Watch Trailer

Solo Leveling [S01 : E12] Sinhala Subtitles | මළවුන්ගේ සෙවණැලි කැදවන “නෙක්‍රොමන්සර්”! [සිංහල උපසිරසි]

Solo Leveling [S01 : E12] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…

Solo Leveling Sinhala Subtitles

2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 12 වෙනි කොටස හෙවත් අවසාන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. සැබවින්ම මේක ලෝකෙම පාහේ Anime Community එකේ Most Anticipated ම ඇනිමෙ එක තමයි කියන එක මේ වෙනකොටත් පැහැදිලි වෙලා ඉවරයි. කතාවට උපරිම සාධාරණය අරන් එන්න A-1 Pictures ස්ටූඩියෝ එක සමත් වුනා කියල කිව්වොත් ඇත්තටම හරි. ඒ වගේම තමයි Hiroyuki Sawano ගේ Music එක්ක ගෙනාපු තේමා ගීතයත්. මේ රූප සහ ශබ්ද කියන සාධක දෙකේ සුසංයෝගයෙන් මේ දකුණු කොරියානු කතාවට විශිෂ්ට විදිහට පණ දෙන්න සමත් වුනා කියන එක සැක නැතුවම කියන්නම ඕනි දෙයක්. මේ වෙනකොට Solo Leveling පිළිබඳව නිකුත් වෙන හුවමාරු වෙන දේවල් දැක්කම මේ ඇනිමෙ එකට ලැබුනු ප්‍රතිචාරය හිතාගන්න පුලුවන්. ඉතින් එවන් ඇනිමෙ එකක් ගැන ලොකු විස්තරයක් ගේන්න මම බලාපොරොත්තු වෙන්නේ නම් නෑ. මොකද කතාව මුල ඉඳන් නරඹපු ඔයාලා මේ කතාව මොන වගේද කියන එකට සාක්ෂි සපයාවි.

මුළු මනුෂ්‍ය වර්ගයාගේම දුර්වලම හන්ටර් විදිහට නම් ලබපු සන්ග් ජින්වූ, කාටෙනන් දෙවොලේ සිද්ධ කරපු පරිත්‍යාගයෙන් පසුව නැවත අවධි වෙන්නේ කිසි කෙනෙකුටවත් ලැබෙන්නේ නැති මහත් බලයක පළමු පියවරේ සිටයි. එතැන් පටන් ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර බලවත් වෙන සන්ජ් ජින්වූ තමාගේ හැකියාවන් සමාජයෙන් වසන් කරද්දී, ඒ බලයම තමාගේම ජීවිතය වගේම මරණයත් තීරණය කරනවා. බලය ශක්තිය වෙනුවෙන් යන මේ ගමනේ තවත් එක් ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් තමයි මේ අවසාන කොටසින් දකින්න ලැබෙන්නේ. ඒක ජින්වූට වගේම අපිටත් අලුත්ම දෙයක්. බලන්නකො එහෙනම් මේ අවසාන කොටසින් මොකද වෙන්නෙ කියලා. කිව්වත් වගේම බොහොම කෙටි විස්තරේකින් Solo Leveling වෙත තාවකාලිකව සමු දෙන්නයි මේ සූදානම.

හොඳම ආරංචිය තමයි මේ අවසාන කොටස නිකුත් වී අවසන් වෙද්දිම Solo Leveling Season 2 නිළ වශයෙන් නිවේදනය කරපු එක. හැබැයි නිකුත් වෙන්නේ කවදාද කියන එක ගැන වගේම වැඩිදුර තොරතුරු තවම දැනුම් දීලා නම් නෑ. ඉතින් අපි බලාපොරොත්තුවෙන් ඉමු. මේ Solo Leveling උපසිරැසි මාලාව ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් ඇනිමෙ එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. එතෙක් හැමෝටම Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Arise

Aired  Date : 2024.03.30

IMDB Rating : 9.1 (2024.03.31)

Solo Leveling Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,760 downloadsDownload Solo.Leveling-S01E12.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Sinhala Subtitles

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

6,760 downloadsDownload Subtitles14 KB

10 comments

  1. Nadun

    Thanks. Ilagata Vinland saga dennako

  2. Sahan Sandaru

    Thanks

  3. Anonymous

    supiri

  4. damon

    super

  5. Akila Dilhara

    Thanks for Sub...

  6. Sadun perara

    Plz vinland saga anime series ek sub dennko plzz

  7. Sadun perara

    Plz vinland saga anime series ek sub dennko plzz

  8. Akash sandaru

    Vinland saga dennkoooo

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...