Watch Trailer

Solo Leveling [S01 : E11] Sinhala Subtitles | සිංහාසනයේ හිඳි නයිට්වරයා! [සිංහල උපසිරසි]

Solo Leveling [S01 : E11] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…

Solo Leveling Sinhala Subtitles

2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් ඒ අනුව අපි දැන් Solo Leveling Season 1 හි අවසානයට හුඟක්ම ළං වෙලයි ඉන්නේ. මේ කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

B නිලයේ ඝාතක හන්ටර් කෙනෙක් වුනු කන්ග් තයෙෂික් එක්ක සිද්ධ වුනු අතිශය වේගවත් සටනින් පස්සෙ සන්ග් ජින්වූ තමන්ගේ ලෙවල් වලින් තවත් ඉහළට යනවා. ඒ අනුව ජින්වූගේ මේ හැකියාව ගැන දැනගන්නෙත් දෙන්නෙක් විතරයි. යූජින් කන්ස්ට්‍රක්ෂන් අධිපතිගේ බාල පුතා වෙන, කලින් දවසක වැටලීමකදී මුණගැහුනු යූ ජින්හෝගේ යෝජනාව අනුව ජින්වූ C නිලයේ ඩන්ජන් 19 වැටලීම ආරම්භ කරනවා. ඒත් ජින්වූගේ කොන්දේසිය අනුව නීතියෙන් අඩුම තරමින් සාමාජිකයින් 8 ක් අවශ්‍ය වෙන මේ වැටලීම් වලට සහභාගී වෙන්නේ ජින්වූ සහ ජින්හෝ විතරමයි. ඉතින් මේ දෙන්නා ඩන්ජන් එක සුද්ද කරල එනකල් අනිත් අය එළියට වෙලා නිදහසේ ඉන්න එක තමයි කරන්නේ. මේ අතරතුරේදි තමයි තවත් එක්කෙනෙක් ඩන්ජන් එක්ක ඩීල් එකක් දාන්න ජින්වූව මුණ ගැහෙන්නෙ. වැටලීම් වෙනුවෙන් යූජින් කන්ස්ට්‍රක්ෂන් එකේ ජින්හෝ ගෙවන ගානට වඩා වැඩියෙන් ගෙවන්නම් කියන පොරොන්දුවට ඩන්ජන් විකුණන්න මේ කෙනා ජින්වූට අදහස ඉදිරිපත් කරනවා. ඒත් අන්තිමේදි කිසිම මහන්සියක් නැතුව උප්පරවැට්ටියකින් මේ යෝජනාවට වඩා ලොකු ලාභයක් එක්ක ගණුදෙනුව කරගන්න ජින්වූ සමත් වෙනවා. ඒකෙන් ජින්වූ සහ ජින්හෝ දෙන්නම ලොකු ලාභයක් ලබනවා. අන්න එහෙම සල්ලිවලටත් දොරටු විකිණෙන වැඩේ සිද්ධ වෙනවා.

දැන් ආපහු ලෙවල් වලින් ඉහළට ගිහින්, ජීවයේ අමෘතයට ඕනි අමුද්‍රව්‍ය තුන හොයන්න යක්ෂ බලකොටුවට යන එක තමයි තියෙන්නෙ. ඒ අතරෙදි තමයි ජින්වූට තවත් කුවෙස්ට් එකක් එන්නේ. මේකට කියන්නෙ “Job-Change Quest” කියලයි. මං මේකට “කාර්ය වෙනස් වීමේ කුවෙස්ට්” එක කියල උපසිරැසියට ඇතුළත් කරල තියෙනවා. ඒකෙදි වෙන්නෙ කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු අමුතුම දෙයක්. අමුතුම හැඟීමක් දෙන භයානක දෙයක්. කොටින්ම කිව්වොත් ඩන්ජන් බොස්ට කලින් එන අයත් අමාරුකාරයො වෙන ජාතියේ එකක්. මොකක්ද ඒක? ඒ වගේම Solo Leveling හි Opening Theme එකේදි දකින්න ලැබෙන සටනක් තමයි මේකෙදි අපිට දකින්න ලැබෙන්නෙ. ඒ වගේම ඒක හරිම උද්වේගකර ත්‍රාසජනක වේගවත් සටනක් කියල කිව්වොත් හරි. ඒ වගේම ඒක තමයි පෙර නොවූ විරූ දෙයක ආරම්භය. නරඹන්න එහෙනම් මේ කොටස. බලන්න එහෙනම් මොකද වෙන්නෙ කියලා. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපි දැන් Solo Leveling පළමු කතා සමයේ අවසානයට හුඟක්ම ළං වෙලයි ඉන්නෙ. එහෙනම් මීළඟ සතියෙදි 12 වන කොටස හෙවත් අවසාන කොටස තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : A Knight Who Defends an Empty Throne

Aired  Date : 2024.03.23

IMDB Rating : 8.4 (2024.03.23)

Solo Leveling Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,021 downloadsDownload Solo-Leveling-S01-E11-Sinhala-Subtitles.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Sinhala Subtitles

 

All BT1Next BT1

Subtitles

7,021 downloadsDownload Subtitles13 KB

8 comments

  1. Shenal

    Thanks aiye

  2. Akila Dilhara

    Thanks for Sub...

  3. Mahinsa Nethmina

    Subtitle ekata godak tnx. Baiscope eke subtitles thama hodama

    1. Sandew

      12 one

  4. Anonymous

    Monster 2004 anime series ekth sub dennko

  5. Chamod sathsindu

    Monster 2004 anime series ekth sub dennko

  6. hemal

    meka maru.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.