Watch Trailer

Solo Leveling [S01 : E09] Sinhala Subtitles | අන්ධකාරයේ ගිලුනු ඝාතකයා [සිංහල උපසිරසි]

Solo Leveling [S01 : E09] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…

Solo Leveling Sinhala Subtitles

2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 9 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. මේ කොටස අරන් එන්න ප්‍රමාද වුනා. ඒත් කොහොමහරි මීළඟ කොටස නිකුත් වෙන්න කලින් අරන් එක එක වැදගත් නිසා මේ කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

ජීවයේ අමෘතය සොයා ගැනීමේ ඉලක්කය මුල් කරගෙන තව තවත් ලෙවල් වලින් ඉහළට යාමේ අරමුණින්, තව තවත් ශක්තිමත් වීමේ අරමුණින් වගේම තව තවත් බලවත් වීමේ අරමුණින් දිගටම ඩන්ජන් වැටලීම් වලට සහභාගී වෙන්න සන්ග් ජින්වූ හිතනවා. ඒ අනුව කලින් ඩන්ජන් වැටලීමකදී මුණ ගැහුනු යූ ජින්හෝගේ ඩන්ජන් දහනවයක් වැටලීමේ යෝජනාවටත් එකඟ වෙනවා. ඒ අතරේ වෙනත් ඩන්ජන් එකක් වටලන්න යන්න ජින්වූට ඉඩ ලැබෙනවා. ඒ කණ්ඩායමට කාටෙනන් දෙවොලෙදි ජින්වූ කරපු පරිත්‍යාගය නිසා ජීවිතේ බේරගත්තු අය වෙන, ජින්වූගේ පරණ කණ්ඩායම් සාමාජිකයනුත් එකතු වෙනවා. ඒ වගේම හන්ටර්ලගෙ සංගමයේ කන්ග් තයෙෂික් කියල කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ හිරකාරයො තුන් දෙනෙකුත් මේ වැටලීමට එකතු වෙනවා.

හිරකාරයො මේ වැටලීමට එකතු වෙන්නෙ ඇයි? කන්ග් තයෙෂික් කියල කියන්නෙ කවුද? මේ වැටලීම මොන විදිහේ එකක් වේවිද? ඩන්ජන් එක ඇතුලෙදි මොකක් වේවිද? තවත් බොස් සටනක් අපිට දකින්න ලැබේවිද? ජින්වූ නිසා පණ බේරගත්තු සාමාජිකයො මේ වැටලීමෙදි කොහොම ප්‍රතිචාර දක්වයිද? මේක හරිම උද්වේගකර කොටසක් කියල කියන්න පුලුවන්. ඒ වගේම සන්ග් ජින්වූගේ අපි මීට කලින් නොදැකපු බලයකුත් මේ කොටසෙදි අපිට දකින්න ලැබෙනවා. ඒක ටිකක් Jujutsu Kaisen හි අපිට දකින්න ලැබුනු Domain Expansion එකකට සමානයි කියලත් කියන්න පුලුවන්. බලන්න එහෙනම් මොකද වෙන්නෙ කියලා.

අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි 10 වන කොටස තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : You’ve Been Hiding Your Skills

Aired  Date : 2024.03.09

IMDB Rating : 9.2 (2024.03.14)

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,011 downloadsDownload Solo-Leveling-S01-E09-Sinhala-Subtitles.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1Next BT1

Subtitles

7,011 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Kamal

    Sousou no frieren anime ekatath sub dennako

  2. Akila Dilhara

    Thanks for Sub...

  3. Tharusha

    Sub වලට thanks brother ❤️

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.