Solo Leveling Season 02 Sinhala Subtitles අතිශයින් ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 2 වෙනි කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Season 2 හි ආරම්භය හරිම උද්වේගකර වගේම හරිම බලවත් විදිහට සිද්ධ වෙන විදිහ අපිට බලාගන්න පුලුවන් වුනා. ඒ වගේම Opening Theme…
Solo Leveling Season 02 Sinhala Subtitles
අතිශයින් ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 2 වෙනි කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Season 2 හි ආරම්භය හරිම උද්වේගකර වගේම හරිම බලවත් විදිහට සිද්ධ වෙන විදිහ අපිට බලාගන්න පුලුවන් වුනා. ඒ වගේම Opening Theme එකෙන් අරන් ආපු රසය Solo Leveling එකටම ආවේණික බව ඉස්මතු කළා. ඉතින් Solo Leveling Season 2 කිසිසේත්ම රසික බලාපොරොත්තු කඩ කළේ නෑ වගේම සුපුරුදු ගුණාත්මක බවින් යුතු ආරම්භයක් ගත් බව අපිට කියන්න පුලුවන්.
අලුත් ඩන්ජන් වැටලීමකට යන සන්ග් ජින්වූ සහ ප්‍රහාරක කණ්ඩායම, ඒ ඩන්ජන් දොරටුව එකවරම රතු දොරටුවක් බවට පරිවර්තනය වීම නිසා නොසිතූ නොවිරූ දේවල් ගණනාවකට මුහුණ දුන්නා. පිටතින් උදව් ගන්න බැරි, කොටින්ම ඇතුල් වුනු අයට ඩන්ජන් බොස්ව පරාජය කරන කල් හෝ ඩන්ජන් එක විසින්ම වැසී යන කල් එළියට එන්න බැරි විදිහේ දොරටු තමයි මේ රතු දොරටු කියල කියන්නෙ. මේවායේ ඉන්න මැජික් මෘගයන් සාමාන්‍ය මැජික් මෘගයන්ට වඩා බලවත් වෙනවා. ඉතින් සන්ග් ජින්වූට එදිරිව කණ්ඩායමේ ඉන්න තවත් ඉහළ නිලයක කෙනෙක් කණ්ඩායම දෙකට බෙදනවා. ජින්වූගේ කණ්ඩායම ජින්වූ නිසා මෘග ප්‍රහාර ගණනාවකින් බේරෙනවා. ඒත් අනිත් කණ්ඩායමේ නායකයා ඇරෙන්න හැමෝම නොසිතූ විදිහට මැරෙනවා. බලවත් සන්ග් ජින්වූට දැන් තියෙන්නෙ Boss Fight එකට මුහුණ දෙන එක.
Boss Fight එක කොහොම සිද්ධ වේවිද? ඒ වගේම අනිත් කණ්ඩායම් නායකයා මොනවා කරාවිද? රතු දොරටුවෙන් එළියට එන්නේ කවුද? තවත් උද්වේගකර බලවත් කොටසක් තමයි මේ එන්නේ. එහෙනම් නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 3 වෙනි කොටසින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : I Suppose You Aren’t Aware
Released Date : 2025.01.11
IMDB Rating : 9.5

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,384 downloadsDownload Solo-Leveling-S02E02.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Isuru Sandaruwan
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
abhiamn
me baiscopedownloads ekata season 2 ep 2 ekath dahanko ikmanata
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you sudda