඇරෙන්න සැබෑ ලෝකෙට නම් ලොකු ප්‍රශ්නයක්. මේ රහසත් රකින ගමන් තවත් ඩන්ජන් වටලන්න ජින්වූට පුලුවන් වේවිද? මීළඟට ජින්වූගෙ ඉස්සරහට එන්නේ කවුද? එයාගෙ මේ හැකියාව තව කොච්චර කාලයක් හංගන්න පුලුවන් වේවිද? බලන්න එහෙනම් මොකද වෙන්නෙ කියලා. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපි දැන් Solo Leveling පළමු කතා සමයේ අවසානයට ළං වෙලයි ඉන්නෙ. එහෙනම් මීළඟ සතියෙදි 11 වන කොටස තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : What Is This, A Picnic?

Aired  Date : 2024.03.16

IMDB Rating : 9.1 (2024.03.18)

Solo Leveling Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,003 downloadsDownload Solo-Leveling-S01-E10-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Sinhala Subtitles

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

7,003 downloadsDownload Subtitles16 KB

4 comments

  1. Anonymous

    Ep eka thama nane download karanna

  2. Akila Dilhara

    Thanks for Sub

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...